අයි. පී. එල්. තරගාවලියේ 52 වැනි තරගය ලෙස දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල සහ රාජස්තාන් රෝයල්ස් පිල අතර අද (7 වැනිදා) පැවති තරගයේදී දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල පරදවා කඩුලූ 9 ක ජයක් ලබාගැනීමට රාජස්තාන් රෝයල්ස් පිල සමත්විය.
මෙය මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල ලැබූ 9 වැනි පරාජයයි. දිල්ලි පිල තරග 12 කට සහභාගීවී ඉන් ජයගෙන ඇත්තේ තරග 3 ක් පමණි.
රාහුල් ද්‍රාවිඞ් (53) සහ තරගයේ වීරයා බවට පත්වූ අජින්ක්‍යා රහනේ (නොදැවී 63) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 82 කදී ලකුණු 108 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් තම පිල ජයග‍්‍රහණය කරා රැගෙන ගිය අතර පන්දු 14 කින් හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් වේගවත් ලකුණු 28 ක් රැස්කළ ශේන් වොට්සන් ජයටැඹ පසුකරමින් තම පිල කැඳවාගෙන ගියේය.
පන්දු 31 කට මුහුණ දුන් දිල්ලි පිලේ නායක මහේල ජයවර්ධන හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 34 ක් රැස්කළේය.
දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල ඕවර 20 කදී කඩුලූ 4 ට 154
(මහේල ජයවර්ධන 34, විරේන්ද්‍ර සෙවාග් 11, ඬේවිඞ් වෝනර් 13, බෙන් රෝරර් නොදැවී 64, කේඩාර් ජාදව් නොදැවී 23)
රාජස්තාන් රෝයල්ස් පිල ඕවර 17.5 කදී එක් කඩුල්ලකට 155
(රාහුල් ද්‍රාවිඞ් 53, අජන්ක්‍යා රහනේ නොදැවී 63, ෂේන් වොට්සන් නොදැවී 28)
(*)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහර දෙන්න තෝරගත්තට වෙඩක් තියේවිද?? මහේල මුල් ඕවරේම යනවනේ?(ස)
සිනමා ලෝකයේ බොළඳ වර්ෂන් එක හින්දි ෆිල්ම්. අවසාන මොහොතේ දුෂ්ටය පරදිනවා කොල්ල අනිවාර්යෙන්ම දිනනවා. ක්‍රිකට් වල හින්දි ෆිල්ම් එක අයි.පී.එල්. මේවා ක්‍රිකට් නාට්‍ය. කොල්ලගේ ටීම් එක අවසානේ අනිවාර්යෙන්ම දිනනවා. කොල්ල දුවනවා පනිනවා විකට් එකක් ගත්තහම් බදා ගන්නවා ප්‍රතිවාදීන්ට බනිනවා . මාර වැඩ තියෙන්නේ. අවසානේ දුෂ්ටයා පරදිනවා. මට දුක අයි.පී.එල්. වල දුෂ්ටයන්ට ඉන්නේ අපේ කට්ටිය. (නි)
මහේලගේ දිල්ලි පිල කියල දාන්නේ ඇයි. ඔය සේරම ඇවිත් කියයි අපි අයි.පී.එල් ගැහුවද කියලා අපිට මතක නැහැ කියලා. එහෙමත් නැත්නම් කියයි ජයලිලිතා මැඩම් කොක්ක ඇද්ද නිසා අපි සේරම කතාවෙලා ඔය ගහන්නම් වාලේ ගැහුවා. අපි අපේ හොඳ ක්‍රීඩා විලාසය පෙන්නුවේ නැහැ කියලා.(නදී)