රජරට විශ්ව විද්‍යාල පාලකයින් අසාධාරණ ලෙස සිසුන් මර්දනය කරමින් සිසුනට නිදහස් අධ්‍යාපනය අහිමි කිරීමේ වැඩපිළිවෙළක් රජය හා එක්ව ගෙන යතියි එහි සිසුහු අනුරාධපුර නගරයේ අද සවස උද්ඝෝෂණයක් කළහ.
සිසුන් පාරේ රැස්වීමක් පවත්වද්දී කැරැලි මර්දන පොලීසිය එහි පැමිණියේය.දෙපාර්ශවය අතර උණුසුම් තත්ත්වයක් හට ගත්තේය.
සිසුන්ගේ ශබ්ද විකාශන යන්ත්‍රයක් සවි කළ වාහනයක් අත්අඩංගුවට ගැනීම සහා පොලීසිය එම වාහනය ලුහු බැන්දේය .ඒ සමග උද්ඝෝෂණය අවසන් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශිෂ්‍ය අරගලවලට මොනම දේශපාලන පක්ෂයක් වත් හොඳින් හෝ නරකින් අත ගැසිය යුතු නැහැ. ජ.වී.පෙ ට බලයක් තියන නිසා ශිෂ්‍ය අරගල පිටුපස නොසිටින්න එම පක්ෂය වග බලා ගත යුතුවනවා (දී)
ඉගෙනගෙන රටට වැඩක් කරන්නේ නැතුව මුන් මොනවාද මේ කරන්නේ මුන්ට පිස්සු.වෙන වැඩ නැතුවට (අ)
මට දැන් මේවා දකිනකොට හිතෙන්නේ අපි ඒ කාලේ කරපු මෙවැනි දේ නිසා අපේ වටිනා කාලය මුළුමණින්ම විනාශවෙලා ගියා නේද කියලයි. අපි පිටුපස ඉන්න අපිත් නොදන්නා කණ්ඩායමක් වෙනුවෙන් අපි ඇස් වහං දරදිය ඇද්දා. මෙයලටත් ඕක කවදාහරි තේරෙයි. (දිල්)
සිසු උද්ඝෝෂණ හැම එකක්ම ප්‍රතික්ෂේප කිරීම සාධාරණ නැහැ. මේ කට්ටියගේ ප්‍රශ්නය සාධාරණ එකක්. බලධාරීන් අත්තනෝමතික ලෙස සිසුන් පන්ති තහනම් කිරෙමත් එට විරෝදය දැක්වීම නිසා තව කට්ටිය සිසු භාවය අහෝසි කිරීමත් ඉතාමත් අසාධාරණ බව කියමි. (දිල්)
උද්ඝෝෂණ පවත්වන්න පුළුවන් රජයේ අයට විතරද?(දිල්)
කොනක ඉඳන් ගහන්න රාලහාමි. (නදී)
ඉගෙන ගන්න ආවානම් ඉගෙන ගන්න. බොරු උද්ඝෝෂණ, පිකටින්, ස්ට්‍රයික් කිරීමෙන් නාස්ති කරන්නේ දෙමාපියන්ගේ සල්ලි. ලංකාවේ සල්ලි වියදම් කරලා ගන්න පුළුවන් උපාධි ගොඩක් තියෙනවා. ඔක්කොම නවත්වන්නේ කොහොමද? කරනවානම් ඔක්කොම නවතා පිටරට උපාධි අරගෙන එන අය පවා නවත්තන්න ඕනේ. එහෙමයි හැම ක්ෂේත්‍රයකටම සාධාරණය ඉෂ්ට වෙන්නේ. විශ්ව විද්‍යාල වල තියෙන නිදහස මහා වල් බූරු නිදහසක්. එහි අනිටු පල අප ඉදිරිපිටම දකින්න පුළුවන්. ජාතියට හොඳ ඥානවන්ත පරපුරක් බිහි කිරීමට නම් මෙම වල්බූරු නිදහස සීමා කල යුතුයි. විශ්ව විද්‍යාලයෙන් ගත හැකි නියම ප්‍රයෝජනය ගත හැකි වන ලෙස නීති රීති සකස් කල යුතුයි. මෙය ශිෂ්‍යන්ට පමණක් නොව, ගුරුවරුන්ටත්, විශ්ව විද්‍යාල සේවකයන්ටත් පොදු විය යුතුයි. නවක වදය, වාත කිරිම සහ මුලින් නවතා දැමිය යුතුය. සමහර පීඨ වල කෙරෙන නවක වද නැවත කතා කිරීමට පවා අප්‍රසන්නයි. හිරිකිතයි.(නදී)
පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කළ යුතුයි.සල්ලි ගියත් කිසි ගැටලුවක් නැතිව ඉගන ගන්න පුළුවන්..(දිල්)
මිනිස්සුනගේ භෞතික දියුණුව විතරක් හිතල වැඩ කරල රටක් සංවර්ධනය වෙනවයි කියනවා නම් ඒක විහිලුවක්. රටේ අධ්‍යාපන අයිතිය අදහස් පල කිරීමේ අයිතිය වගේ මානව අයිතීන් තියෙන්නෙ ඉතාමත්ම පහළ තැනට හැම විශ්ව විද්‍යාලයකම තත්වෙ ඔය වගේ තමයි පාලකයින් තමන්ගෙ අවශ්‍ය දේවල් රිසි සේ සකසා ගත්තත් ඒ අය හිතන් නැති එකම දේ තමයි ඒ අයගේ පැවැත්ම තියෙන්නෙත් ගෞරවයක් හිමි වෙන්නෙත් සිසුන් නිසා කියන එක කවදාවත් ඒ අයට පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් ගෞරවයවත් වටිනාකමක්වත් ලැබෙන්නෙ නෑ. ඒක පාලකයින් තේරුම් ගත යුතුයි. මේ අරගලය සාධාරණයි පදනමක් නැතිව මේ වගේ අරගලයක් පැන නගින්නේ නැහැ.(නදී)
හැමොටම තමන් වැරදියි කියලා පෙනෙන්නේ කැමිපස් එකෙන් එළියට ආවම. මේ ළමයි කියන්නේ ඇත්ත. රජරට විශ්ව විද්‍යාලය මධ්‍ය මහ විද්‍යාලයක් වගේ අඩු පහසුකම්. නිකමට ඇවිල්ලා බලන්ඩ, ඒත් මේ රටේ චොගම් වලට , හින්දි නලු නිලියො ගේන්ඩ, කමකට නැති වැඩ වලට නැති කරන සල්ලි මේ ළමයින්ට නේවාසිකාගාරයක් හදන්ඩ ගත්තා නම් වටිනවා නේද, හැමෝම හිතන්නේ ළමයි හැමදාම වැරදි කාරයො කියලා.(නදී)
නගරයට ඇවිත් තියෙන්නේ කැලේ ඉඳලද ? මට නම් පෙන්නේ සිසුන් පිරිසක් නොව රස්තියාදු කාරයෝ ටිකක් වගේ.(අ)
ගුටි කකා හරි මේ ළමයි තමයි ලංකා මාතාවගේ අගය වැඩිකරන්නේ. සුවඳ දසත පතුරවන්නේ.(නදී)