නියර රහින යන්ත්‍රයක් නිපදවා ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ පැවැති ඉන්ටෙල් ජාත්‍යන්තර නව නිර්මාණ ප්‍රදර්ශනයේ දී විදුලි කාර්මික අංශයේ ලෝකයෙන්ම පළමු වැනි යා බවට පත් වූ ගලෙන් බිඳුණු වැව දිනේෂ් පුබුදු කපුගේ සිසුවාට දකුණු කොරියා විශ්ව විද්‍යාලයයෙන් වසර තුනක ශිෂ්‍යත්වයක් පිරිනමා ඇත.
මුල් වසරේ කොරියා භාෂාව ඉගෙනීම සඳහා ගෙවිය යුතු ගාස්තුව වන රුපියල් හය ලක්ෂයක් පමණ මුදල ගෙවීමට කොරියාවේ පදිංචි ශ්‍රී ලාංකික පරිත්‍යාශීලියෙක් ඉදිරිපත් විය.
නම හෙළි නොකළ ඔහු එම මුදල ගෙවූ රිසිට්පත පුබුදු කපුගේට එවීය.
එම ශිෂ්‍යාට මුල් වසරේ සරසවි ගාස්තු සායා ගැනීමට ඇති අපහසුව ගැන රංගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලියෙන් විකාශය කළ වැඩසටහන ඇසූ කොරියාවේ ශ්‍රී ලාංකිකයා එම මුදල ගෙවූ බව රංගිරි දඹුලු ගුවන්විදුලියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය දානියාගම ආනන්ද හිමියන්ට ද දැන්වීය.
කපුගේ ලබන 10 වැනි දා කොරියාවට යෑමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මල්ලිට ජයවේවා. හැබැයි අපේ රට අමතක කරන්න නම් එපා. පරිත්‍යාග ශීලී මහතාට දේව බලයෙන් තවතවත් වැඩි වැඩියෙන් ලැබේවා. (ත)
ශිෂ්‍යත්වයක් කොරියාවෙන් දුන්නනම් එකේ විදම් දරන්නේ එය ප්‍රධානය කල ආයතනය වේ. අමතර මුදල් සියතින් වියදම් කරනවා කියල අහපු පළමු වතාව මේ (දී)
මෑත කාලයේ හුගක් නවනිපයුම් කල බවට වාර්තාවෙන්නේ කල හෝ වාණිජ විෂය ධාරා හදාරපු අයය මේකෙන් පෙන්නේ විෂය ධාරාවන්ට තෝරාගැනීමේ ප්‍රස්නයක් තිබෙන බවයි (දී). .
අනිවාර්යයෙන් දුක් මහන්සියෙන් හම්බකරපු කෙනෙක් වෙන්න ඕනි මේ පරිත්‍යාගශීලි මහත්තය සල්ලි තියන මිනිස්සු ඔහොම වැඩ කරන නැ. නැති කෙනෙක්ට දෙන්න හිතෙන්නේ ඒ දුක දන්නා අය විතරයි. (දී)
මුළු රටටම ආඩම්බරයක් (දිල්)
ඇත්තටම ඔබ අපිට ලොකු ආඩම්බරයක් (දී)
ඔබට දෙවියන් වහන්සේගේ ආශීර්වාදය ලැබේවා . උදව්කරපු සැමට පිං (දිල්)
මෙතන තියෙන යථ තත්ත්වය කුරුත් අවබෝදකරගෙන නැහැ . කොරියාව මෙතන කරලා තියෙන්නේ උපක්‍රමයක් සල්ලි දුන්නේ කොරියා රජය . දිනේෂ්ට කරන්න වෙන්නේ එහා ගිහින් තමන්ගේ දැනුම පාවිච්චි කරලා මවගේ යන්ත්‍ර නිපදදවල එටපස්ස කොරියා නම් දල අපිටම එවනවා . (අ)
කපුගේ ශිෂ්‍යයා ඉතාමත් දක්ෂ නිර්මාණක ශක්තියක් ඇති දරුවෙක් බව ඔහු විසින් නිපදවන ලද නියර රහින යන්ත්‍රයේ උපකරණවලින් මට අවබෝධ විය. දකුණු කොරියා සරසවියේදී ඔබ ලබන උසස් අධ්‍යාපනය මැදින් ඔබේ දක්ෂතාවන් තවදුරටත් ප්‍රගුණ කර ගැනීමට හැකි වේවා! මගේ සුභ පැතුම්! (දී)
උපතින්ම ලැබුණු පෙනුම ඔයාගේ උගත්කම පෙන්වනවා දරුවෝ. ඔය අපේ රටට සම්පතක් වෙන්ට. මගෙත් සුභ පැතුම්. (දී)
මේ දරුවානම් ඉතා වාසනාවන්ත අභීතයෙක්. නම හෙළි නොකළ ඒ නිශ්ශබද පරිත්‍යාගශීලියා ට හදවතේ ගැඹුරුම තැනින් ගව්රවය පුද කරමින් හිසනමා ආචාර කරමි. (දී)
ඇත්තටම ගොඩක් සතුටුයි.අපේ රටේ දක්ෂයන්ට වෙන රටකින් හරි සහනයක් ලැබෙන එකට.හදවතින්ම සුභපතනවා (අ)
ඔබේ ඉදිරි ගමනට අපෙන් සුබ පැතුම් (දී)
සුභ ආරංචියක්. හැමදාම ලංකාවේ පුවත් පත් ටික කියවන විට ඇතිවෙන්නේ සංවේගයක් හොරකම්,දූෂණ,මැර,ඝාතන,ගණිකා,නොයෙකුත් අකටයුතුකම්.දයාව මෛත්‍රිය කරුණාව ත්‍යාගය දියාරුවෙලා ඒ වගේම සත්පුරුෂයින්ද නැතුවාම නෙවේ.ඔබට බොහොම පිං. රංගිරි දඹුලු ගුවන් විදුලියේ සදහම් දීපනී,පටිභා ඉතා වටිනා වැඩ සටහන්.බුදු දහම සතර බ්‍රහ්ම විහරණ යන ව්‍යවහාරය මව් පියන් උදෙසා යොදන්නේ දරුවා කේන්ඳ්‍ර කරගෙන මව් පියන් සිත් තුළ දරුවා කෙරෙහි මිතුරු ආකල්පයත්,දරුවාගේ දුක නොකැමැති වීමත්,දරුවාගේ සැප කැමති වීමත්,දරුවා කෙරෙහි මැදිහත්ව සිටිමත් සලකා ගෙනය.සාමන්‍ය පුහුදුන් සමාජය තුළ බ්‍රහ්ම විහරණය යම් තරමකින්හෝ දැක ගත හැක්කේ දරුවන් කෙරෙහී මව්පියන් තුලය.සාමන්‍ය සෙසු සමාජ සම්බන්ධතා අතර මේ ගුණ සතර දැකීම අසීරුය.එබැවන් සසර තතු දැන රූප,අරූප භව හා නිබ්බාන තත්ත්වය හමුවෙහි කාම භවයේ අතිරේක බව දැකිමේ සම්‍යක් දෘෂ්ටියට පැමිණේ නම් බඹ විහරණ සහිත සමාජ සම්බන්ධතාවක් අපේක්ෂා කල හැකි වෙයි. (දී)
දිරිය පුතුනේ ඔබට දිගු ගමනක් යන්න අපගේ ආශීර්වාදය. (අ)
ඔබට ජය ශ්‍රී (දී)
සුභ පැතුම්! ඔබේ දක්ෂතාවන් තවදුරටත් ප්‍රගුණ කර ගැනීමට හැකි වේවා! (දී)
එයා කරපු නිර්මාණය කවුද නිපදවන්නේ? ඇමරිකාවට අයිතිවෙනවද ඒක? මේ ගැනත් දන්නා අය හොයල බලලා උදවු කරන්න. එතකොට මෙයාට ඕනේ තරම් සල්ලි හොයාගෙන පවුලම දියුණුව ලබන්න පුළුවන්? (දී)
මෙවැනි පුතුන්ට උදව්කරලා රටේ දියුණුවට යොදාගන්න බලධාරීන්ට නුවණැස පහල වේවා (අ)
ශිෂ්‍යත්වයක් නම් සාමාන්‍යයෙන් සල්ලි ගෙවන්න ඕනේ නෑ. මේකත් බොරුවක් වගේ.. එහෙම කිව්වේ කාර්මික අංශයේ කොරියාවට වැඩිය ඉතා දියුණු වෙන හොඳ රටවල් තියෙද්දී ඇයි එහෙ තෝරාගත්තේ කියන එක.. කොහොම හරි ඔබට ජය! (අ)
ඇත්තටම ගොඩක් සතුටු වෙන්න පුලුවන් කාරනා දෙකක්.(දී)
මල්ලි ඔබට උදව් කල පින්වතාට අපගේ ප්‍රණාමය (දී)
දෙමාපියන්ගෙ හා ඔබේ ආත්ම ගරුත්වය රැකගෙන රටෙත් ජාතියෙත් නම දිදුළවන්නට තෙරුවනේ ආරක්ෂාව හා ආශිර්වාදය ලැබේවා (දී)
මේ වගේ අනාගත පරපුරට රජයෙන් ආධාරයක් දෙන්නේ නැද්ද? ලංකාවේ කොහෙද ඒ වගේ දේවල් එකෙනුත් ඇමති පුතෙකුට හරි වෙන කාටහරි දෙයි ...අනේ අපේ රටට ගිය කලක්....කොයි තරම් සල්ලි නාස්ති වෙනවද රටේ....දුප්පත් මිනිස්සු කොයි තරම්ද....(අ)
නියමයි ..මල්ලි ජය වේවා...ඔහොම යන්..ඔහොම යන් (දී)
ශිෂ්‍යත්වයට සල්ලි ගෙවන්නේ අය?
ඔබට සුබ අනාගතයක් ! ඔබට මුදල් සපයා දුන් අර මහත්මයටත් බොහොම පින්.(දිල්)
මල්ලි සතුටුයි අපිට ඔයා ගැන. සුභ පැතුම් (දිල්)
ඔබ නම් සැබෑම ශ්‍රිලාංකික පුත්‍රයෙක් (දී)
මෙතන නියම වීර පුතකුත්, නියම පරිත්‍යාග ශීලියකුත් ඉන්නවා.අපේ පරිත්‍යාග ශීලියෝ කරන්නේ ලක්ෂයක් දීල ලක්ෂ දහයක ප්‍රචාරය ලබා ගැනීම. අනෙක් අතට අපේ බොහෝ අය කරන්නේ දක්ෂයෙක් දැක්කොත් එයාව පාගල දාන එක. ඇත පිටිසර ගමක සිංහල දරුවකු දක්වූ දක්ෂතාවය ගැනත්, කොරියාවේ සිටින අව්‍යාජ ත්‍යාග ශීලී පින්වතා ගැනත් කවුරුත් ආශිර්වාද කරන්න ඕන. (දී)
අපේ සුබ පැතුම් ..ඔබට ජය (දී)
හදවතින්ම සුබ පතනවා...!!! (දී)
මේ ළමය කොරියාවට යාම සුබ පතමි.. මොකද ලංකාවේ නව නිෂ්පාදන හදාගන්න අවසර ගන්නම වසර 10ක් වත් යයි.. ඉතින් කොහේද නව නිෂ්පාදන හදල වෙළද පොලට දන්නේ... (දී)
"නම හෙළි නොකළ ඔහු එම මුදල ගෙවූ රිසිට්පත පුබුදු කපුගේට එවීය." .. මේ වචනය අහද්දි ඇත්තටම සතුටක් ඇති වුණා... ඇත්තටම දානයක් දෙන සිත නම දාගන්න සිතට වඩා පිරිසිදු එකක්...මේ සිසුවා ඉගෙනගෙන රටට වැඩක් කරනු ඇති.. අපේ සුභ පැතුම්.. (දී)
මල්ලි ඔබට සුභ පැතුම්.ලාංකීයත්වය රැකගෙන ලංකාව වෙනුවෙන් යමක් කරන්න. නව නිර්මාන නිපදවීමට අවශ්‍ය ශක්තිය ලැබේවා.(අ)
ආඩම්බර දරුවෙක් දෙවි පිහිටයි (දී)
ආඩම්බරයි ඔබ ගැන මල්ලියා (දී)
දෙදෙනාටම සුබ පැතුම් !!!!. (දී)
සුබ පතමි නමුත් පුතේ ඉගෙනගෙන එහෙ ගල්වෙන්න නම් එපා (දී)
පැතුම් ඉටු වේවා!සුබ ගමන් පුතේ ඔබට. (අ)
ඔබට පුතේ සුභ පැතුම්, දෙෂ්පලයනි බලව් ඔබලාට පුළුවන් නොකරන දේ අර පින්වන්තය කරා, අන්න මිනිස්සු .............මේගොල්ලෝ මේ දිනවල පුතාලව දිනවන්න කරන වියදමින් ඉගන ගන්න දුප්පත් පුත්තු කී දෙනෙක් බබළවන්න පුලුවන්ද (අ)
පරිත්‍යාගශීලි මහතාණෙනි,හොද සිතින් දීමට හුරුවීම ලැබීමට මුලයි! මා අත්දැකීමෙන් දුටු දෙයකි. (දී)
සිසුව ට ජය වේවා, මුදල් පරිත්‍යාග කල කෙනා ට අපේ ආචාරය. මොනවා හරි පාර්සලයක් දීල පත්තරේ පිටු භාගයක පින්තුරය දමා ගන්න දේශ පාලකයන් ට හොඳ ආදර්ශයක්. (දී)
මිනිසත් කමේ අගය දැන ගන්න හොද අවස්තාවක් (දී)
මල්ලි මේ හැමදේම ඔයාට ලබන්නේ මනුසකෙමේ නමෙයන් එක අමතක කරන්ට එපා (දී)
දෙවි පිහිටයි පුතේ ඔබට (දී)
සුබ අනාගතයක් ප්‍රාර්ථනය කරමි.ජය වේවා. (දී)
ගොඩාක් ආඩම්ම්බරයි මල්ලියෝ (දී)
ඡයග්‍රහණය පිළිබඳව ගොඩක් සතුටුයි. මෙවැනි දක්ෂයන් හට අපේ රට තුලින් ලැබෙන උපකාරය ප්‍රමාණවත් නැහැ. මුදලින් උපකාර කළ නිහඩ පරිත්‍යගශීලියා අපේම රටට ආදරය කරන උදාර මිනිසෙකු යැයි සිතනවා. කණගාටුව, රට තුලින් උපදින මේ නව දැනුම වැඩි වශයෙන් විදේශ රටවල සංවර්ධනයට හේතුවීමයි.(දිල්)
ලංකාවේ ඉන්න දේශපාලකයින්ට වඩා කොච්චර වටිනා මිනිස්සුද (දී)
අපේ සුභපැතුම් ඔබට සදා ජය (දී)
උණුසුම් සුභ පැතුම් (දී)
මල්ලි ඔබටත් මුදල් පිරි නැමු පින්වතාටත් තෙරුවන් සරණයි ඡයෙන් ඡයම වේවා ....අ
සුබ පැතුම්...රටට වැඩදායක පුද්ගලයෙක් වෙන්ඩ...(අ)
ඔබට සුභ අනාගතයක් දරුවා.රටට,දැයට ඔබෙන් සේවයක් විය යුතුයි.එය ඔබගේ දක්ෂතාවයන් ඔප්නග්වන්න ශ්‍රීලාංකික ජනතවට ලබාදෙන්න. (දී)
මල්ලි ඔබට සුභ අනාහතයක්. (දිල්)