2010 දී මිහින්තලේ රජරට විශ්ව විද්‍යාලයට බලෙන් ඇතුළු වී රජයේ දේපළ වලට හානි කළ සිසුන් 22 කට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා මාස 12 ක සිර දඩුවම් නියම කැර එම දඩුවම් පස් වසරකට අත්හිටුවීය.
දඩුවම් ලැබු සිසුන් 6 දෙනකු හැර සෙස්සන් අධ්‍යාපන කටයුතු අවසන් කැර සරසවියෙන් පිටවී ගොස් ඇතැයි පැමිණිල්ලෙන් කියැවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර අය මේ වෙනකොට ඇමතිවරු ගාව රස්සාවල් කරනවත් ඇති. ඔක්කොම දේවල් කැම්පස් එකේදී විතරනේ. (ස)
ටිකක් පහු උනාට ප්‍රතිපල තියෙන්නේ. (ස)
මම දන්නා විදිහට මේ ගැටුම ඉතා සුළුවෙන් පටන්ගත්ත එකක්. සාහිත්‍ය සතිය වෙනුවෙන් නාට්‍යක් පෙන්නන්න නළුවොත් අවට පස්සේ පාලක අය එකට ශාලාව වෙන් කල හැටි වැරදියි කියල නාට්‍ය පෙන්නන්න අවසර දුන්නේ නැහැ. මෙම අසාධාරණ ක්‍රියාවට ළමුන් උද්ගෝෂණ කළනිසා කට්ටියකගේ පන්ති තහනම් කළා. මේ පන්ති තහනම ඉවත් කරන්න ළමුන් උද්ඝෝෂණ කිරීම නිසා ටිකක් දුර ගියා. ළමුන් දේපල වලට හානි වෙන විදිහට හැසිරුණා. මුල්ම හේතුව පාලන අදිකාරියේ නොසැලකිල්ල. දැන් ඉතින් හරි. ළමුන්ට දඬුවම් කල නිසා ඒ අයට සතුටු ඇති. අනාගතය බාර ගන්න ඉන්න ළමුන්ව වැරදි වලට පොළඹවා සතුටු වෙන මානසිකත්වයක් තියන අය උසස් තනතුරු වල ඉන්නකන් අනාගතය ගැන බලාපොරොත්තු වෙන්න ඇහැ..(නදී)
රාජ්‍ය දේපල වලට හානි කරොත් වැඩේ බරපතලයි. ඉගෙන ගන්න සිසුන් කියල ගැලවීමක් නැහැ.(දිල්)
මොහාන්, ඔහොම සමස්ත සරසවි ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙසම බලන්න එපා.බොක්කෙන්ම කාටවත් කඩේ නොයා සාධාරණ ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන් පෙනී හිටපු කොල්ලෝ ඕන තරම් ඉන්නවා.විශේෂයෙන්ම දැනගන්න මුලු සරසවි කාලය තුලම එකම පක්ෂයකටවත් ඡන්දේ දුන්නේ නැති උන් ඉන්නවා.කඩේ යන සමහරක් නිසා අනිත් උන් ගැනත් වපර ඇහින් බලන්න එපා.මුන් සමහරවිට බොක්කෙන්ම වැඩ කරපු උන්ද දන්නේ නෑ. (ස)
විශ්ව විද්‍යාල වල නේවාසිකා ගාරවල ප්‍රශනය මුල් කරගෙනයි මේ විරෝදතාවය ඇති උනේ එදා, මේකේ මුල් ප්‍රවෘතිය දන්නේ නැනේ කට්ටිය, කියන තරම් හානියක් වුණේ නැහැ, නමුත් ආණ්ඩුවේ ප්‍රවෘත්ති සිද්ධිය මවල පෙන්නුවා, ,එක ඇතුලෙම ඉදන් කට්ටියක් මේක කඩාකප්පල් කරන්න අලාබ හානි කරා කියලත් කතා තිබුනා,චමත් ඉතාලියේ ඉදන් ඔහොම කිව්වට මේ රටේ විශ්ව විද්‍යාලයක ඉගෙන ගත්තු කෙනෙක් ඔය කතාව කියන්නේ නැහැ , (ස)
මොහාන් හරි ඔකේ ඉන්න බහුතරය සමාජයේ ඇතුලේ ඉන්නකන් විතරයි (දිල්)
මේ දරුවන්ට ඉගෙන ගන්න දෙන්න. ඔය වයසට ඔහොම දේවල් කරනවා තමයි. නමුත් මේ දරුවන් ගේ දක්ෂකම් කප්පාදු කරන්න එපා. ඒක මහ අපරාධයක්. (ස)
සරසවි සිසුන් කෙරෙහි දැන් ක්‍රම ක්‍රමයෙන් පාඨක අවධානය ගිලිහෙමින් පවතිනවාද? (දිල්)
සත්‍යය දකින්නන් මෙවැනි අසාධාරනයන්ට එරෙහිව ඍජුව මැදිහත්විය යුතුව තිබුණා (නි)
මේ සිර දඬුවම අදාළ සිසුන්ගේ අනාගතයට බලපාන්නේ නැද්ද? (ස)
ප්‍රදීප් ගේ කතාව මාත් අගය කරනවා. රටේ මහජන පොදු දේපල කාබාසිනියා කරපු අය කි දෙනෙක් ලොකු තැන්වල යහතින් ඉන්නවද , ඒවාට කවුරුවත් කටක් අරින්නේ නැහැ. මතක තියාගන්න මේ ශිෂ්‍යයෝ පෙනි හිටියේ අපේ දරුවන්ටත් නිදහස් අධ්‍යාපනය රැක දෙන්න කියලා. (ස)
ආරියසේන , ඡන්ද කාලේට බලන්න ඕනෑ ඔය කියන දේපල වලට කොයිතරම් හානි වෙනවාද කියාලා? අනික විශ්ව විද්‍යාල වලට යන්නේ හොද උගත් කොල්ලෝ කෙල්ලෝ. ඔය වයසට විප්ලවවාදී අදහස් උදහස් එනවා තමයි. කාලයත් එක්ක ඕවා හරි යනවා. (නි)
අයිතිවාසිකම් ඉල්ලීම යනු දඩුවම් ස්ථිරය (නි)
විරාජ් කාලිංග, ඒ කියන්නේ අපේ දරුවන්ගේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් තමයි මේ අය විශ්වවිද්‍යාලයේ දේපලවල අලාභ හානි කරලා තියෙන්නේ. මරුනේ ඔල මොට්ටලයන්ට නම් මේවා සාධාරණිය කරන්න පුළුවන්. අලාභහානි කරපු දේවල් රජයෙන් අලුත් වැඩියා නොකලොත් ඒකටත් වර්ජනය කරන්න .... විශ්වවිද්‍යාලයේ ඉන්න කීප දෙනෙක් නිසා අනෙක් අයටත් ඉගෙනීම අතපසු වෙන එක විතරයි වෙන්නේ. (නදී)