(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)
රජරට විශ්ව විද්‍යාලයේ පිඨ හතරක් දින නියමයක් නොමැතිව අද (29) සිට වසා දැමු බව රජරට විශ්ව විද්‍යාලයේ උපකුලපති මහවාර්ය රංජිත් විජේවර්ධන මහතා පැවසිය.
සමාජ විද්‍යා හා මානව ශ්රාස්ත්ර පිඨය,කළමණාකරන පිඨය,ව්‍යවහාරික විද්‍යා පිඨය සහ තාක්ෂණ විද්‍යා පිඨය මෙසේ වසා දමා ඇත.
රජරට විශ්ව විද්‍යාලයේ සියළුම නේවාසික වල සිසුන්ට අද(29) උදැසන දහයට පෙර ඉවත් වන ලෙසද පාලනාධිකාරිය විසින් සිසුන්ට දැනුම් දී තිබුණි.
රජරට විශ්ව විද්‍යාලයේ පංති තහනම් කර ඇති සිසුන් 16 දෙනෙකුගේ පංති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා සිසුන් පසුගිය 27 දින පරිපාලන ගොඩනැගිල්ලේ රැදි සිටිමින් උද්ඝෝෂණය කිරිමේ හේතුවෙන් පරිපාලන කටයුතු කිරිමට ඇති අපහසුව නිසා රජරට විශ්ව විද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමිමට තිරණය කල බව මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා පැවසිය.
විශ්ව විද්‍යාලය වසා දැමුවද සිසුන් පිරිසක් තවමත් රජරට විශ්ව විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ලේ රැදි සිටිති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විඳින්න තියෙන දහදුකම විඳලා බොහොම අමාරුවෙන් උසස්පෙළ පාස් වෙලා කැම්පස් ගියාම එතන ඉන්න මොලේ අමාරු කාරයින් නවක වදය දෙනවා.
දින නියමයක් නැතුව වසුවා නම් ඔය ගොඩනැගිල්ල වෙන ප්‍රයෝජනවත් වැඩකට දෙන්න. පුද්ගලික විශ්ව විද්‍යාල වලට ගොඩනැගිලි හිඟයක් තිබෙනවා. ඒ ආයතනයකට කුලියට දෙන්න. මේ කොල්ලෝ, කෙල්ලන්ට පාලු පැත්තක උසට අට්ටාල ගහලා දෙන්න සත්යග්රහ කරන්න.
ඇත්තනේ, මේ දරුවන් උගත්, බුද්ධිමත් සියල්ල දත් දරුවන් බැවින් ඔය ආචාර්ය, මහාචාර්යවරු සියලුම තනතුරු මේ අහිංසක දරුවන්ට බාරදීලා මේ අහිංසක දරුවන්ට ඕනේ විදියට සියලුම වැඩටික කරගන්න දීලා " අන්තරේ ඉන්න අන්දරේලාගෙන් සමාවත් අරගෙනම " පැදුරු කොට්ට අරගෙන ගම් බිම් බලා ගියොත් හොඳයි. මොකද මේ අහිංසක දරුවන්ට ඔහෙලාගෙන් ඉගෙන ගන්න කිසිම දෙයක් නැහැ...
මේවගේ උගන්නලා වැඩක් නැහැ. අන්තිමේ අපේ සල්ලි වලින් උගන්නලා හොඳම දක්ෂයෝ ටික වෙන රටකින් පුරවැසිකම දීල අරන් යනවා. මැට්ටෝ ටික තියාගෙන අපි ණය ගෙවනවා. ඔන්න ඔහේ වහල දාන්න. රටට කීයක් හරි ඉතුරු වෙනවා.
හිටපු උසස් අධ්‍යාපන ඇමති කළ හොඳ දෙයක් නම් ඔය තිරිසන් නවක වදයට තදින් ක්‍රියා කිරීමයි. නව ඇමතිවරයා එලෙසම ක්‍රියා කරනු ඇතැයි සිතමි.
ඕස්ට්‍රේලියාවේ ඉන්න මිතුරෙකුගේ දුව මේ ළඟදී අවුරුදු 20 න් උපාධිය සම්පූර්ණ කළා. ඒ ළමයා අර්ධකාලීනව පීසා අවන්හලක වැඩ කරමින් ඉගෙනගත්තේ... අපේ උදවිය කියාවි අපොයි අපිට අනුන්ගේ දැලි වළං හෝදන්න බැහැ. මුළු රටේම මිනිස්සු අපි ඉල්ලන ඉල්ලන දේවල් දීලා අතට පයට හැමදේම සපයා දෙන්න ඕන කියලා. හැමදාම අපේ රට ඔතනම තමයි. නිකන් ලැබෙන දේ අගයක් නැහැ...
අවුරුදු තුනක හෝ හතරක උපාධියට ඉගෙනගන්නා කාලයෙන් වැඩිකලක්ම විද්‍යාල වහල. ඉතිරි කාලයෙනුත් වැඩි කොටසක් පිකටිං නැත්නම් උපවාසවල යෙදෙනවා.කාලය අවසානයේ ලැබෙන සහතිකයට පක්ෂ දේශපාලනයත් කළවම් වුනාම ඉහලම තනතුරුවලට සුදුසුකම් ලැබෙනවා.එහෙම තනතුරු අරන් මෑතකදී පාලනයට පැමිනි කාන්තාවක් වසර 30 කට වැඩියෙන් රාජ්‍ය සේවයේ විවිධ අද්දැකීම් සහිතව මාණ්ඩලික මට්ටමේ නිළධාරිනියකට අපේ උපාධිය තමුසෙලාගේ අත්දැකීම් හා පුහුණුවට වැඩියෙන් උසස් කියල ප්රශිද්ධියේම බැණ වැදුනා.දැන් එම කාර්යාලයේ වැඩ ඉතාම පහත් තත්වයට පත්වෙලා.එනිසා විශ්ව විද්‍යාලවල උපාධියේ ගුණාත්මක බව වැඩිකිරීමට නොපමාව කටයුතු කල යුතුයි