
(සිඩ්නි, උපුල් හේරත්, චින්ත ක්‍රිෂාන්ත බාලසූරිය සහ කාංචන කුමාර අරියදාස )
හොරොව්පතාන ලංගම ඩිපෝවේ රියැදුරකුට සහ කොන්දොස්තරවරයකු ට පහරදීම සිද්ධියකට විරෝධය බා රජරට ප්‍රාදේශිකයේ ලංගම ඩිපෝ 7ක සේවකයෝ අද පෙරවරුවේ සිට බස් ධාවනයෙන් ඉවත්ව වර්ජනයක නිරතව සිටිති.
රජරට ප්‍රාදේශිකයේ බස් රට 400 හාරසියයකට ආසන්න ප්‍රමාණයක් ධාවනයෙන් ඉවත්ව ඇති බව කහටගස්දිගිලිය ඩිපෝ කළමනාකාර මහින්ද කුමාර විජය බණ්ඩාර මහතා පවසයි.
පෞද්ගලික බස් රථයක් ලංගම බස් රථවල ධාවන කාල සීමාවන් තුළ ගෝමරන්කඩවල සිට මහනුවර බලා නව ධාවන බලපත්‍රයක් ලබාගෙන මෙම පෞද්ගලික බස් රථය ලංගම බස් රථ ධාවනය කරවන කාලසීමාව තුළදී ධාවනය කිරීමේ හේතුවෙනි.
මේ පිළිබඳ ලංගම බස් රථයක රියදුරු සහ කොන්දොස්තර ඒ පෞද්ගලික බස් හිමියන් ගෙන් විමසු අවස්ථාවේදී ඇති වූ බහින් බස් වීමකින් ලංගම බස් රථයේ රියදුරුට සහ කොන්දොස්තර පහරදීමත් පහරදුන් සැකකරුවන් අඩංගුවට නොගැනීමත් හේතු කරගෙන මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව හොරෝපතාන ලංගම ඩිපෝ කළමනාකාරවරයා පවසයි.


(ඡායාරූප කාංචන කුමාර )



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd