වවුනියාවේ සිට මාතර දක්වා ධාවනය වූ රජරට රැජින දුම්රිය අද පෙරවරු 5.40 ට පමණ තඹුත්තේගම මුසල්පිටිය ප්‍රදේශයේ දී පීලි පැන ඇතැයි දුම්රිය පාලක මණ්ඩලය කියයි. දුම්රිය මාර්ගයට බරපතල ලෙස හානි සිදුව ඇත. මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයෙ ගමනා ගමනය සම්පූර්ණයෙන් ම නතර වී ඇති අතර කොළඹ සිට ගමන් ගමන්නා දුම්රිය ගල්ගමුව දුම්රිය ස්ථානය දක්වා පමණක් සිදුකරන බව දුම්රිය පාලක මණ්ඩලය පවසයි. අනතුර සිදුව ඇත්තේ මුසල්පිටියේ වෙල්යාය මැද බැවින් එහි සිටි මගීනට කිලෝ මීටර් 3ක් පමණ දුරක් ගෙවා තඹුත්තේගම නගරයට පැමිණීමට සිදුව ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යසනාත් බංඩාර කෝච්චියට බෙල්ල තිබ්බා වත් ද? තඹුත්තේගම නේ.....(බ)
දිරපු සිල්පර කොට නිසා සිදුවුන පීලි පැනීමක් බව පෙනෙන්න තියෙනවා (බ)
අබලන් මාර්ගයක් (බ)
නඩත්තුව පිළිබඳ ගැටළුවක්ද ? (බ)
සුද්දා අපිට දීපු දුම්රිය අභාචයෙන් අභාවයට යනවා .ඔය වායු සමීකරන තියෙන මැදිරි දැම්මාට වැඩක් නෑ . විස්වාසයක් ඇතිව ගමනක් යන්න බැරිනම්. පාරේ බස් එකක ගියානම් බස්එක කැඩුනාම වෙන එකක එල්ලිලා හරි යන්න පුථවන්. (ර)
ප්‍රවාහන ඇමති ඉන්නේ මේවා හොයන්නේ නැද්ද ? (ම)
ඉන්දියාවට දීල හරි දුම්රිය පාර හොඳට හදාගන්න දුම්රිය සාමාන්‍යධිකාරී තුමනි (බ)
මාර්ගය අබලන්. කමක් නැහැ. මත්තල තියනවනේ. (ස)