කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට පසු ගිය දෙවැනිදා සිට ජලය කපා හැරීම නිසා ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටී.
එක දිගට දින තුනක් ජලය කපාහැරිම නිසා උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට මෙන්මරජයේ හා පෞද්ගලික අංශයේ රැකියා කරන්නන්ද දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටිති.
රාජගිරිය පොල්දුව නව පාළම ඉදිකරන ස්ථානයේ ජලනළයේ අලුතින් එළිමත් අයහපත් කාලගුණය නිසා එහි වැඩ අවසන් කිරීම දුෂ්කර බවත් ඉතා ඉක්මනින් ජලය ලබා දීමට කටයුතු කරන බවත් ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි.
‘පොළොන්නරුවේ නියඟය තලපත්පිටියට ඇවිල්ලා ’යැයි ළිං සොයා යමින් සිටි පිරිසක් කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමන්ති ඔයාගේ ගෙදර ඔයා විතරද ඉන්නේ. එහෙනම් දවස් තුනට එක ටැංකියක් ඇති (නදී)
ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය ඉන්නේ මහා එපා කරපු කම්මලිම කම්මැලි සෙට් එකක්. අද වතුර බටයක් කැඩුනොත් හදන්න එන්නේ සතියකට පස්සේ. එතකන් අරහෙට මෙහෙට බෝලේ පාස් කර කර වතුර ටික නාස්තී කරනවා. අපේ ගේ ඉස්සරහ උන දෙයක අත්දැකීමෙන් කියන්නේ මම මේ. (නදී)
මේවා මෙහෙම වෙන්නේ හැමෝම ප්‍රශ්නයක් තමන්ට බල පාන විට පමණක් එයා ගැන කතා කරන්න ඉදිරිපත් වෙන නිසා. රටක් හැටියට හිතන්නේ නැහැ. රජරට ගොවියන්ට හෙන ගැහුවත් අපිට මොකද කියන අදහසින් ඉන්න කොළඹ මිනිසුන්ට ඔහොම වෙලා මදි. (නදී)
මම කිව්වේ වතුර ටැංකියක් තබාගත්තොත් තදින් බලපාන්නේ නැහැ කියලා. දිනකට කෙනෙකුට අවශ්‍ය ලීටර 130 ක් පමණ වේ . 5 දෙනෙක් සිටින ගෙදරකට ලීටර් 650කි . ලීටර් 2000ක් දින තුනකට සැහේ. (අ)
නියමයි. (අ)
ජල කෙලියට පාලම උස්සලා. බට තවම උස්සනවා (නදී)
මමනම් හැමදාම කිව්වේ අපට ජීවත් වෙන්න වැදගත්ම දෙය වතුර , පාරවල් හදන වෙලාවේ හැමතැනම ලින් හෑරුවා නම් පිරිසිදුව හරි ඉන්න තිබුනා. දවසක් දත් මැද්දේ නැත්නම් , මොකද වෙන්නේ.? දැන් මිනිස්සුන්ගේ ගද ? මට මතක් වෙන්නේ දැන් බේරේ වැව.(නදී)
අපිත් ඒ වතුර කැපිල්ලට අහු උනා (දී)
අපිට ඔය ප්‍රශ්නය ඉස්සර තිබුණා එක නිසා අපිනම් ලිඳක් කපා ගත්ත දැන් වතුර ප්‍රශ්නයක් නැහැ. (දී)
සම්පූර්ණ ඇත්ත. හෙට විභාගයට පෙනී සිටින දරුවෙකුගේ මවක් මා සමගම මෙම කතාව කීවා. විභාගයට සිත විතරක් නෙමේ කය පවා අපිරිසිදුව තමා යන්න වෙන්නේ යැයි තම පුතා පැවසූ බවත් දරුවා අද දිනයේ ජලය සොයා පොදු ලිඳක් සොයමින් ගිය බවත් එය දරුවාට දැඩි මානසික පීඩනයක් බව අම්මා ලෙස තමුන්ට තේරුණත් බළධාරීන්ට මේ ගැන වුවමනාවක් හෝ සිතීමක් වත් පහල නොවීම කණගාටුවක් බව ඇය පැවසුවාය. නිදා සිටින බලධාරීන් දැන් වත් නැගිට බැලුවොත් තමා හොඳ. (ස)
එකනේ දොන් , සමහරු කලින් ආපු කනට වඩා පස්සේ ආපු අඟ ලොකු කරගෙන පයිප්ප ආවට පස්සේ තිබුන ලින් ටිකත් වහල දැම්මනේ දැන් ඉතින් අවනඩු කියනවා නේද ? (දී)
මෙතැන වෙලා තියෙන්නේ වෙන දෙයක් කියල ආරංචිය..අලුතින් දාපු බටයක් හිනි වැඩි වෙලා පුපුරලා කියල ආරංචිය..ජාල සම්පාදන එකේ එක්කෙනෙක්ගෙන් ලැබුන තොරතුරක්...ඒ බටයක් දනකන්ලු වෙලා යන්නේ..මෙතන දුෂණයක් වෙලා පටයි .හොයල බලන්න (දී)
අපෝ අපිට නම් ඔය වතුර ප්‍රශ්නය හොඳට පුරුදුයි. බත්තරමුල්ල තලවතුගොඩ ප්‍රදේශ වලට නොකියාම සමහර වෙලාවට වතුර කපන්නේ. හවස වැඩ ඇරිලා දුවගෙන ආවම මුණ සෝදා ගන්නවත් වතුර නැහැ . කාලයක් තිබුනා සති අන්තයේ අපිට දඬුවමක් වගේ වතුර නැහැ . රෙදි ටික සෝදා ගන්නවත් විදියක් නැහැ. පසුව අපි ටැංකියක් බැඳ ගත්තා. (දී)
ටැප් වතුර අරගෙන ලිඳ වහන්න හැදුවාම බිරිඳ දෝස්මුරේ දැම්මා. මගේ මතේටම වැඩ නොකර එයා කී දෙයට කන් දුන් නිසා අද මම ගොඩ. (ස)
මේ ගොල්ලෝ දැනුම් දුන්නේ ඉරිදා රාත්‍රී 9 ට ජලය දෙනවා කියලා. හරියට වෙලාව කිවා නම් මිනිස්සු ටිකක් හරි සුදානම් වෙනවා. අද මේක නිසා අපිට කොච්චර වැඩ පාඩු උනාද. මේවා කරන අය මිට වැඩිය මිනිස්සු ගැන හිතන්ඩ ඕනා. අපිට තවත් වතුර නෑ.(නදී)
2 වෙනිදා උදේ 9 සිට 3 වෙනිදා රෑ 9.00 දක්වා කියලයි දැනුම් දුන්නේ. දැන් වෙන කොටත් වතුර නැහැ. (ස)
1939 කෝල් ගත්තම පැය 2න් දෙනවා කියනවා. දැන් පැය 2කෙ ඒවා 10ක් විතර ගියා, තාම වතුර එන්නේ නැ. (ස)
එතකොට මේ ජල හිඟය අර මහා මැදුරුවලටත් බලපාලද ? (නදී)
මේ වතුර නැති ප්‍රශ්නේ පර්ලිමේන්තුවේ අවට ඉන්න අයට නෑ නේද? මිනිස්සු හරිම අපහසුතාවයට පත්වීමක්. (ස)
ශ්‍රී ලංකාවේ රජයේ නිලධාරියෝ මහා අමුතුව කොටසක්. කිසිම දෙයක් හිතන්නේ බලන්නේ නැහැ තමන්ට කැමති දේ කරනවා අනිත් මිනිස්සු අමාරුවේ. සුදුසුකම් නැති දේශපාලන පන්දමට ඔල මොට්ටයන්ට තනතුරු දුන්නම වෙන දේ බලන්න (නදී)
ජනිත දිසානායක ඔබගේ කතාව සම්පුර්ණ ඇත්ත. (නදී)
අනාදිමත් කාලෙක ඉඳලා බත්තරමුල්ල ප්‍රදේශයේ වතුර කපන්නේ පෙර දැනුම් දීමක් නැතිව. වැඩට ගිහින් හවස එනකොට වතුර කපලා. ඉරිදා සෙනසුරාද ඇඳුමක්වත් සෝදා ගන්න නැහැ . වැසිකිලි යාමටත් අපහසු නිසා මම කාර්යාලයේම නවතින්නම් කියල ගෙදර අයට විහිලුවට වගේ කිව්වා. (නදී)
සෑම ගෙදරකම ජලය ගබඩාකරණ ටැංකියක් තබාගන්නවා නම් මේ ගැටලුව තදින් බලපාන්නේ නැහැ නොවැ. ලිඳෙන් හෝ ඇලෙන් වතුර ගන්නා ගෙදරකත් වතුර කලයක් තබා ගන්නවා. (නදී)
දියවන්නා ඔයෙන් වතුර ගන්න වෙන්නේ දැන් ඉතින් අමුඩ ගසා සුදානම් වෙයල්ලා. තවමත් වතුර නැහැ. විභාගෙට යන දරුවන්ට මොකද දැන් වෙන්නේ. ඒ අයට ඔක්කොම වැඩ නවත්තලා වතුර හොයාගෙන යන්න වෙලා. (නදී)
සමන්ති ඔලුව අතගාලා අං එනවද බලන්න. දවස් 3 කින් කෝට්ටෙ ප්‍රදේශයට වතුර දුන්නෙ නෑ. ගබඩාකරණ ටැංකි 5-6 තියාගන්න වෙනවා මෙහෙම ගියොත්.(නදී)
සෙනසුරාදා පෙරවරු 9 සිට මේ දක්වා වතුර බින්දුවක් වත් නෑ. මිනිස්සු කොහොමද මෙහෙම ඉන්නෙ.. ලීටර 10,000 ටැංකියක් ගන්න වේවි මෙහෙම ගියොත් (නදී)