රජරට විශ්ව විද්‍යාලයයේ සිව් වැනි වසරේ සිසුන් පිරිසකට පහර දුන්නැයි එහි දෙවැනි හා තෙවැනි වසරේ සිසුන් 13 දෙනකුගේ පන්ති තහනම් කැර ඇත.
කලමනාකරණ පීඨයේ සිසුන් 12 දෙනකුගේත් ව්‍යවහාරික පීඨයේ සිසුවකුගේත් සති පහකට පන්ති තහනම් කළ බව උපකුලපති මහාචාර්ය රංජිත් සිරිවර්ධන කියයි.
පසුගිය 29 වැනි දා අලුයම දුටුගැමුණු නේවාසිකාගාරයට කඩා වැදී සිසුන්ට පහර දීමෙන් අට දෙනකු රෝහල් ගත කළ බව ද උපකුලපති පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමවුපියන් දුක් මහන්සියෙන් උගන්වා විශ්ව විද්‍යාලයට යැවු විට ඔවුන් පත්විය යුත්තේ මේ තත්ත්වයටද? ඔවුන් කළයුත්තේ සියලු දෙනාම එකතු වී බලධාරීන්ට කරුණු පැහැදිලි කිරීමයි.ඇත්තටම අද ටියුෂන් හරහා බිහිවන්නේ විභාග සමත්වන යාන්ත්‍රික පුරවැසියෙකි. එය වහා වෙනස් විය යුතුය (නි)
රේමන්ඩ් මහතාගේ කතාවට 100% මාත් එකඟයි. හික්මීම හැදියාව අද ළමයි ළඟ ඇත්තෙම නෑ. (ස)
මා දන්නා තරමින් මේ රජරට එකේ ඉන්න අපේ ළමයින් බොහෝ අපහසුකම් මැද ඉන්නේ. ඒ අය තව තව එකමුතු විය යුතු වෙනවා. බෙදිලා ගහ ගන්න එක උගත් අයට අදාළ නැහැ. අනේ අපේ ළමයින්ට අනුකම්පා කරලා ඔය උගත් වැඩිහිටි කට්ටිය තව පාරක් තේරුම් කරලා දිල අනාගතය අඳුරු වෙන විදිහේ දඬුවම් නොකර වැරැද්ද වටහා දෙන්න. අපේ ළමයින්ට මේ මිහින්තලේ වැනි රටකින් ලෝකයට දායාද කර දුන්න සංස්කෘතිය ගැන පැහැදිලි කරන්න. ඔය තරුණ මදය තියෙන්නේ ටික කාලයක් පමණි. ඒ වෙලාවට අපත් ටිකක් ඔලුව පාත් කරාම හරි. මේ ළමයින්ගේ ප්‍රශ්නය ඉක්මන් විසදුමක් ලැබේවා කියා පතමි. පැරණි සිසුවෙක් ගෙන්. (ස)