ශ්‍රී ලංකානිදහස් පක්සයේ පළාත් පාලන නියෝජිත සමුළුවක් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ ප්‍රධානත්වයෙන් මීගමුවේ දී අද පැවැත්විණි.
බැසිල් රාජපක්ෂ, වාසුදෙස්ව නානායක්කාර, ජොන්ස්ටන් ප්‍රනාන්දු, බන්දුල ගුණවර්ධන මහතාවරුද මෙම අවස්ථාවට පැමිණ සිටියහ.
මෙම සමුළුව වාර්තා කිරීමට මාධ්‍යවේදීනට අවසර නොලැබිණි. රුස්වීම අවසානයේ රාජපක්ෂ මහතා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය. එහිදී ඔහු පැවසුවේ රජය ශ්‍රී ලංකා පාක්ෂිකයනට කරදර කරන බවයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරදරය ඉතින් ගසා කන්ට ඉඩක් නොදෙන එක තමයි.(රේ)
මේ ගොල්ලො පටන් ගන්නෙම මාධ්‍ය නිදහස අහෝසි කරල වගේනේ... (ර)
ඉදිරියටම යන්න.(රේ)
හැංගි හැංගි නටපු අය දැන් කරලියට ඇවිත්. කට්ටිය අරන් යන්නම ගියා නම් නිකන් බඩ සුද්ද උනා වගේ තමයි. (රේ)
මෙතන අදහස් දාල තිබෙන වැඩි දෙනෙක් කරලා තියෙන්නේ අතීත කතා, බොළඳ කතා, ඕප දුප කතා සහ ටිකිරි කතා ඉදිරිපත් කිරීමයි. අප අදහසක් ඉදිරිපත් කළ යුත්තේ අතීතය සහ වර්තමානය තුළින් ගත් හරය, අරටුව තෝරා බේරා ගෙන එය අනාගතයට උපයෝගී කරගත හැක්කේ කෙසේද? යන්න විමසීමය. එසේ බලනවිට සමන්ත මහතාගේ යෝජනාව ඉතාමත් කාලෝචිතය. අර්ථවත්ය. (කෞ)
අලුත් කලාවක් සොයාගත්ත දියුණුවෙන්න ඕනෑනම් - නිකම් ඉන්න එපා ගහපල්ලා පෙත්සම් (රේ)
එතකොට මේ පින්තූර ගත්තේ කොහොමද?(රේ)
ජයවේව ,,සබැ වෙනසට (රේ)
මේවා ඉතින් ඒ කාලේ ඔබතුමාලත් නොකළේ නැහැනේ (නි)
කකුළුවා නටන්නේ දිය රත්වෙනතුරු විතරයි කියලා කියමනක් තියනවානේ. (නි)
මම හොද මහින්දවාදියෙක්. මහින්ද මැතිතුමා 2015 දී දිගින් දිගටම විදුලි පුටුවට ගෙනයාමේ තර්ජනය ගැන සඳහන් කළා. එතුමන්ගේ සහයට සිටි නොයෙකුත් අයද මේ ගෙන සඳහන් කළා. නමුත් අද ජනාධිපතිතුමා කියනවා එතුමා මහින්දව විදුලි පුටුවෙන් බේරාගත් බව. ගරු මහින්ද මහතාණනි, කෙලෙහිගුණ දැක්වීමට අපි යමක් කළයුතුයි නේද? මෛත්‍රී ජනාධිපතිතුමා කර ඇත්තේ ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්. (නි)
ජනමතයට සියලු දේ යටයි (නි)
ජය වේවා.(රේ)
මහින්ද සමඟ අපි ඉන්නවා (නි)
රට බේරාගන්න මහින්ද එන්න ඕනෑ. එන්න පෙරට මිනිසුනේ, නැත්නම් ලංකාව ඉවරයි (නි)
කරපු ජඩකම් වහගන්න තමුන්ගේ පාක්ෂිකයෝ කුලප්පු කරන්න එපා මහත්තයෝ..(රේ)
මහින්දට ජයවේවා! අපි හැමදාම ඔබ සමඟයි. (නි)
පළමු සමුළුවටම මෙතරම් සහයෝගයක් තියෙනවනම් මහින්දගේ කණ්ඩායමට රට පුර හොඳ ප්‍රතිචාර ලැබේවි. (රේ)
අපිත් ඔයාලත් එක්ක අත් බැඳගන්න ලැස්ති වෙලා ඉන්නවා. (රේ)
රූකඩ වලින් අපේ රට බේරාගැනීමට ඔබ තුමන්ලා කරන සෑම දේටම මහජනතාවගේ සහයෝගය (රේ)
අධික බලලෝභය පරාජයට හේතුවයි. නැත්නම් ඉතුරු අවුරුදු දෙකත් ඉඳලා ගෞරවනීය සමුදීමක් කරන්න තිබුනා නේද? (නි)
සමහරු යුද්ධය කාලෙ රටින් පැනලා ඩුබායි වලට වෙලා ඉඳලා දැන් නින්දෙන් ඇහැරිලා වගේ දොඩවනවා. (නි)
ලප අනුරය හෙට හු හඩක් තියයි, 10 වෙනි වරටත් රාජිත එෆ් ,සී ,අයි,ද අවේ නැහැ,ලප අනුරය එවට නෝ කතා (රේ)
අනුෂ්ක, අද ඔය විදිහට කියවන්නවත් ඔබ ජීවත්ව ඉන්නේ ඔහු නිසයි (නි)
ලක්ස 57 ඉන්නවා ඔබත් එක්ක .නමුත් ඔබ අලුත් පක්ෂයකින් එන්න .තාමත් ඔබ ශක්තිමත් .තනිවම ලක්ස 57 ගත්ත.(රේ)
යුද්දය ජයගැනීම එක ජඩ කමක් විදියට පෙනෙන අයත් ඉන්නවා අපේ රටේ ඒ දවස්වල රුපවාහිනී නොබලපු අයත් හිටිය හමුදාව ඉදිරියට යන එකත් එතුමන්ලාගේ පරාජයක් විදිහට හිතුව දේසපාලන ඔලු පිටුදකිමු (රේ)
මහින්ද යුද්දේ ඉවර කළානේ ඒ නිසා එයා අපේ ගෙදරට පැන්නත් මට කමක් නැහැ.(බ)
අනුර අපි මෙහෙම කියමු. යුද්ධය දිනුවාට පසු වැරදි කළා වෙන්න බැරිද? ඕනෑතරම් සාක්කි තියෙනවා නේද? කාටවත් කඩේ නොයා ඇත්ත ඇති සැටියෙන් දකින්න (නි)
ධනය, බලය, මැරකම ඔක්කොම පාවිච්චි කරලත් ඉතිහාසගත පරාජයන් දෙකකට හිමිකම් කියන මහින්ද මහත්තයා මහන්සි වෙන්නේ හම්ම්බන්තොට ප්‍රාදේශිය සභාවේ සභාපතිකමවත් රැකගන්න නේද මේ? රටේ සංවර්ධන කටයුතු ටිකක් ඇනහිටියත් නීතිය යහපත් ආකාරයට ක්‍රියාත්මක වෙනවා. ඒ ගැන අපට නම් සතුටුයි. යහපාලනයට ජයවේවා! (නි)
මේ අලුත් පක්ෂයේ නායකකම කාට දුන්නොත්ද හොඳ? මොකද හොරු ටික ගියපාර පැරදුනානේ (නි)
ඔබගේ ගෞරවය තියාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනවීමට කටයුතු කරන්න (නි)
මහජනයා අකමැති අය ඉවත් නොකළොත් නම් මහින්දට මෙදා පාරත් වරදිනවා. (නි)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන් ජාමෙට බලන්න පුලුවන්. ඔය පනහෙන් කී දෙනෙක් ඉතුරුවේද කියලා බලමු. දැන් නම් හොඳටම පිස්සුව වැඩිවෙලා. මොන අපරාධයක්ද මේ මිනිස්සු කරන්නේ කියලා මට නම් තේරෙන්නේ නැහැ. රට දියුණු කරන උත්සාහයක්ද තමන්ගේ දේශපාලන වාසියද? මිනිස්සු මෝඩ නැහැ. ඒ ටික මතක තියාගත්තොත් ඇති (නි)
දැන් වෙනකොට මිනිස්සු දන්නවා මේ අය පස්සේ ගිහිල්ලා තමුන්ට වැඩක් කරගන්න බැහැ කියලා. ඡන්දයක් තිබුනොත් බලගන්න පුලුවන් මෙවර පසුබෑම පිළිබඳව (නි)
මදුරි, චතුරි, ඔබ වගේ ඔබගේ මුල් ආගම අමතක කළ කළු සුද්දියන්ට මේවා විහිලු (නි)
අද දේශපාලනය පොරපිටියක් වී තිබෙන්නේ ඇයි? අලුත් පක්ෂ හදමින් ගහමරා ගනිමින් බලය ලබාගැනීමට විවිධ පිරිස් උත්සාහ කරන්නේ ජනතාවට ඇති ආදරය නිසා නොවේ. වෙනත් රටවල දේශපාලකයන් සිය දේපල මුදල් ජනතාව වෙනුවෙන් කැපකරයි. දුප්පත් ජනතාවගේ සංවර්ධනය සදහා පොදු අරමුදලක් අවශ්‍යය. මේ අරමුදලට කාර් පර්මිට් වලින් ලැබෙන ආදායම්, මැතිවරණ සමයේ ඉතිරිවන මුදල් සහ වෙනත් පුද්ගලික මුදල් පරිත්‍යාග කිරීමට දේශපාලකයනට අවස්ථාව දියයුතුය. එවිට මැතිවරණ සමයේදී මේ පරිත්‍යාගශීලීන්ගේ නම් පරීක්ෂා කිරීමෙන් රටට ජනතාවට හිතැති සැබෑ ජනතාවාදී දේශපාලකයන් ජනතාවට හඳුනාගත හැකිවනු ඇත. (නි)
හිරිහැර කිරීම කළා නම් වැරදියි (නි)
හැබෑටම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන නියෝජිත සමුළුවක්ද? එතකොට, මහජන එක්සත් පෙරමුණේ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ සහ පිවිතුරු හෙටක් යන පක්ෂවල උදවිය එතන මොනවද කරන්නේ? (නි)
මහින්ද යුද්දේ ඉවරකළා කියල ගෙදර ආවත් අනුමත කරන ජාතියක් තමා මේ සන්ධානේ ඉන්නේ (බ)
සමන්ත පිටරටවල් ගැන රෝස කණ්ණාඩියෙන් බලනවා වගේ. ඒවායේ සිද්ධවෙන දේ ලංකාවටත් ඉහළයි. මහ ලොකු එංගලන්තේ මැති ඇමතිවරුන්ගේ විශාල දූෂණ ගැනත් එළිවුණා ළඟදි. සමහරු හිරෙත් ගියා. (නි)
සමන්තගේ යෝජනාව ඉතාමත් කාලෝචිතයි. මෙවැනි අරමුදල් ආරම්භ කිරීම ඉතා හොඳයි. එතකොට අපිට බලාගන්න පුළුවන් දුප්පත් මිනිසුන්ගේ බදු සල්ලි වලින් ගන්න කාර් පර්මිට් ආපහු පරිත්‍යාග කරන යහපත් දේශපාලකයන් කවුද, මිනිසුන්ගේ මුදල් කාබාසිනියා කරන්න එන දේශපාලුවෝ කවුද කියලා. (නි)
ලක්සිරි, නිකන් අන්ධයෙක් වගේ කතාකරන්න එපා. ඒ අය නරක හින්දනේ යහපාලනේ ගෙනාවේ. කොහොමද මේ අය? මම අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ (නි)
සමන්තගේ අදහසට 100% ක් එකඟයි. (නි)
සමන්ත, උරුගුවේ හිටපු ජනාධිපති ජොඔස් මුජිකා තම පඩියෙන් 90% ක් ජනතාව සඳහා යළි පරිත්‍යාග කෙරුවා. ඒ වගේම ජනපතිධූරය දරන ගමන් ගොවිතැන් කර ආහාර පාන නොමැති ජනතාවට ඒවා බෙදා දුන්නා. මෙවැනි නායකයන් බිහිකරගැනීමට ඔබේ යෝජනාව කදිම විසඳුමකි. (නි)
ජන මතයට ජයවේවා..! (ර)
සමන්ත, කාලෝචිත බුද්ධිමත් යෝජනාවක්. සමහර දේශපාලකයන් දුප්පත් ජනතාව මිරිකලා ගන්න බදු සල්ලි වලින් වාහන පර්මිට් ගන්න හදවතින් කැමති නැහැ. හැබැයි අනිත් අය ගන්න හින්දා ඒගොල්ලොත් ගන්නවා. මෙවැනි අරමුදලක් ඇතිකිරීමෙන් මෙවැනි අවංක සුළුතරය පෙරා වෙන්කරගන්න පුළුවන්. ජනතාව බුද්ධිමත් වුණොත් යහපත් පාලකයින් පිරිසක් ඇතිකරගන්න පුළුවන්. (නි)
මදුරි නම් ගජරාමෙට යහපාලනයට කඩේ යනවා (නි)
අසේල කියන දේ ඇත්ත තමයි (නි)
හොරුත් සමග නැගිටිමු .ලක්ෂ 5 කොන්ත්‍රාත් කොමිස් නැවත දෙනු සියලු අපරාධ වංචා,දූෂණ ,කුණුබක්කියට දාමු (බ)
මහින්දගේ කාලයේ කොතරම් දූෂණ තිබුනත් මේ රටට වෙනත් රටවලින් එන තර්ජන වලට නැමුණේ නැහැ. කිසි දිනක දිනන්න බැහැ කියපු යුද්ධය දිනවීම එතුමා කළා. දැන් ඉන්න අය ගැන නම් කතාකරලා වැඩක් නැහැ අපිට (නි)
ආයෙත් ඉල්ලන් කන්නද යන්නේ මහින්ද මහත්තයා? (නි)
සන්තෝසයි.රට වෙනුවෙන් වැඩ කරන්න කොච්චර මිනිස්සු ඉන්නවද කියල හිතෙන කොට.ප්‍රශ්නය මොකක්ද කියනවනම් මේ පිරිස රට වෙනුවෙන්ද තමන්ගේ ගැලවීම වෙනුවෙන්ද මේ මෙච්චර දඟලන්නේ.(ම)
මොරිස්, අන්න ඒකතමයි යහපාලනය කියන්නේ. ඔය කියන එංගලන්තේ ඇමතිලත් දේශපාලන පළිගැනීම් කියලා අඬ අඬා ගියාද? (නි)
ජයවේවා! ඔබගේ නායකත්වය අගය කරමි (නි)
යුද්ධය අවසන් කළ රජතුමනි, රටවැසියන්ට කේතුමතී රජදහනක් පවත්වාගෙන ගිය නිසා ඔබතුමාට ජනවාරි 8 ජනතාව නිසි පිළිතුරු දී ඇති බව හිතට ගන්න. මහින්ද රාජපක්ෂ යන නමට නිග්‍රහ නොකර දේශපාලනයෙන් සමුගන්න. ඔබගේ නම ඉතිහාසගත වී ඇත. එය මකා දමා හෝ තම බලය රැකගැනීමට වෙර දරන දේශපාලන අනාථයින් රැසක් ඔබ වටා නිලමැස්සන් මෙන් කැරකෙන බව වටහාගන්න (නි)
ජයවේවා! ඔබතුමා ඉදිරියටම යන්න. අපි ඔබ සමඟයි (නි)
සමන්ත හරි. (නි)
දේශපාලකයන් බොහොමයක් මේ විදිහට වලිකන්නේ තමුන්ගේ මඩිය තරකරගන්න. සමන්තගේ අදහස හොඳ අදහසක්. අද ලංකාදීප පුවත්පතේ තිබෙනවා හිටපු අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ සරල දිවි පෙවෙත ගැන. මෙවැනි නායකයින් බිහිකරගැනීමට ජනතාව බුද්ධිමත් වියයුතුයි. සමන්තගේ අදහස ඉක්මනින් ක්‍රියාවට නැඟේවායි පතමි. (නි)
ජවිපෙ මන්ත්‍රීවරුන් වගේ තමන්ගේ වැටුපත් පරිත්‍යාග කරන සැබෑ මානව හිතවාදී දේශපාලකයන් පිරිසක් සෑම පක්ෂයකින්ම පත්කර යැවීමෙන් සමන්තගේ අදහස ක්‍රියාවට නැඟිය හැකියි. (නි)
අනුෂ්ක කියපු කතාව හරි. කළ ලොකුම වැරදි වැඩේ තමා අර අපුරුවට ගිය යුද්ධය ඉවර කළ එක. ඒකෙන් කී දෙනෙකුට පාඩු වුණාද? (නි)
මේ ඉතින් මහින්ද නෙට්වර්ක් එකේ අයනේ. උඩ ඉඳලා පහළටම හොරා කන්න ඉඩදීලා තිබුනා. දැන් ජීවත්වෙන්න අමාරු ඇති (නි)
සුඛෝපභෝගී වාහන පාවිච්චි නොකර ඉන්දියාවේ වගේ ගාන අඩු නිල වාහන අපේ දේශපාලකයොත් පාවිච්චි කරනවා නම් කොච්චර විශාල මුදලක් ඉතුරු කරගන්න පුලුවන්ද? අවුරුදු 5 ක් පාර්ලිමේන්තුවේ ඉඳලා ජීවිත කාලෙම විශ්‍රාම වැටුප් ලබන එක කොච්ච්චර අසාධාරණද? (නි)
දැන්වත් "නීතිය සහ සාමය සදහා වන ඇමති තනතුර" ට ජෙනරාල් ෆොන්සේකාව පත්කරලා රටේ ගසාකාපු කෝටි ප්‍රකෝටි මුදල හොඳින් හෝ නරකින් ලබාගෙන අසරණ දුප්පත් ජනතාවට සහන සළසන්න. 98% දුප්පත් මිනිසුන් සමඟ "යහපාලන"ගමන යන්න. කවදාවත් වරදින්නේ නැහැ. (නි)
ජනමතය ඇති තැන නායකයන් බිහිවේ (නි)
නිර්මල, කම්බා හොරු පස්සේ ලැජ්ජා නැතුව යන්නේ මොකද? (නි)
පැරදුනානම් පාඩුවේ වැඩක් බලාගන්නේ නැතිව ,මොකද්ද මේ මෙයාකරන නාඩගම , ලාංකිකයනි බුද්ධිමත්වන්න , පැරදුන දවසේ සිටම අරගල කරන්නේ බලයට එන්නයි .නැතුව මිනිසුනට ඇති ආදරයකට නොවන බව හැම කෙනෙක්ම සිහි බුද්ධියෙන් බැලිය යුතු කාලයයි මේ (බ)
මේ සෙල්ලම් පිස්තෝල කණ්ඩායමට ප්‍රදාන පක්ෂවලින් කොහොමටත් නාම යෝජනා ලැබෙන්නේ නැහැ .අපිට මතකයිනේ පොලිසියටත් අණ දීගෙන මැරවර කමෙන් හිටපු හැටි .මේගොල්ලෝ මේ පාර ගුටිකන්නේ ගැහැණුන්ගෙන් .අගමැතිතුමයි ජනාධිපතිතුමයි ඕවට බෙහෙත් දෙන්නේ ඔලුවෙන් .කටින් නෙමෙයි .(රේ)
ලක්මාල්, ඉල්ලන් කන නොකන එක මහින්ද කරගනී. යහපාලනේ කට්ටිය මොකද ඒකට කලබල වෙන්නේ? (නි)
නියමයි (රේ)
මහින්ද ගාව. සුමනදාස හදල දුන්නු. ඇලඩින්ගේ පුදුම පහන. දැන් පාවිච්චි. කරන්නේ. නැතිද . ඉස්සර. එක අතේ තියාගන යනකොට කාන්ත පක්ෂය කාන්දම්. වගේ. ඇදුනේ. අයිමත් රත් කරලා බලන්න. හැරිලා ගිය මැති ඇමති ටික ගෙන්වා ගන්න (රේ)
රටේ අසරණ අම්මලා තමන්ගේ දරුවන්ට කිරිපිටි පැකට්ටුවක් ගන්න සල්ලි නැතුව, දරුවන්ට කන්න අදින්න දෙන්න මුදල් නැතුව ගඟට මුහුදට දරුවන් සමඟම පැනලා ජීවිත විනාශ කරගන්න රටේ, හිටපු පාලකයින් තමන්ගේ දරුවන්ට රුපියල් කෝටි 15-20 වටිනා ලැම්බෝගිනි, පොර්චේ කාර් 7-8 ක් ගුවනින් ගෙනවිත් දෙනවා. (නි)
එහිදී ඔහු පැවසුවේ* රජය ශ්‍රී ලංකා පාක්ෂිය ඉන්න මන්තිවරුන්ට කරදර කරන බවයි. !!!!! (රේ)
කොපමණ බලය තිබුනත් කර්මයෙන් ගැළවීමට නොහැකි බවට මෙය කදිම නිදසුනක්. ඒ කාලයේ එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීමට නොගත් උත්සාහයක් නැත. දැන් එය තමන්ටම පාරාවළල්ලක් වී ඇත. ජනතාවගේ කැමැත්තට පිටු පා කටයුතු කළොත් යහපාලන ආණ්ඩුවටද අනාගතයේ අත්වන ඉරණම මෙයයි. ඒ නිසා දැන්වත් දුන් පොරොන්දු ඉටුකරනු! ජනතාව නොමඟ නොයවනු! (නි)
රාජපක්ෂලා රටට කළ විනාශය මිනීමරු ප්‍රභාකරලා 35 දෙනෙක් ඉපදුනත්, අවුරුදු 35කදීවත් කරන්න බැහැ. සමහරුන්ට ඒක නොතේරුනාට මොළේ කළදක් තිබෙන කෙනෙකුට වුණත් තේරෙනවා. (නි)
මුහුණු ටික දැක්කහම කට්ටිය ගැන හිතාගන්න පුළුවන් (නි)
මොකද දන්නෙ නැහැ හදිසියේම මෙහෙම වෙන්නේ? (නි)
කරුණාකරලා දැන්වත් රටේ නීතිය ක්‍රියාත්මක කරලා රටේ ගසාකාපු ධනස්කන්දය නැවත ජනතා සතු කරන්න. ලක්ෂ 62 කක ජනතාවගේ ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරන්න. (නි)
අපිට පෙනෙනවා නියම කට්ටියක් එකතු කරගෙන කියලා (නි)
රටේ ගසා කාපු ධනස්කන්දය රුපියල් කෝටි ගණනින් තියෙද්දී මොකට අපි තවත් වෙන රටවලින් ණය ගන්නවද? දැන්වත් ජෙනේරල් ෆොන්සේකාට සියලු පරීක්ෂණ බාරදෙන්න. (නි)
එහෙම කරනවා නම් බොහොම වැරදියි (නි)
රාජපක්ෂ යුගයේදී හිටපු ගමන් කෝටිපතියෝ වුණ අයට දැන් පිස්සු හැදිලයි තියෙන්නේ. (නි)
ජයෙන් ජයම වේවා ! (රේ)
මහින්ද මහත්තයෝ ඔබතුමාව මේ අය අයිමත් ඔයාව අන්දනවා එයාලට තවදුරටත් ගසාකන්න ඕන නිසා. ඔබතුමාගේ ගෞරවය තියාගෙන නිදහසේ ඉන්න බලන්න (බ)
බවලත් උදවියගේ උදව් නෑ වගේ මෙතුමට.(රේ)