‘රජය සංහිඳියාවක් ඇති කරනාවා යැයි පැවසිම බොරුවක්. එහි ඇත්තේ සිංහලත්වය විනාශ කිරීමක්‘ යැයි බෙංගමුවේ නාලක හිමියෝ මහනුවරදී පැවසූහ.
මහනුවර කැප්පැටිපොළ ශාලාවේදි ජාතික හිමිකම් සංවිධානයේ මධ්‍යම පළාත් නියෝජිත සම්මේලනය අමතමින් ඒ හිමියෝ එසේ කීහ.
මානව හිමිකම් මුවාවෙන් වෙනත් රටවල් අප රටට කරන්නාවු කෙනෙහිලිකම් නවත්වා දැමිම සදහා ජාතික හිමිකම් සංවිධානය ඇරඹුණු බවත් ඒ සදහා ජාති බේදයකින් තොරව මෙරට සිංහල,දෙමළ.මුස්ලිම් ජනයා ඒකරාශි වන බවත් පැවසූ නාලක හිමියෝ මානව හිමිකම් යැයි කියා ගන්නා සංවිධාන මෙරටට ඇතුළු වන්නේ මෙරටේ ඇති අසමගිය නිසා බවත් යැයි කීහ.
‘‘සිංහල දෙමළ මුස්ලිම් අසමගියක් මේ රටේ නෑ. ඒක මවා පානවා සුමන්දිරම්ලා, සම්බන්දන්ලා. විග්නේශ්වරන්ලා. ඡන්ද ටික අරගෙන බලයේ සිටීම සඳහා කරන වැඩ පිළිවෙළක් පමණයි එතන තියෙන්නෙ. වැට් බද්දට විරුද්ධව රටේ හැම ප්‍රදේශයකම මිනිස්සු නැගි හිටියා. මිනිස්සුන්ට මේක තේරුනා මේක මහා පීඩාවක් කියලා. අපි ජනතාවගේ දානෙන් ජීවත්වන හිමිවරු නිසා විහාරයට දානයක් ගේන විට ඔවුන් අමාරුවෙන් ඒ දේ කරන බව ජනතාවත් සමග ජීවත් වන අපට වැටහෙනවා. ඒ දුක දේශපාලකයන්ටත් මහානායක හාමුදුරුවන්ටත් තේරෙන්නෙත් නෑ. එයාල ඉන්නෙ දේශපාලකයන්ගේ ලොකු ලොක්කන්ගේ අටපිරිකරයි පුජා භාණ්ඩයි අරගෙන ඒ අයට ආශිර්වාද කරන්න විතරයි. එයාලට ජනතාවගේ දුක තේරෙන්නෙත් නෑ. අපි වගේ සාමාන්‍ය භික්ෂුන්ට පමණක් ජනතාවගේ දුක තේරෙනවා. ‘‘ යැයි ද නාලක හිමියෝ කීහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවගේ දුක තේරෙන නිසා අපි වාහන දෙක තුනකින්ම වඩිනවා.(ම)
ජාතින් අතර අසමගිය ඇති කරන්නේ ඔය දේශපාලුවන්ට කඩේ යන මේ අයම තමයි (බ)
අපේ පැත්තෙන් විතරනේ ඕක තියේන්නේ අපේ හාමුදුරුවනේ. ඉතින් කොහොමද එ්ක කරන්නේ. (බ)
ඔන්න මේ හාමුදුරුවන්ටත් ටික දවසකට ඇතුලට යන්න හිතිලා. (බ)
ගරුතර හිමියනි !.විදර්ශනා වඩා මග පල ලබන්න . කඩේ ගියා ඇති (බ)
ගරුතර හිමියනි ,සිංහලයෝ කියන්නේ පුදුම ජාතියක් ,ඔබ වහන්සේ වගේද ,මහා නැණවතෙක් ,මහා ධනවතෙක් අසහාය මිනිසෙක් වූ අනගාරික ධර්මපාල උත්තමයා ජාතිය නගා සිටුවන්න දුර දක්නා නුවණින් දේවල් කියුවා සිංහලයෝ එතුමාට හොරා කියුවා , අද සිංහලයෝ බුක්ති විදින්නේ ඒ වයේ ප්‍රතිපල. (බ)
ඔබවහන්සේ කියන්නේ මේ රටේ සිද්ධවෙන ඇත්ත දේ. මේක වෙන බව නොවැටහුණු කොටසක් ජනවාරි 8 හිටිය. පුදුමේ කියන්නේ තවමත් ඉන්නවා. මේ තරම් විශාල මහබැංකු කොල්ලය කරලත් (නි)
හාමුදුරුවනේ, මහින්ද නේද අන්තිම පේළි ටිකේ තියෙන වැඩ කෙරුවේ? දැන් ඔය කියන කිසිම දෙයක් වෙන්නේ නැහැ. අඩුම ගණනේ නොමිලේ සිල්රෙදි පවා නතරකළා. හාමුදුරුවන්ට දැන් තමයි තේරෙන්නේ දුප්පත් මිනිස්සු දාන වේලක් දෙන්න කොපමණ දුක් විඳිනවද කියලා. (නි)
අනේ හාමුදුරුවනේ, ඔය දේශපාලකයෝ පස්සේ යන්නේ නැතුව පිනක් දහමක් කරගෙන මිනිසුන්ට සේවයක් කරන්න උත්සාහ කරන්න (නි)
අද දින ලක්පොලොව මත සිදුවන දේ පිලිබඳ සංවේදී බවක් නොදක්වන කෙනෙක් වෙද්ද ඒ මුග්දයෙකු මිස අන් කවරෙන්ද? අපේ ස්වාමින්වහන්සේ බැරෑරුම් ලෙස අවධාරණය කරනුයේ අමු අමුවේ මව්බිම පාවාදීම සඳහා යහපාලන රෙජීමය මගින් සිදුවන දේශද්‍රෝහී ක්‍රියාකාරකම් ගැනයි. මෙවන් දේශප්‍රේමින් නොවන්නට මේ වනවිටත් අප සදාදරණිය මව්බිම අපෙන් ගිලිහි අවසන් බව සියල්ලන් වටහා ගන්නේ නම් මැනවි. (බ)