
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය සේවය කප්පාදු කිරීමට කිසිසේත් බලාපොරොත්තු නොවන නමුත් රාජ්‍ය සේවය පවත්වා ගෙන යාම සඳහා දරන වැය බර පිළිබඳව ගැටලුවක් තිබෙන බව ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය.
එක් අධිෂ්ඨානයක සිටිමින් රාජ්‍ය සේවය යම් විධිමත් යාන්ත්‍රණයකට ගෙන ආ යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කීවේ නාරාහේන්පිට ‘නිල මැදුර’ ගොඩනැගිල්ලේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද (20) දිස්ත්‍රික් ලේකම්/දිසාපති සමුළුව අමතමිනි.
ආණ්ඩුවේ ඒජන්තවරයාගේ සිට දිස්ත්‍රික් ලේකම් දක්වා තනතුරු නාම වෙනස් වූ සේවය වසර 200ක් පමණ පැරැණි වන අතර රට නව දිශානතියකට යොමු කිරීම සඳහා එමඟින් විශාල කාර්යභාරයක් ඉටු කර ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
එහෙත් අවසාන අරමුණ හා ඉලක්කය වල වත්මන් තත්ත්වය ගැන සෑහීමකට පත් විය නොහැකි බව ද ජනාධිපතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වුණාට පින්බතලගෙන් හරි හැටි වැඩ ගන්න... නැතිනම් අරයාගේ, මෙයාගේ හෙංචයියලා... කියලා වැඩ නොකර ඉඳීවි.
දේසපාලුවන් හැමෝම තරඟෙට රාජ්‍ය සේවකයන් කියලා ඉන්න වංචාකාරීව පහසුවෙන් ජීවත්වෙන හොරුන්ට කප්පම් ගෙවමින් බලයේ රැඳී සිටිනවා. රට තව තවත් ණය කන්දේ හිරකරලා දෑතේ වීර්යයෙන් ජීවත් වෙන ගොවියන්, ධීවරයින් අපනයන කර්මාන්ත වල සේවකයින් බිත්තියට හිරකරලා දේශපාලුවන් රජයේ සේවකයින් සමග කල්ලි ගැහිලා පහසුවෙන් ජීවත්වෙනවා රට වල පල්ලට යවනවා...!!!