IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රාජ්‍ය සේවකයෝ 21,000ක් නිවාඩු පිට

(විමුක්ති එස් රුද්‍රිගු)

මෙරට රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන්ගෙන් 21,928 ක් විශේෂ නිවාඩු මත සිටින බවත් ඉන් 13,396 ක් විදේශ ගතවීම සඳහාත්, 8,532 ක් දේශීය රාජකාරී කටයුතු සඳහාත් එම විශේෂ නිවාඩු ලබාගෙන ඇති බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ 2024 රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන් සමීක්ෂණයේ මූලික වාර්තාවේ දැක්වේ.

පසුගිය වසරේ සිදුකළ සමීක්ෂණයට අනුව මෙරට සමස්ත රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව 1,156,018 ක් බවත් එය 2016 වසරට සාපේක්ෂව 46,543 ක ඉහළ යාමක් බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

2016 වසරේදී මෙරට රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව 1,109,475 ක් ලෙස සඳහන් වූ බවද ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

මෙරට සමස්ත රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන්ගෙන් 688,669 ක් මධ්‍යම රජයට අයත් බවත් 467,349 ක් පළාත් පාලන ආයතනවලට අයත් බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

මධ්‍යම රජයට අයත් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන්ගෙන් වැඩිම ප්‍රතිශතය පිරිමින් බවත් පළාත් පාලන ආයතනවලට අයත් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන්ගෙන් වැඩිම ප්‍රතිශතය කාන්තාවන් බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පැවැසුවේය.

ඉන් 938,763 ක් රාජ්‍ය සේවකයන් බවත් 217,255 ක් අර්ධ රාජ්‍ය සේවකයන් බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. මෙරට සිටින රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන් 1,156,018 ක සංඛ්‍යාවෙන් සියයට 50.5 ක් එසේත් නැතිනම් 583,363 ක් පිරිමි පුද්ගලයන් බවත් සියයට 49.5 ක් එසේත් නැතිනම් 572,655 ක් කාන්තාවන් බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පැවැසුවේය.

මෙරට 1,156,018 ක රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන්ගෙන් 1,113,344 ක් සියයට 96.3 ක ප්‍රතිශතයක් ස්ථිර සේවකයන් බවත් අනෙක් පිරිස කොන්ත්‍රාත්, අනියම් සහ තාවකාලික පදනම මත සේවයේ නියුතු වන්නන් බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

සමීක්ෂණයට අනුව මෙරට සමස්ථ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන්ගෙන් වැඩිම පිරිස මධ්‍යම රජයට අයත් රාජ්‍ය සේවකයන් බවත් 475,483 ක් එලෙස මධ්‍යම රජයට අයත් රාජ්‍ය අංශයේ සේවය කරන බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පැවැසුවේය. ඉන් වැඩිම පිරිසක් 279,194 ක් සියයට 58.7 ක ප්‍රතිශතයක් පිරිමින් බවත් 196,289 ක් සියයට 41.3 ක ප්‍රතිශතයක් කාන්තාවන් බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ දත්ත වාර්තාවේ දැක්වේ.

එසේම මධ්‍යම රජයට අයත් අර්ධ රාජ්‍ය සේවකයන් 213,186 ක් සිටින බවත් ඉන් වැඩිම පිරිසක් 148,439 ක් සියයට 69.6 ක ප්‍රතිශතයක් පිරිමි පුද්ගලයන් බවත් එම දත්ත වාර්තාවේ සඳහන් වේ. ඉන් 64,747 ක්වූ අර්ධ රාජ්‍ය සේවකයන් පිරිසක් කාන්තාවන් බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 30.4 ක් බවත් එම දත්ත වාර්තාවේ දැක්වේ.

මෙරට සමස්ත රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන්ගෙන් 463,280 ක් පළාත් පාලන ආයතනවලට අයත් රාජ්‍ය සේවකයන් බවත් ඉන් වැඩිම පිරිසක් 310,573 ක් සියයට 67 ක ප්‍රතිශතයක් කාන්තාවන් බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පැවැසුවේය. එසේම 152,707 ක් පළාත් පාලන ආයතනවලට අයත් රාජ්‍ය සේවකයන් ලෙස සේවය කරන බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 33 ක් බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ දත්ත වාර්තාවේ දැක්වේ.

කෙසේ නමුත් මෙරට පළාත් පාලන ආයතනවලට අයත් රාජ්‍ය සේවකයන් සිටින්නේ 4,069 ක් බවද එම දත්ත වාර්තාවේ සඳහන් වේ. ඉන් 3,023 ක් සියයට 74.3 ක් පිරිමින් බවත් 1,046 ක් සියයට 25.7 ක ප්‍රතිශතයක් කාන්තාවන් බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පැවැසුවේය.

2024 රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන් සමීක්ෂණයේ මෙරට රාජ්‍ය සේවය පිළිබඳව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සිදුකළ 9 වැනි සමීක්ෂණය වන අතර 8 වැනි සමීක්ෂණය 2016 වසරේදී සිදුකර තිබිණි.

 



අදහස් (3)

රාජ්‍ය සේවකයෝ 21,000ක් නිවාඩු පිට

Lal Wednesday, 30 April 2025 11:07 AM

පිං පඩි කාරයෝ

:       12       18

Jayasekara Wednesday, 30 April 2025 03:39 PM

බහුතරය පින්පඩි කාරයෝ... වැඩක් කරගන්න ගියාම අපිට නිදිමත හැදෙනවා... කිසිම ප්‍රබෝධමත් ගතියක් නැහැ. මොවුන්ට අනවශ්‍ය නිවාඩු දෙන්න නරකයි. මුස්ලිම් නිවාඩුව දෙන්න ඕනෑ මුස්ලිම් අයට විතරයි. ආගමේ නිවාඩුත් එහෙමයි. අවුරුද්දේ වැඩි හරියක් ගෙවල්වල...

:       5       9

Chinthaka Thursday, 01 May 2025 06:36 AM

රනිල් ජනාධිපති කාලයේ වැටුප් ගෙවාගැනීමටවත් නොහැකි ලෙසට ආර්ථිකය කඩාවැටී තිබුණා. එනිසාත් විදේශ රැකියා මගින් රටට ආදායමක් ඉපැයීමට රජයේ සේවකයින්ට වැටුප් රහිත (නැතුව) විදේශ ගතවීමට අවස්ථාව දුන්නා. තවත් පිරිසක් පුද්ගලික කටයුතු කරගැනීමට වැටුප් නැතුව නිවාඩු ගත්තා. එයින් රටේ යම් ප්‍රමාණයකට මුදල් පාලනයක් වුනා. සිදුවූ සත්‍යයම තත්වය ඒක වුනත් ඊයේ පෙරේදා උපන්නාවගේ අදහස් දැක්වීම කණගාටුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site