රජයේ සේවකයන්ගේ සහ ආරක්ෂක අංශ සාමාජික වැටුප් සියයට 10කින් වැඩි කරන බව මහින්ද රාජපකෂ ජනපති ප්‍රකාශ කෙළේය. අය වැය කථාවට පැය දෙකයි විනාඩි 10ක් ගත විය. රජයේ මාණ්ඩලික නොවන සේවකයන් සඳහා එම වැටුප් වැඩි කිරීම 2012 ජනවාරියේ සිට ද මාණ්ඩලික ශ්‍රේණි සඳහා ජනවාරියේ සියයට පහක් ද ජුනි මාසයේ ඉතිරි සියයට පහ ද ගෙවන බව ජනපති කීවේය. 2004 වසරට පෙර විශ්‍රාම ලැබූ රජයේ සේවකයනට රැපියල් 1000ක දීමනාවක් ද 2004ට පසු විශ්‍රාම ලැබූ රජයේ සේවකයනට රැපියල් 500ක ද දීමනාවක් ද ගෙවනු ඇත. සබා ගැබේ රැඳී සිටිම ගැන දෙමළ ජාතික සංධානයට ද ශක්තිමත් විපක්ෂයක් පවත්වාගෙන යෑමට උත්සහා ගැනීම ගැන එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට ද ස්තුති කරන බව ජනපති කීවේය. විපක්ෂ නායක කී සැණින් එජාප මන්ත්‍රීන් එළියට යෑමෙන් ඔහු ශක්තිමත් විපක්ෂයක් ඇති බව පෙන්වී යැයි ද ඔහු කීවේය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ ගිය අය වැයෙන් දෙනවා කියපු එවා?
කො ගිය අය වැයෙන් දෙනවා කියපු එවා මේ බයිලා කොන්ඩේ බැදපු චිනුන්ට කියන්න කියන්න
මේකත් පඩියට එල්ලනවද???? අහෝ රාජ්‍ය සේවය කෙතරම් ආශ්චර්යයමත්ද???
අර ජනාධිපතිවරණ කාලේ වැඩි කරපු රුපියල් 2000 ට මොකද වුණේ?
තෘප්තියෙන් තොර මෙහෙවරට පිදෙන රාජකීය තිළිණයට කෙසේ තුති පුදන්නදැයි සිතන්නට නොහැක්කේමය
පෙන්ෂන් අයට මදිද? ඇන්කර් පැකට් එකක් අරගෙන 235 කුත් ඉතුරු වෙනවා
පඩි වැඩි කිරීමට වඩා වැදගත් වන්නේ ජීවන වියදම අඩු කිරීමයි.
රට ගැන හිතලා ඉදිරිපත් කරපු හොද අයවැයක්