වෘත්තිකයින්ට රාජ්‍ය සේවය එපා කර ඔවුන් රට හැර ගිය පසු ඇතිවන පුරප්පාඩු පිරවීම සඳහා විදේශීය ශ‍්‍රමිකයින් ගෙන්වීමේ උත්සාහයක රජය නිරත වන බව දීප ව්‍යාප්ත සේවාවල විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව කොළඹ පිහිටි විද්වත් වෘත්තිකයින්ගේ සංගම් ශාලාවේ දී අද(7) පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
මේ සඳහා ඉන්දියාව සමග ගිවිසුමක් අත්සන් කිරීමට ද රජය සූදානම් වන බවත්, එවැන්නක් වුවහොත් සෞඛ්‍යය ඇතුළු රාජ්‍ය සේවාවන්හි ගුණාත්මකභාවය පිරිහී යාම අනිවාර්ය බවත් එම කමිටුවේ සභාපති ආයුර්වේද වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා පැවසීය.
මෙවර අයවැයෙන් රජයේ සේවකයින්ට අහිමි කර ඇති වරප‍්‍රසාද නැවත ලබාදෙන තුරු අඛණ්ඩව සටන් කරන බව ද කී ඒ මහතා රජයේ මෙම වැඩපිළිවෙළ පිළිබද ජනතාව දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බවද කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම්.! (ර)
රාජ්‍ය සේවකයන්ගේ යුතුකම් ගැන ..? රාජ්‍ය සේවය මහජනයා ගෙවන බදුමුදලින් වැටුප් හා වරප්‍රසාද ලබා ජනතා අයිතිවාසිකම් සුරකිනවාද..? (නි)
කීයක් හරි වැඩියෙන් ගියත් කමක් නැහැ දුම්රිය සේවය පුද්ගලිකරනය කරන්න. අපිට මේ රාජ්‍ය සේවය එපා. රාජ්‍ය සේවය පුද්ගලික සේවය කරන අපිට මහා බරක්. (නි)
ලංකාවේ රාජ්‍ය සේවයේ රැකියා කළහැක්කේ ශ්‍රී ලාංකිකයින්ට පමණයි. රාජ්‍ය සේවය විධිමත් ලෙස පරිගණක ජාල ක්‍රමයකට යොමු කළහොත් වර්තමානයට වඩා ගුණාත්මක සේවයක් සිටිනා සේවක පිරිසෙන් 60% කින් ඉටුකළ හැකියි. ඇයි විදේශීය ශ්‍රමිකයින් අවශ්‍ය යැයි කියන්නේ? (නි)
මතකනේ 80දි වර්ජනය කරලා ලැබුණු දේවල්? (නි)
අනේද කියන්නේ? ලෝකෙට ණයවෙලා හරි චීනෙන් වැඩි පොළියට හරි ණය අරගෙන මෙම උත්තමයන් ඉල්ලන සියලුම දේ දෙන්න. වාහන, නිවාස, බඳින වයස එනවිට මනාලියකුත් දෙන්න. වෙනම අමාත්‍යංශයක් මේවාට හදන්න. (නි)
වතුර බාල්දියේ කිඹුල්ලු දකිනවාද? මෙහි පිරිහීමට තරම් රාජ්‍ය සේවයක් තිබෙනවාද? (නි)
කලින් වතාවෙත් රනිල් අගමැති වෙලා ජරයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප නතර කළා මහින්ද ඇවිත් ආයේ එ්ක හදල දුන්නේ රජයේ සේවකයන්ට ඒක අමතක වුනා මේපාර වසර 5 ක් මන්ත්‍රී වෙලා ඉඳල විශ්‍රාම වැටුප් ගන්නේ ලජ්ජා නැත්ද (බ)
බොහොම හොඳයි (නි)