IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘රාජ්‍ය සේවක අයිතීන් වෙනුවෙන් අඛණ්ඩව සටන් කරනවා‘

වෘත්තිකයින්ට රාජ්‍ය සේවය එපා කර ඔවුන් රට හැර ගිය පසු ඇතිවන පුරප්පාඩු පිරවීම සඳහා විදේශීය ශ‍්‍රමිකයින් ගෙන්වීමේ උත්සාහයක රජය නිරත වන බව දීප ව්‍යාප්ත සේවාවල විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව කොළඹ පිහිටි විද්වත් වෘත්තිකයින්ගේ සංගම් ශාලාවේ දී අද(7) පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

මේ සඳහා ඉන්දියාව සමග ගිවිසුමක් අත්සන් කිරීමට ද රජය සූදානම් වන බවත්, එවැන්නක් වුවහොත් සෞඛ්‍යය ඇතුළු රාජ්‍ය සේවාවන්හි ගුණාත්මකභාවය පිරිහී යාම අනිවාර්ය බවත් එම කමිටුවේ සභාපති ආයුර්වේද වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා පැවසීය.

මෙවර අයවැයෙන් රජයේ සේවකයින්ට අහිමි කර ඇති වරප‍්‍රසාද නැවත ලබාදෙන තුරු අඛණ්ඩව සටන් කරන බව ද කී ඒ මහතා රජයේ මෙම වැඩපිළිවෙළ පිළිබද ජනතාව දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බවද කීවේය.



අදහස් (0)

‘රාජ්‍ය සේවක අයිතීන් වෙනුවෙන් අඛණ්ඩව සටන් කරනවා‘

අනිල් Tuesday, 08 December 2015 11:45 AM

සුබ පැතුම්.! (ර)

:       0       0

ජගත් Monday, 07 December 2015 03:34 PM

රාජ්‍ය සේවකයන්ගේ යුතුකම් ගැන ..? රාජ්‍ය සේවය මහජනයා ගෙවන බදුමුදලින් වැටුප් හා වරප්‍රසාද ලබා ජනතා අයිතිවාසිකම් සුරකිනවාද..? (නි)

:       0       0

ගයාන් Tuesday, 08 December 2015 05:21 AM

කීයක් හරි වැඩියෙන් ගියත් කමක් නැහැ දුම්රිය සේවය පුද්ගලිකරනය කරන්න. අපිට මේ රාජ්‍ය සේවය එපා. රාජ්‍ය සේවය පුද්ගලික සේවය කරන අපිට මහා බරක්. (නි)

:       0       0

ධම්මික Monday, 07 December 2015 05:42 PM

ලංකාවේ රාජ්‍ය සේවයේ රැකියා කළහැක්කේ ශ්‍රී ලාංකිකයින්ට පමණයි. රාජ්‍ය සේවය විධිමත් ලෙස පරිගණක ජාල ක්‍රමයකට යොමු කළහොත් වර්තමානයට වඩා ගුණාත්මක සේවයක් සිටිනා සේවක පිරිසෙන් 60% කින් ඉටුකළ හැකියි. ඇයි විදේශීය ශ්‍රමිකයින් අවශ්‍ය යැයි කියන්නේ? (නි)

:       0       0

සුසන්ත Monday, 07 December 2015 01:09 PM

මතකනේ 80දි වර්ජනය කරලා ලැබුණු දේවල්? (නි)

:       0       0

එරංග Monday, 07 December 2015 10:26 PM

අනේද කියන්නේ? ලෝකෙට ණයවෙලා හරි චීනෙන් වැඩි පොළියට හරි ණය අරගෙන මෙම උත්තමයන් ඉල්ලන සියලුම දේ දෙන්න. වාහන, නිවාස, බඳින වයස එනවිට මනාලියකුත් දෙන්න. වෙනම අමාත්‍යංශයක් මේවාට හදන්න. (නි)

:       0       0

සමන්ති Monday, 07 December 2015 11:32 PM

වතුර බාල්දියේ කිඹුල්ලු දකිනවාද? මෙහි පිරිහීමට තරම් රාජ්‍ය සේවයක් තිබෙනවාද? (නි)

:       0       0

කල්ප Monday, 07 December 2015 01:51 PM

කලින් වතාවෙත් රනිල් අගමැති වෙලා ජරයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප නතර කළා මහින්ද ඇවිත් ආයේ එ්ක හදල දුන්නේ රජයේ සේවකයන්ට ඒක අමතක වුනා මේපාර වසර 5 ක් මන්ත්‍රී වෙලා ඉඳල විශ්‍රාම වැටුප් ගන්නේ ලජ්ජා නැත්ද (බ)

:       0       0

සුපුන් Tuesday, 08 December 2015 02:58 AM

බොහොම හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 49 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site