රාජ්‍ය වෙසක් උත්සවය වීරකැටිය ප්‍රදේශයේ නයිගල රජමහා විහාරයේ පැවැත්වීමට යයි.
“හම්බන්තොට ප්‍රදේශයේ වෙසක් උත්සවය පවත්වන්නට සාධක ගණනාවක් තිබුණා. එකක් තමයි රාජ්‍ය වෙසක් උත්සවය රටේ ඉපැරණි වේර විහාරයන්හි පවත්වා තිබුණත් දකුණු පළාතේ නොපැවැත්වීම. මම සතුටු වෙනවා ගම් පළාතේ පැවත්වීම ගැන සුවිශේෂි කාරණය වන්නේ අනුරාධපුරය තරම් දිගු ඉතිහාසයක් රෝහණ පුරයටත් තියෙනවා.”
රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මුද්දර තුනක් නිකුත් කිරිම ද අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බුද්ධ ශාසන අමාත්‍යංශයේදි අද (02) සිදු විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ අදහසක්.(හේ)
නන්ද, ඔබගේ අදහස් වලට මමත් එකඟයි. වඩා අවශ්‍ය කෙරෙන්නේ අසරණ අයට පිහිටවීමයි. (නි)
වරදවා තේරුම් ගන්න එපා. අපේ රටේ සිංහල අවුරුද්දට, වෙසක් එකට කරන උත්සව ඕනෑවටත් වඩා වැඩියි නේද ? ඒවා සමරන්න ඕන තමයි. එහෙත් ඒවා ටිකක් අඩුකරලා, ඉතාම දිළිඳු පන්සල් වලට, දුෂ්කරතා වලින් පිරුණු බෞද්ධ පාසල් වලට, බරපතල අසනීප වලට ප්‍රතිකාර ගැනීමට වත් කමක් නැති අහිංසකයන්ට උදවු උපකාර කරන එක ඉතාම උතුම් බුද්ධ පුජාවක් නේද ? (බ)
උතුරේ සහ නැගෙනහිර බෞද්ධ අයිතිය නැතිවෙද්දී, ඉතිරි පෙදෙස්වලට පන්සල අසල වෙනත් ආගමික මධ්‍යස්ථානයන් ඉදිවෙද්දී, වෙනත් අකටයුතුකම් බොදු අයිතියට සිදුවෙද්දී රාජ්‍ය උත්සව තැබීමෙන් මොන සෙතක්ද, දේශපාලන ගැත්තන් රැවටුවාට බොදු අයිතිය වෙනුවෙන් සටන් කරන්නවුන් රැවටිය හැකිද? (බ)
රැකවරණය දෙන ඇත්තන්ගෙයි පවු සමාවෙන්නේ නැහැ තමන්ගේ ගමේ ඕවා පැවැත්වුවාට. ජනාධිපතිතුමා හොරුන් අල්ලන්න ඕනේ නම් මෙයාව ඉවත් කරලා රට දැයට වැඩක් තියෙන කාර්යක්ෂම කෙනෙක් පත් කරන්න වෙයි .(බ)
වෙසක් උත්සවය අද විනෝදකාමී හුදෙක් රටේ මිනිසුන්ගේ මනදොල පිනවන්න සකස් වුණ උත්සවයක් හැටියටයි මමනම් දකින්නේ.රටේ මිනිසුන්ගේ දැහැමි බව ගිලිහි ගිය බවක් මෙයින් පෙන්නුම් කරනවා (ම)
වෙසක් සතිය සම්බන්ධ චක්‍ර ලේඛනය ඉක්මනින් නිකුත් කරන්න (බ)
හරිම සතුටුයි. කාලෝචිත තීරණයක් (නි)