(යොහාන් භාසුර)
අර්ධ රාජ්‍ය ආයතනයක් වන සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සේවකයන්ගේ වැටුප මෙම වසරේ අයවැයයෙන් කළ වැටුප් වැඩිකිරීමට අනුව මූලික වැටුපේ සිට අඩු වී ඇතැයි චෝදනා කරමින් එම මණ්ඩලයේ සේවකයන් නාරාහේන්පිට පිහිටි කම්කරු දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට අද (4) විරෝධතාවක් දැක්වූහ.
එම මණ්ඩලයේ වර්තමාන සභාපතිවරයා ගත් අත්තනෝමතික තීරණයක් හේතුවෙන් ඇතැම් සේවකයන්ගේ මූලික වැටුපෙන් රුපියල් 20,000 ක් පමණ අඩුවී ඇති බවත් එම සේවකයන්ට වාහාම සාධාරණ ඉටුකරන ලෙස ඉල්ලා සිටින බවත් විරෝධතාකරුවෝ එහිදී පැවසූහ.
සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය සේවකයන්ට මේ සම්බන්ධයෙන් කථා කිරීමට සාකච්ඡාවක් හෝ නොදෙන බව කී විරෝධතාකරුවෝ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට මෙයට මැදිහත්වන ලෙස ඉල්ලා සිටින බව ද සඳහන් කළහ.
(ඡායාරූපය: ශාන්ත රත්නායක)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
රජයේ වැටුප් වැඩිකිරීමේදී ETF සේවක මූලික වැටුපත් කැපිලා