IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රජය වී මිලදීගැනීම අරඹනවා

(යොහාන් භාසුර)

දිවයින පුරා පිහිටි වී ඇළෙවි මණ්ඩලයට අයත් වී ගබඩා සියයට අධික සංඛ්‍යාවක් මෙම සතිය තුළ ‘යළ’ කන්නයේ වී මිලදී ගැනීමට විවෘත කරන බවත් පසුගිය කන්නයේ පැවැති වී මිලම මෙවර ද පවතින බවත් වී අළෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා අද (29) ‘ලංකාදීප’යට පැවසීය.

ඒ අනුව මෙරට ජනතාව වැඩි වශයෙන් පරිභෝජනය කරන නාඩු සහල් නිෂ්පාදනය කරන නාඩු වී කිලෝවක් රුපියල් 120 කට මිලදී ගන්නා බවත් සම්බා වී කිලෝවක් රුපියල් 125 කට සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132 කට අළෙවි කළ හැකි බවත් ඒ මහතා කීය. වී අළෙවි මණ්ඩලය සතුව ගබඩාවල වී මොටි්‍රක්ටොන් 210,000 ක් ගබඩා කිරීමේ පහසුකම් ඇති බව කී සභාපතිවරයා ජනතාව රජයට අස්වැන්න අළෙවි කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

කෙසේ වෙතත් වී අළෙවි මණ්ඩලයට සැළකිය යුතු වී තොගයක් නොලැබුණු අතර පෞද්ගලික සහල්මෝල්හිමියෝ වැඩි මිලට වී මිලදීගත්හ.

 



අදහස් (2)

රජය වී මිලදීගැනීම අරඹනවා

යෝගා Monday, 30 June 2025 12:34 PM

ඩඩ්ලි අවසර දුන්නාද?

:       1       6

sene Monday, 30 June 2025 03:38 PM

ඔය කියවන්නේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 100 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site