‘මැයි 19 වැනි දා කියන්නේ අපේ රටට ඓතිහාසික දවසක්. තිස් වසරක පැවති යුද්ධය නිම කර සිංහ ධජය මුළු ලංකාවේම ලෙළදුන් දවස . පසුගිය කාලසීමාවේ මේ දිනය සැමරුවා. රජය මෙවර එය පවත්වනවාද නැද්ද කියා අපිට තවම දැනගන්න ලැබුණේ නෑ. රජය එය පවත්වනවා නම් ඊට සහයෝගය දෙන්න පැවිදිහඬ සංවිධානය අදහස් කළා .‘ යැයි පැවිදි හඬ සංවිධානයේ කැඳවුම්කරු මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ අද පැවැති මාධ්‍ය හමුවකදී කීහ.
රජය එසේ සංවිධානය නොකරන්නේ නම් තමන් පන්සල්වල පහනක් හෝ පත්තු කර එය සමරන බව ද ඒ හිමියෝ පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍යපාලගෙ කතාව හරි ....එයාල සමරන්නේ පැරදුන සෙබළුන්ගේ සැමරීමක්...අපේ උන්ට මේ ජය ලබාගත්ත එක සමරන්නත් කොන්ද පණ නැහැ...(බ)
යුද ජය සමරන්න ගිහියන්ට බාරදීලා මේ හාමුදුරුවරු ශාසනය වෙනුවෙන් වැදගත් දෙයක් කළොත් නරකද? (නි)
හාමුදුරුවනේ, ඔබ වහන්සේලාවත් නොසිටියා නම් අද මේ රටේ සිංහලයට මොනවා වෙයිද? (නි)
යුධ සැමරුම් සදහා ප්‍රමුඛත්‍වය ගන්‍නේ භික්‍ෂූන් වහන්සේලානේ! (නි)
මධු, අතිතයේ ලංකාව මුදවා ගැනිමේදි සටන් කරපු වෙලාවෙත් හාමුදුරුවරු තමයි සේනාවට උපදෙස් දුන්නේ (හේ)
අපේ රට එදා ඉදන් හැම කරදරයකින්ම බේර ගන්න ගොඩක් කැප වුනේ අපේ හමුදුරුවරු.(හේ)
ඔබ වහන්සේලා සමග අපිත් ඉන්නවා.(හේ)
මේ හාමුදුරුවරු නැත්නම් අද අපිට රටක් නැහැ (නි)
එකටත් අරමුදලක් පටන් ගන්නවද ?? (ම)
අපි ඔබ වහන්සේලා සමගයි (හේ)
බිඳුණු හිත පාරනවට කට්ටිය කැමති නැහැ. එ්ත් රටේ නායකයන්ට අභියෝග කරමින් මියගිය ත්‍රස්තවාදීන් සමරන්න කට්ටියකට පුළුවන්. කල්පනා කරලා බලන්න, රට ජාතිය වැටෙන්න යන හැම මොහොතේම මහා සඟරුවන පෙරමුණ ගත්තේ නැත්නම් මෙලහකටත් අපට රටක් නැහැ (නි)
මට නම් තේරෙන්නේ නැහැ යුද්ධයක මොනවද සමරන්න තියෙන්නේ කියලා. ඕස්ට්‍රේලියා, නවසීලන්ත වගේ රටවල කරන්නේ ජීවිත දහස් ගණනක් නැතිවීම ගැන දුක්වීම මිසක් යුද්ධ ජයග්‍රහණයක් සැමරීමක් නොවේ. ඕනෑම රටක් යුද්ධයක් ඉවරවුණාට පස්සේ කරන්නේ යුද්ධයෙන් වූ විනාශය ගැන සිහිකරලා ඒ ගැන පසුතැවිලිව නැවත යුද්ධ ඇතිවෙන එක නවතාගන්නේ කොහොමද කියලා හිතන එක. ලංකාවෙත් අපි කරන්න ඕනෑ අපේ මැරුණු රණවිරුවන් සිහිකරලා ඔවුන් යුද්ධයේදී කළ කැපකිරීම් වලට ඔවුන්ට අාගමානුකූලව පින් පමුණුවා ඔවුන්ගේ පවුල් වලට කරදරයක් නැතුව ජීවිතේ ගොඩනඟා ගන්න උදව් කරන එක. (නි)
යුද සේමරුම අනිවාර්යෙන්ම සැමරියුතුයි. ජාතික උත්සවයක් හැටියට සැමරියුතුයි. අපේ රණවිරුවන් කල කැපවීම කවදාවත් අමතකලනොහැකි. (ර)
අපි ඔබවහන්සේලා සමගයි. (ර)
මහා සංඝරත්නයට අපගේ උත්තමාචාරය. (ර)
ඔයිට වඩා හොඳ නැද්ද ඕකට වැය කරන මුදලින් රණවිරුවන් වෙනුවෙන් යමක් කළොත් ? (ර)
අතීතයේ අපේ වීරෝධාර හාමුදුරුවරු හිටියේ නැත්නම්... (ර)
මේ හාමුදුරුවන්ට ජයවේවා! (නි)
අවසර! ධර්මාශෝක අධිරාජයාට එදා සාමණේර වහන්සේ යුධ ජයග්‍රහණ සමරන්න කියාදුන්නා අපිට අද බුද්ධාගමවත් නැහැ නේද? (නි)
යුද්ධය සැමරීම නොව සාමයේ අගය කියාදීමයි මහා සංඝරත්නයේ යුතුකම. (නි)
මේ වෙසක් සමයේ හාමුදුරුවෝ මොනවද මේ කියන්නේ කරන්නේ? (නි)
මම ඉන්නේ ඔස්ට්‍රලියාවේ. අප්‍රේල් 25 කියන්නේ මේ රටේ වඩාත්ම වැදගත් දවස. ඒ 1915 අප්‍රේල් 25 ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත හමුදාව තුර්කියට ගොඩ බැස සටනට ගොස් තුර්කි හමුදාවන් වෙතින් දරුණු පරාජයක් ලබා පසුබැස්සා. දස දහස් ගණන් ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත හමුදාවන් ඝාතනය වුනා. දැනට වසර 100 කටත් පෙර සිදුවූ මේ දිනය හමුදා සැමරුමක් ලෙස මහා ඉහලින් රට පුරා සමරනවා. අපි අපේ රටේදීම විශාල ජිවිත කැපකිරීම් කර රට රැකගත් විරුවන් අමතක කරන්නට තරම්. ඔවුන් ගැන කතාකිරීම පවා බරපතල වරදක් බවට හැගෙන ඉගි ලැබෙනවා. (ර)
ඒ ගත්ත තීරණය හොඳයි.(හේ)
ජනරංජන, සුද්දගේ කොඩිය පාගලා සිංහ කොඩිය ඉස්සුවේ කව්ද කියන්න දන්නවද? දන්නවා නම් ඔය විදිහට ලියන්නේ නැහැ. අපි ඔබ වහන්සේලා සමඟයි (නි)
අමිල, රටක හමුදාවක් ඉන්නේ යුද්ධයක් ඇති වුණොත් යුද්ධ කරන්න. ඒ නිසයි එයාලට තුවක්කු බෝම්බ සටන් ගැන පුහුණු කරන්නේ. ඒකයි අමිලලා වගේ අය නොව හොඳ පිරිමි හමුදාවට ගන්නේ. ඔවුන්ට ශක්තිය, අගය කිරීම, අභිමානය ලබාදිය යුතුය. (නි)
ශ්රී ලංකාව දිගු කලකට පසු නැවත එක ධජයක් යටතට පැමිණි දිනය මහා සංඝරත්නය ඇතුළු සියලු රටැසියන් එක්ව සැමරිය යුතුය. (හේ)
යුද ජයග්‍රහණය යනු සැමරිය යුතු දෙයක්ද ? (ර)