හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සැපයූ යුද හමුදා ආරක්ෂක භටයන් ඉවත් කර ඇතැයි ද එය පළිගැනීමක් යැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කොළඹ දී අද (02) පැවසීය.

ඔහුගේ ආරක්ෂාව ඉවත් නොකරන ලෙස ජනපතිට, අගමැතිට මහානායක හිමිවරුන් මගින් පවා කරුණු දැක් වූ බව ඔහු කීවේය. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක පැවසූයේ ඉවත් කළ හමුදා භටයන් වෙනුවට පොලිස් විශේෂ කාර්යය බලකායේ භටයන් ලබා දුන් බවයි.

හිටපු ජනපති වරයෙකුට ලබා දිය හැකි ආරක්ෂකයන් සංඛ්‍යාව 30 දෙනෙකු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති මෑත දී කීවේය.

ජනපතිට, අතමැතිට හෝ වෙනත් කිසිවෙකුටත් යුද හමුදා ආරක්ෂාව නොසපයන බවත් රජය කියයි.

මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ ට්විටර් වෙබ් අඩවියේ සඳහන් කර ඇත්තේ තමාට සැපයුණු ආරක්ෂක භටයන් ලොකු පිරිසක් අද ඉවත් කර ඇති බවයි. එහෙත් ඔහුට සැපයුණු එස්.ටී.එෆ්. භටයන් ගැන කිසිත් කියා නොතිබිණි.

web_ekabadda_201652