මත්තල ගුවන්තොටේ සිදු වුණ බව කියන වංචා, දූෂණ ගැන   හා ගුවන්තොට ලාබදායී තැනක් කිරීමට අවහ්‍ය වන දෑ ගැන සොයා බැලීමට ගිය තමන් ඇතුළු මන්ත්‍රීන් පිරිසකට ආණ්ඩුවේ මැර පිරිසක් පහර දෙන්නට ආ බවත්, මාධ්‍යවේදීනට පවා බාධා සිදු වූ බවත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා එසැණට කීවේය.

මත්තල අඩුපාඩු ගැන පාර්ලිමේන්තුවේ දී කතා කිරීමට තොරතරු රැස් කිරීම  ද එක් අරමුණක් වූ බව කියන මාන්නප්පෙරුම මහතා මන්ත්‍රීනට පහර දෙන්නට ආ පිරිස අතර 100-200ත් අතර පිරිසක් සිටි බව ද පැවසීය.