(ඩයනා උදයංගනී)
ලබන වසරේ සිට රජයේ පාසල්වල පළමු වාර විභාගය නොපැවැත්වීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
පළමු පාසල් වාරය තුළ සෑම පාසලකම නිවාසාන්තර ක්‍රීඩා, අධ්‍යාපන චාරිකා, ප්‍රදර්ශන, මහා ක්‍රිකට් තරග ඇතුළු විවිධ උත්සව සහ විෂය සමගාමී ක්‍රියාකාරකම් රැසක් පැවැත්වෙන බැවින් බොහෝ සිසුන්ට පළමු වාර විභාගයට නිසි ලෙස සූදානම් වීමට නොහැකි බැවින් මෙම තීරණය ගත් බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
එමෙන්ම ඇතැම් සිසුන් විභාග කටයුතු අතපසු වේයැයි බියෙන් ක්‍රීඩා කටයුතු, චාරිකා ආදියට සහභාගී නොවී සිටීමට වැඩි නැඹුරුවක් දක්වන බවත්, ඇතැම් සිසුන්ගේ දෙමව්පියන් මැදිහත්ව ඔවුන් ක්‍රීඩා කටයුතුවලින් ඉවත් කරන අවස්ථා තිබෙන බවත් අනාවරණය වී ඇති බව ද එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
එමෙන්ම විෂය සමගාමී ක්‍රියාකාරකම් රැසක් සිදුකෙරෙන පළමු පාසල් වාරය සෑම පාසලකම විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ට ද ඉතා කාර්ය බහුල කාලවකවානුවක් බව එහි සඳහන් වේ.
මෙම සියලූ කරුණු සළකා බලා පළමු වාර විභාගය නොපැවැත්වීමට තීරණය කර තිබෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
කෙසේ වෙතත් මෙම වසරේ පළමු පාසල් වාරයේ විභාග පැවැත්වීම සඳහා දැනටමත් අවශ්‍ය කටයුතු යොදා ඇති හෙයින් එහි වෙනසක් සිදු නොකෙරෙන අතර, මේ වර්ෂයට අදාළ පළමු පාසල් වාර විභාග නියම කර ඇති ආකාරයෙන් පවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරුවරුන් බොහොම අගය කරයි. නමුත් ඉගනිමට උනන්දුවක් දක්වන අය පමණක් දරුවන් හා ඔවුන්ගේ දෙමාපියන්ට ළමයාගේ මට්ටම දැන ගැනිම නැති කිරිමක්. මේක අසාධාරණ වැඩක්.
නිදහස් අධ්‍යාපනය මොට්ට කිරීමේ මුලික පියවරක් වගේ.
පසුගිය ආණ්ඩුව කාලයේ ජයදේව උයනංගොඩ වැනි විද්වතුන් පාසල් දරුවන්ගේ මනස සැහැල්ලු කර ඉගෙනීමට හොඳම විදියක් සකස් කර තිබුණා. එයයි ක්රියාතත්මක කළ යුත්තේ.
ඔය ගමන්ම අනික් විභාග ටිකත් ඔන්ලයින් ක්‍රමයට තියන්න පිට රටකටවත් බාර දුන්නොත් ටියුෂන් කඩ වැහිලා යන්න..
මේ අර අධ්‍යාපනය රටට වැඩදායක විදියට රැකියා ඉල්ලුමට අනුව වෙනස් කරනවා කියපු එකේ කොටසක් වෙන්න ඇති. දැන් පොල්ගෙඩියක් කඩාගන්න ගොයම් ටිකක් කපා ගන්න මලාට කුලී කාරයෙක් හොයාගන්න බැහැ.
ඒක හොඳ වෙයි. පොත් බෑග් බර අඩුකිරීමක් සඳහා උත්සාහයක්ද ගන්න.
මම දැක්ක එස්ටෝනියාවේ ළමයි අධ්‍යාපනයෙන් ඉදිරියට ඇවිත් කියල හොඳ වාර්තාවක් තියෙනවා. සියලුම ගුරුවරු පශ්චාත් උපාධි පාස් අය. වැඩි වැටුප් තල එක්ක හොඳ හැකියාව ඇති ගුරුවරු ගන්න කටයුතු කරලා තියෙනවා. ලංකාවට හොඳ ආදර්ශයක් එස්ටෝනියානු අධ්‍යාපන ක්‍රමයෙන් ගන්න පුළුවන්.
හොද අදහසක්. ළමයින් බාහිර ක්‍රියාකාරකම් වල යෙදවිය යුතුමයි. ඉගෙනීම විතරක් ජීවිතය සම්පුර්ණ කරන්නේ නැහැ.