රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන පරිවර්තන කටයුතු විද්‍යුත් තැපෑල හරහා කඩිනමින් කරගැනීමට නව වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක යැයි ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්කාර මහතා පැවැසීය.
රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව යටතේ පිහිටුවන ලද නව භාෂා පරිවර්තන මධ්‍යස්ථානය මගින් මෙම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක යැයි ද පරිවර්තන ක්ෂේත්‍රයේ පළපුරුදු විද්වත් අධිකාරිවරුන් තිදෙනෙකු යටතේ ත්‍රෛභාෂා පරිවර්තකයන් රැසකගේ සහභාගිත්වයෙන් භාෂා පරිවර්තන සංචිතයක් හැටියට මේ අංග ක‍්‍රියාත්මක වන්නේ යැයි ද ඇමැති නානායක්කාර මහතා කීය.
රාජ්‍ය අංශයට මෙන්ම පෞද්ගලික අංශය සඳහා ද එහි සේවා දායකත්වය ලබා දීමට යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd