මෙවර පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලය ආණ්ඩුව හංගන්න උත්සාහ කරන බවත්, දකුණු පළාතෙන් ආණ්ඩුව ඡන්ද 104000ක් අහිමි කරගෙන ඇති බවත්, සංවර්ධනයේ බොරුව ජනතාවට නොවැදගත් බව ඡන්ද ප්‍රතිඵලයෙන් පෙන්වූ බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා බදුල්ලේ පැවැති 43 වැනි අප්‍රේල් විරු සමරු උළෙලේ දී මහතා පැවසීය.
‘මේ ආණ්ඩුව පසුබැස තියෙන්නේ දකුණෙන්. රට ණය කර සංවර්ධනය පෙන්වන සුදු අලි ව්‍යාපෘති වැඩිපුර තියෙන්නේ දකුණේ. ඒ සංවර්ධන ව්‍යාපෘතිවලින් හම්බන්තොට ජනතාවට ලැබුණු දෙයක් නැහැ. ජනතාව ආණ්ඩුවට පාඩමක් ඉගැන්නුවා.
කොළඹ කියන්නේ මේ ආණ්ඩුවේ හදවත වගේ. ලස්සන කළේ කොළඹ. නමුත් ජනතාව බස්නාහිර පළාතේ ආණ්ඩුවේ ඡන්ද ලක්ෂ එකහමාරකින් අඩු කර තිබෙනවා. මන්ත්‍රීකම් 12කින් පල්ලම් බස්වා තිබෙනවා. ඒ නිසා මේ පසුබෑම හංගන්න පුළුවන් කමක් නෑ.
දකුණෙන් බස්නාහිරින් ඇරඹූ ජවිපෙ ජයග්‍රහණයේ ගමන ඌව පළාතට ගෙනත් ඌව පළාතෙනුත් ඒ ප්‍රතිඵලයම ලබා දී ඊළඟට එන ඕනෑම මැතිවරණයක දී ආණ්ඩුව පරාජයට පත් කර නව සමාජයක් ගොඩ නැගිය හැකියි කියන විශ්වාසය අපට තිබෙනවා.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමක් නැහැ,උත්සාහයක් දරන්න කියමුකෝ. (නි)
එයාලා දැන් කාලයක් තිස්සේ ඉඳලා කියන්නේ කරන්නේ ඔක්කොම කතාම තමයි (නි)
ඔබලා තවත් හොදින් වැඩ කරන්න එතකොට කියුවා වැඩ කරනවා (දී) (දී)
රතුපස්වල අර වගේ දෙයක් වෙලත් ගම්පහත් අපූරුවට දිනුවෙ,නේද විද්ව? (නි)
මොනවා කළත් ආණ්ඩුව තමයි දිනන්නේ (නි)
"පැටියව මහා මුහුදට වැටුණු වෙලාවේ ලේන් මව තම පැටියව බේරගන්න වලිගයෙන් වතුර ගොඩට ඉස්සලු" (නදී)
ලොක්කව පරද්දන්න හිතුවා මදි. ලංකාවේ වැඩියෙන් ඉන්නේ බත් බුලත් කන යුතුකම් අමතක නොකරන මිනිස්සු. ඔයාල 88 බස් ගිනිතිබ්බා. 2009 කොටියව මරල ලංකාව බේරාගත්තු එකත් මිනිස්සුන්ට අමතක වෙන්නේ නෑ.(නදී)
පිට පොට ගහන එක කෙසේවෙතත් බඩ යනකොට ත් ඔය එකක්වත් මදි. (ස)
මතකද තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවට වූ දේ මිනිස්සුන්ට වැඩ කළාට සංවර්ධනය කලාට මතක නැහැ. (ස)
අනේ හංසික නෝනෝ,තරහ වෙන්න එපා.මට නම් මතක් වෙන්නෙම අර සිංහයෝ ගොඩේ ඇග පුම්බන පුස් පැටියව (නි)
නව නායකත්වයට ඉතා ගරුත්වයෙන්, නායකයා පහන දල්වන තුරු පසු පසට වී සිටින හිටපු නායකයා ගේ එම ඉරියවුව වෙන කිසිම පක්ෂයක දැකගන්න ලැබිල නැහැ. අනිත් පක්ෂ වල අය අතර ඇත්තේ එකින් එකා කපාගෙන ඉදිරියට යන්න හදන දසුන් පමණයි. මේ අවංකත්වය තවම සමාජය තේරුම් අරගෙන නැහැ. ඔබල හැම දෙයක්මත්, ඔබලාගේ ජිවිතත් කැපකලේ අසාධාරණයට ලක්වී තැලෙන සමාජය වෙනුවෙන්මයි.ඔබලාට සුබ පැතුම් ! (ස)
1965 ඉදන්ම මේ ගොල්ලො පිටපත ගහනව විතරයි. (ස)
මේ ගොල්ලෝ කොහොමත් කරන්නේ පහන් පත්තු කර කර ඉන්න එක තමයි. (ස)
සුභ පැතුම්. (ස)
89 යේ මැරුණු කොල්ලෝ ටිකට වටිනාකමක් වත් ලැබුණද ? ජේ .වී .එක විනාස කරපු අයත් එක්ක හවුලේ වැඩ කරන එක හොඳද? (ස)
ආදරණීය ජනතා විමුක්ති පෙරමුණ දිගුකල් දිනේවා..!(දිල්)
ආණ්ඩුව පරද්දල මොකද්ද කරන්න හදන්නේ ? තිස්සමහාරාමේ ඔයාල සංවර්දනය කරලා ඔයාලට මොනවද අන්තීමට හම්බ උනේ. ජ්‍ෙ ව් පී එක එ්කත් පරාද උනා නේද ? (ස)
රතු ඇමරිකානුවෝ, (ස)
බලය සහ නායකත්වය අත හරින්නට බැරි නායකයන් සිටින පක්ෂ දිනෙන් දින පරිහානියට පත් වෙනවා. තමන්ගෙන් පසුව පුතාට, බෑනාට බැරි නම් නැන්දම්මා ට හරි බලය පවරලා මැරෙන්න තමා බොහොමයක් බලාගෙන ඉන්නේ. (ස)
ජනතා විමුක්ති පෙරමුණට ප්‍රතිපක්තියක් තියනවද ? රට කන්න උපන් පෙරමුණක් සරසවි සිසුන් පාරට බස්සන්න දන්නවා . වෙන කරන කෙන්ගෙඩියක් නැහැ. (ස)
විපක්ෂයක් කියල නමටවත් තියෙන්නේ ජේ. වී. පී. විතරනේ. අායෙත් 88-89 වගේ වෙන්නේ නැතුව වැඩ කරන්න. (ස)
ජ.වී පෙ අනිත් අයගේ කෙසේ වෙතත් අනුර කුමාර මහත්මයාගේ අදහස් වලට සහ ප්‍රතිපත්ති වලට නම් අපි ගරු කරනවා. නමුත් ආණ්ඩුව මන්ත්‍රීවරු දොළහකින් පල්ලම් බැස්සට එයින් නමයක්ම ලබාගත්තේ ෆොන්සේකාගේ පක්ෂයනේ. හැබැයි දැන් රට ගැන හිතල ඔය දෙගොල්ල එකතු උනොත් අඩුම තරමේ විරුද්ද පක්ෂය වෙන්නත් බැරිවෙන එකක් නැහැ වගේ. නමුත් මුලදී ජ.වී.පෙ සහ ෆොන්සේකා අනාගත්තේ යු.එන්.පි එකත් එක්ක දීගකන්න ගිය නිසා.(නදී)
1971 සිටම එන ඕනෙම රජයක් පෙරලන්න වලි කනවා.කාලයක් තුවක්කුවෙන් සහ ත්‍රස්තවාදයෙන් . අද වෙනත් ක්‍රමයකින් . කෙසේ වෙතත් බහුතරය මොවුන්ව අනුමත කරන්නේ නෑ. (ස)
බස්නාහිර සහ දකුණ පුංචි මැතිවරණ ප්‍රතිපලය දැකපු අනුර කුමාර මහතා තමා නායකයා වූ නිසා ආසන වැඩි උනාය කියලා සිතාගෙන ආණ්ඩුව පෙරලන්න අඹුඩ ගහනවා. නමුත් මේ ආණ්ඩුව සමස්ත ජනතාවටම එපා උනා නොවෙයි. ආණ්ඩුවේ සමහර දේවල් සහ ආණ්ඩුවට සම්බන්ධ අයගේ සමහර දේවල් නිසා සිත් අමනාප වූ සමහරු ජේවීපී එකටත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයටත් චන්දය දුන්නා පමණයි. ඒ චන්ද ටික ජේවීපී එකටම වැටුණේ නැතිකමින් අපට ඒ බව පනෙනවා. රටේ වැඩි දෙනෙක් ජේවීපී එක හොඳයි කියල පිළිගන්නවානම් ප්‍රජාතන්ට්‍රවාදී පක්ෂයට නොදා ජේවීපී එකටම දෙන්න තිබුනා. ඒ නිසා මේ ලබාගත් සොච්චමින් උද්දාම වී පැරිෂුට් නැතිව උඩුගුවනේ කරනන් ගහනවා වගේ වැඩ වලට ගිහින් හොම්බ ඇන ගන්න එපා. හොඳින් මතක තබාගත යුතු කරුණ නම් මේ රජය ජනතාවට එපාවෙලා නැහැ. ජිනීවා ප්‍රශ්නයෙන් පරාජය වූ පසුව මේ නායකයා අන් කවරදාකවත් අපේ රටේ නායකයෙකු නොගත් ආකාරයට අපේ රට වෙනුවෙන් දැඩි තීරණ ගෙන ජ්‍යාත්‍යන්තර බලවතුන්ට අභියෝගයක්ව කොන්ද කෙළින් කර නැගී සිටිනවා. ඒ නිසා ජනතාව මේ රජයට සහාය දෙන පක්ෂයකට හෝයියා කියනවා මිස පෙරලන්න කතා කරන කෙනෙකුට අනාගන්න තමයි වෙන්නේ. (ස)
මේ ප්‍රතිචාර බැලවහම එකක් පැහැදිලි වෙනවා එකෙයන්නේ කට්ටියකට හොඳටම දැනිල වගේ. (ස)