2014 වසර සඳහා වන අය වැය යෝජනා පරාජයට පත්වූ පළාත් පාලන ආයතන සංඛ්‍යාව දහය දක්වා ඉහළ ගොස් ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාලනය යටතේ පවතින මැදවච්චිය, වත්තල, ඉඹුල්පේ, අලව්ව, රාජාංගනය, මීරිගම, ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවන් ද කැස්බෑව, පෑලියගොඩ නගර සභාවන් සහ එක්සත් ජාතික පක්ෂය යටතේ පාලනය වන අවිස්සාවේල්ල සීතාවක පුර නගර සභාව මෙසේ අයවැය පරාද වූ පළාත් පාලන ආයතනයන්ය.
ඇඹිලිපිටිය සහ මීරිගම ප්‍රාදේශීය සභාවන්හි හා පෑලියගොඩ නගර සභාවේ අයවැය ලේඛනය දෙවතාවක් පරාජයට පත්වූ අතර 2012 සංශෝධිත පළාත් පාලන ආයතන පනත යටතේ ඒවායේ සභාපති වරුන්ගේ ධුර අහිමි වූ අතර ඒවායේ උප සභාපතිවරු මේ වන විට සභාපති ධුරයේ වැඩ ආවරණය කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා පරාද වුනා කියලා, ආණ්ඩුව වට්ටනවා බොරු. (ස)
පෞද්ගලික ගැටුම් නිසා ඔය බජට් පරාද වෙන්නේ ...නැතුව ආණ්ඩුවට විරුද්ධව නෙමේ. (ස)
මොනා වුනත් ඕවා කරලා රටේ සංවර්ධනය නවත්තනවා බොරු. (ස)
ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන්න ජනතාවට විපක්ෂයක් අවශ්‍යයි.නමුත් විපක්ෂයක් නැත්නම් මොනවා කරන්නද? (නි)
අඩුම ගණනේ නිල නොලත් හමුදාවක් හෝ සිටියා නම්? (නි)
පළාත් සභා වල අයට තරම්වත් මොළයක් පාර්ලිමේන්තුවේ අයට නැති හැටි? (නි)
අපිට දැන් හැම පැත්තකින්ම දකින්න අහන්න ලැබෙන්නේ අසාධාරණය සහ අයුක්තියයි. රටේ ආර්ථික, සමාජීය, සංස්කෘතිකමය හැම අංශයක්ම කඩාගෙන වැටිලා. ඒත් මේ කිසිම දෙයක් ගොඩ නගන්න විසඳුම් පේන තෙක් මානයක නැහැ. යුධ ජයග්‍රහණයෙන් රට කළාට, ඒක තවදුරටත් වලංගු නැහැ. මිනිසුන් ලෙස දැන් අපිට ඒ ගැනත් සාධාරණ සැකයක් මතු වෙනවා. යුද්ධය දිනුවා නම්, ඇයි ආර්ථික ප්‍රශ්ණ වලට, සමාජීය ප්‍රශ්ණ වලට, රටේ සදාචාරය බිඳ වැටීමට දක්ෂ නිළධාරීන් යොදවා ඒවා විසඳන්න බැරි වුනේ තාමත්? අපේ රටේ ආර්ථිකය ගොඩ ගන්න දැන් උත්සාහ කරන්නේ කැසිනෝ ගහලා. මොන ජාතියේ විහිලුවක්ද මේ..? ඒ අස්සේ කොච්චර ජනතාවට ප්‍රශ්න තිබුනත් කොළඹ කාර් රේස් යන එක නැවතිලා නැහැ. එදා අපිත් යුධ ජයග්‍රහණයට සතුටු වුණා. ඒත් දැන් රටට වෙන විනාශය දැක්කම ඇගේ ලේ කකියනවා මහත්වරුනේ.අපිට දැන් ඕනෑ මේකට විරුද්ධ වෙන නායකත්වයක් විතරයි. (නි)
ගුරුසිංහ බිරුවට ආණ්ඩුව පාත් වෙන්නෙ නෑ..!(දිල්)
මහ ජනතාව හැමදාම පරාද වෙන්නේ . ඕක මොන පරාජයක් ද ? (ස)