තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසිකිරීම ඇතුළු අයවැය යෝජනා කිහිපයක් ඉල්ලා අස්කර ගන්නැයි රජයට බල කිරීම සඳහා සියලුම දීප ව්‍යාප්ත සේවා හා මාණ්ඩලික නිලධාරීන්ගේ වෘත්තීය සංවිධාන එකමුතුව අද මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබිණි.
කොළඹ විද්වත් වෘත්තී්‍ය වේදීන්ගේ සංගමයේ දී මේ සාකච්ඡාව පැවැත්විණි. වසර දහයක් රාජ්‍ය සේවයේ වැටුප් වැඩි වීමක් ලබා නොදීම කෙරෙහි ද ඔවුන්ගේ අවධානය යොමුව තිබිණි.රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප 2016 සිට අහෝසි කිරීම සම්බන්ධව ද එහිදී කරුණු දැක්විණි.
(ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැකියා විරහිත තරුණ තරුණියන්ට රුපියල් 5000 ක මාසික දීමනාවක් කියන එක හැම රජයකම පොරොන්දුවක්. (ම).
රාජ්‍ය නිලධාරීන්ව හොඳින තියාගන්න තරමට හොඳයි (නි)
රැකියා විරහිත කණ්ඩායම් මේ පර්මිට් සම්බන්ධව අදාළ රාජ්‍ය ආයතන සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ අයිතිවාසිකම් දිනාගත යුතුයි. (නි)
රස්සාවක් කරන අයටත් නොකරන අයටත් දැනෙන්නේ එකම බඩගින්දර. (නි)
වෘතිකයන්ගේ සේවය අව තක්සේරු කිරීම හොද නෑ.ඒ ඒ අයට තියන ගැටලු අනෙක් අයට තේරෙන්නේ නෑ.ඒ නිසා විවෙිචන ඉතා පරිස්සමින් කල යුතුයි.රජය බුද්ධිමත් විය යුතුයි. යම් අයකුගේ දී තිබූ අයිතිවාසිකමක් කප්පාදු කිරීම ඉල්ලාගෙන කෑමක්. රටේ වැඩකට නැති දේශපාලකයින් තොගය නඩත්තු කිරීම තරම් අපරාදේ වියදමක් තවත් තියනවාද? මහජනයා ප්‍රතික්ෂේප කරපු අයටත් අපි වියදමි කරන එක ගැන අපිට ලොකු ප්‍රශ්නයක් තියනවා. (බ)
මෙතන අදහස් දැක්වූ ගොඩක් අයට තිබෙන්නෙ ඊර්ෂ්‍යාව විතරයි. වෘත්තිකයින්ට ජය!! (නි)
මෙවර පළමුවෙන් හා අවසාන වතාවට පර්මිට් එක ගන්න අයට අසාධාරණයක් වෙනවා. අනිත් අයට ලැබුන වරප්‍රසාද ඒගොල්ලන්ට ලැබෙන්නේ නැහැ. රජයේ සේවකයෙක් අවරුදු 20ක්වත් වැඩ කළොත් තමයි විශ්‍රාම වැටුප ලැබෙන්නේ. නමුත් දේශපාලකයන්ට අවුරුදු 5ක් හිටියා නම් ඇති. (නි)
බැරිනම් අස්වෙලා යන්න කියන්න. ඕනෑතරම් තරුණ කොල්ලෝ ඉන්නවා රට ගැන හිතලා වැඩකරන. (නි)
මිහිරි, එහෙනම් එයාට මේසන් වැඩේ කරන්න කියන්න. මෙහෙම ඩියුටි ෆ්‍රී වාහන දෙනවනම් පෞද්ගලික අංශයටත් ඕන. මේක විකාරයක්. හැමදෙනාම බදු ගෙවිය යුතුයි. (ස)
මම ඉන්න රටේ හැමෝටම තීරුබදු රහිත වාහන ගන්න පුළුවන්.(රේ)
තීරුබදු රහිත වාහන මිලදී ගැනීමට වරම දුන්නේ ඔවුන්ගේ සේවයේ වැදගත්කම සළකා රජයේ උසස් නිලධාරීන් කොටසකට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටය. එහෙත් ඇමතිවරුන්ට මෙන්ම උසස් නිලධාරීන්ට රජයේ නිල වාහනද සපයා ඇත. දැන් මෙම පහසුකම ප්‍රාදේශීය සබා වලටත් දීර්ඝ කර ඇත. මෙම සහන සැළසීම නිසා බදු බර පැටවෙන්නේ මහජනයාටය. (නි)
රස්සා නැති අයට විතරක් දුන්නහම හොදටම ඇති. (බ)
ෂෙහාන්, අකිල, අදහස් එක්ක 100% ක් එකඟයි (නි)
පෙරේරා, ඔයා ඔය රටේම ඉන්න (නි)
අහිංසක මිනිසුන්ගේ මුදලින් ඉගෙනගෙන මෙහෙම කරන එක වැරදියි (නි)
බැරිවෙලා හරි මේ වෘත්තිකයන් වැඩ වර්ජනයකට ගියොත් ඉන්දියාවෙන් අවශ්‍ය වෘත්තිකයන් ගෙන්වීමටත් වර්ජනයේ යෙදෙන්නන් සේවයෙන් පහකිරීමටත් රජය දෙපාරක් නොසිතිය යුතුයි. ඒ වගේම ඔවුනේ අධ්‍යාපනය සඳහා වියදම් කරන ලද බදු මුදල් අය කරගැනීමටත් රජය කටයුතු කළයුතුයි. (නි)
මේ වගේ දුප්පත් රටක මේ වගේ වරප්‍රසාද ඉල්ලන්න අපි ලජ්ජා වෙන්න ඕනේ. මටත් ගිය පාර පර්මිට් එකක් ලැබුණා. නමුත් අපි ආත්මාර්ථකාමී නොවිය යුතුයි. රස්සා නැති පිරිස් කොච්චර ඉන්නවද? කන්න නැති අසරණ දරුවෝ කොච්චර ඉන්නවද? අපි ඉගෙන ගත්තේ මේ දුප්පත් ජනතාව ගෙවන බදු මුදල් වලින් නේද?(ම)
මට නම් මොවුන් ගැන ඇතිවෙන්නේ පුදුම කළකිරීමක් (නි)
නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඉගෙනගෙන සමාජයේ අනෙක් අයට වඩා හොඳ වැටුපක් අරගෙන තව පුද්ගලික බෙහෙත් ශාලා දමාගෙන ලැබෙන අදායමෙන් රජයට බදු නොගෙවා තව බදු සහන සමඟ වාහන ඉල්ලන්නේ ලැජ්ජාවක් නැද්ද? ඔයාලට දෙන්න ඕනෑ බදු සහන නෙමෙයි, උපයනවිටම බදු ගෙවන ක්‍රමයක්. මැදපෙරදිග ගිහින් දහදුක් විඳලා රටට විදෙස් විනිමය ගෙනන අයට යතුරුපැදියක් ගන්නවත් බදු සහනයක් නැහැ (නි)
දහස් ගානක් මිනිස්සු එදා වේල කන්න කීයක්හරි හොයාගන්න මොනතරම් මහන්සි වෙනවද? මෙයාලට රජයෙන් සියලු සැප සම්පත් දීලත් සුපිරි පඩි ගෙවලත් බොහෝ අය කරන්නේ පුටු රත්කරන එක. නැත්නම් නිල වාහනය පුද්ගලික වැඩ වලට යොදාගෙන ආණ්ඩුවෙන් පෙට්‍රල් ටිකත් හොරාකන එක. මේ එකමුතුකම රටේ ඵලදායක දෙයකට එකතු කළොත් රට මොනතරම් දියුණුවෙයිද? (නි)
පෙරේරා, ඔයා ඉන්න රටේ පළමු වසරේ සිට විශ්ව විද්‍යාලය දක්වා නොමිලේ අධ්‍යාපනය හෝ හෙම්බිරිස්සාවට දෙන බෙහෙතේ සිට හදවත් සැත්කම් දක්වා නොමිලේ කර දෙනවද? එක එක රටවල කරන හැම දෙයක්ම ලංකාවේ කරන්න නම් බැහැ (නි)
ලෝකයේ රටවල් අතරත් ඉතාම අඩුම මාසික පඩියක් යටතේ වසර ගණනාවක් රජයට සේවය කරලා ඔවුන්ගේ ජිවිතයට එක වාරයක් පමණක් ලැබුණු මෙම තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසිකිරීම සියලුම රජයේ සේවකයන්ට කල දැඩිතර නිගරුවකි. කරුණාකර එය නැවත නිවැරදි කරන්නට රජයේ බලධාරීන්ට සිතුවිලි පහල වේවා. (ස)
එතකොට අනිත් අය ඉගනගත්තේ නැත්තේ ඒ අයට නොමිලේ උගන්නපු නැති නිසා වෙන්න ඇති නේද? (නි)
අද මේසන් බාස් කෙනෙකුත් මාසෙට 45,000 ක් විතර හොයනවා. මේ අයගේ මුලික වැටුප ඔය කියන අය දන්නවද? (නි)
හැම කෙනාටම තියෙන්නේ ඉගෙනගත්, නිදහස් අධ්‍යාපනයේ උපරිම ප්‍රයෝජන ගත් මිනිස්සු එක්ක තරහක්. පාසල් ගිහින් විභාග අසමත්වුණ අයගෙන් බද්දක් ගහන්න ඕනෑ ඔවුන් වෙනුවෙන් වියදම්කළ මුදල් අපතේ ඇරියාට (නි)
බදු රහිත වාහන බලපත්‍ර නොදෙනවානම් , පඩිත් මදිනම් ඉගෙනගෙනත් තියෙන එකේ වෙන රැකියාවක් හොයාගන්න (ම)
විශ්‍රාම වැටුපට රජයේ සේවකයාගෙන් කපාගන්න මුදල වරින් වර වැඩිකර තිබෙනවා. නැවත කළ යුතු දෙයත් එකමයි.එතකොට විශ්‍රාම වැටුප අහෝසි කළා කියලා ප්‍රශ්නයක් නැත.(ම)
රජයේ සේවකයන්ට පොඩ්ඩ බැරි වෙනකොට වැඩ වර්ජන කරලා තමන්ගේ ඉල්ලීම් දිනාගන්න පුළුවන්. එත් මේ රටේ ඊට වඩා ලක්ෂ ගානක් පුද්ගලික අංශයේ සේවකයෝ කිසිම අයිතිවාසිකමක් නොමැතිව ශ්‍රම සුරාකැමකට ලක් වෙනවා. (ම)
ලංකාවේ මිනිස්සුන්ට වරප්‍රසාදයක් සහනයක් දීල ආපහු ඒවා නවත්තනවා බොරු. මේ ගොල්ලන් කවදාකවත් තමන්ගේ යටත් නිලධාරීන්ට ලැබෙන්න තියෙන දෙයක් ලබාදෙන්න කියල කොහෙවත් හඬ නගපු බවක් නම් අහල නැහැ.(රේ)
ඉන්දු ශ්‍රී ලංකා කාරියා ගිවිසුම ඉක්මනින් ක්‍රියාත්මක කරන්න. අපිට ඉන්දියා අඩු වැටුප් වෘතිකයන් සේවයේ යෙදවීමෙන් තරගකාරිත්වයක් ඇති කරන්න පුළුවන්. එතකොට ඔය වර්ජන සේරම නවතීවි. (බ)
දැන් ඉගෙන ගත්තු අය සහ ඉගෙන නොගත්තු අය විධියටත් බෙදෙන්න අරන්. හැමෝටම එක වගේ ඉගෙනගන්න බැහැ. හැමෝටම තමන් දක්ෂ දේ අඳුනාගෙන ඒ දේ වැඩිදුර ඉගෙන ගන්න පුළුවන් ක්‍රමයකුත් හරියට නැහැ. නමුත් තමන් ඉගෙනගත්ත මට්ටමින් රස්සා කරන හැමෝටම තීරු බදු සහන දෙන්න වටිනවා මේ කියන විධියට. අධ්‍යාපනෙන් පස්සෙ රස්සාවක් නොකර ඉන්නවනම් එයාලට නොදුන්නට කමක් නෑ. එහෙම නේද වෙන්න ඕන? (බ)
තීරු බදු සහනය ජීවිතයට එක සැරයක් ඇති. වරප්‍රසාද අයිතිවාසිකම් නොවන බව දොස්තරලත් තේරුම් ගත යුතුය. (බ)
ගොඩක්ම ආර්ථික අපහසුතා තියෙන්නේ රස්සා නැති අයටනේ . ඉතින් රස්සා නැති අයට විතරක් ඔය පර්මිට් එක දුන්නම ඇතිනේ?(ම)
සම්පත් හරියටම හරි. මිහිරි මං ඇත්තටම මේ අයගේ වැටුප ගැන හෙව්වා. දන්නවද ඇත්තටම ඒක හරි පව්. ඒ අයගේ මූලික වැටුප රු.23580 යි. ඉතාමත් තරඟකාරි විභාගයකින් මේ අයට මේ සේවා වලට ඇතුලත් වෙන්නේ ඒත් මූලික අඩියේ ඉදන් ඊලඟ උසස්වීමට යන්න අවුරුදු 10කට ආසන්න කාලයක් ඉන්න ඕන. ඇත්තටම මේ අයට සේවා තෘප්තියක් නෑ. මේ අය මෙහෙමවත් වැඩ කරන්නේ මේ රට ගොඩගන්න නැතුව අපි ගොඩක් අය හිතන විදියේ සුපිරි වෘත්තිය වරප්‍රසාද මේ අයට නෑ. අප්‍රිකාව වැනි රටක පවා මේ වෘත්තීන් වල ඉන්න අයගෙ වැටුප අපේ වගේ දෙතුන් ගුණයක් වෙනවා. (ස)
රණවන ආනන්දගේ අදහස හරි නමුත් , ඔය පර්මිට් එක, තමන්ගේ හෙන්චයියන්ට දෙන්නත් ඒවා ඕන විදියට විකුනන්න පුළුවන් විදියට චක්‍රලේක හදල මේ වරප්‍රසාදය නැතිවෙන තැනට ගෙන ආවේ පසුගිය රජය. (ස)
මන්ත්‍රීවරුන්ට මේක එපා. වෘත්තිකයන්ට පමණක් දෙන්න.. විධියකය ඇතුළුව.. නිල රථයක් තිබේ නම් එපා. (ස)
රැකියා විරහිත තරුණ තරුණියන්ට පමණක් මේ පර්මිට් එක ලබා දෙන්න. (බ)
රැකියා විරහිත තරුණ තරුණියන්ට මේ පර්මිට් එක දුන්නහම හොඳටම ඇති. රැකියා විරහිත අයට දීමනාවක් ලබා දෙනවා කියලා හැම රජයකින්ම කිව්වත් අද වෙනතුරු කව්රුවත් එය ක්‍රියාත්මක කර නැහැ. රැකියා නැති අයටත් අනිත් අයට වගේම බඩගින්න දැනෙනවා. ඇඳුම් පැළඳුම් ගන්න ඕනෑ. ඉතින් රස්සාවක් නැති කෙනෙකුට මේ පර්මිට් එක ලැබෙනවා නම් ඉඩමක් විකුණලා හරි වාහනයක් අරගෙන ස්වයං රැකියාවක් හරි කරන්න පුළුවන්. (බ)
ඒක නීත්‍යනුකූල නෑ එහි වාසිය ප්‍රදානය කිරීමට පෙර කොන්දේසි සලකා බැලිය යුතුයි (බ)
ෂෙහාන් අකිලගේ අදහසට එකඟ වෙමි. (ම)