දෙවැනි එළිසබත් මහ රැජිනගේ පුත් චාර්ලස් කුමරු සහ කැමිලා පාකර් ආදිපාදවරියද සමග ජනපතිවරු හතර දෙනෙකු උප ජනපතිවරු පස් දෙනෙකු සහ අගමැතිවරු පස් දෙනෙකුද ඇතුළුව රාජ්‍ය නායකයින් 16 දෙනෙකු බ‍්‍රහස්පතින්දා සවස් වන විට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් මෙරටට පැමිණ ඇති බව වාර්ථා වෙයි.
අද කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කඩි ගුලක සිරි ගත් අතර මෑත ඉතිහාසයේ මෙතරම් කාර්‍ය බහුල දිනයක් දැකිය නොහැකි විය.
ශ‍්‍රී ලාංකිකයන්ගේ ආවේනික සිනහව සමග ආයුබෝවන් කියමින් දෑත් එකතු කර අමුත්තන් පිළිගැනීම කැපී පෙනිණි.
සියළුම රාජ්‍ය නායකයෝ රතු පලස මතින් උඩරට නැටුම් වැයුම් මැද කැඳවා ගෙන එනු ලැබුහ.
දිවයිනට පැමිණි රාජ්‍ය නායකයෝද, අමුත්තෝද නව අදිවේගී මාර්ගයෙන් කොළඹට ආහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාජික රටවල් 54ක්.? (නදී)
ෂා.. නියම කට්ටියක්නේ ඇවිල්ලා තියෙන්නේ. දැන් මොනවටද අපි බයවෙන්නේ. ලෝක බැංකුවේ ප්ලග් එහෙම ගලවලා දාන්න කාලය හරි. හදිස්සියේ එක ලෝන් එකට දහයක් මේ අයගෙන් ගන්න බැරියැ. (නි)
මෙන්න දැන් තමා වැඩකට ඇති අය එන්නේ (දී)
ඔබ සියලු දෙනා අපේ රටට් ගෞරවයක් (දී)
සාමාජික රටවල් 54 වෙන්න ඕන මගේ මතකයේ හැටියට. ජනපතිවරු අගමැතිවරු ටිකයිනේ ඇවිත් තියෙන්නේ.(නදී)