මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ නඩුවෙන් ඉවත් කැරුණු රජයේ නීතීඥ දිලීප පීරිස් මහතාට යළි එම නඩු කටයුතුවලට සහභාගී වන ලෙස දැනුම් දී ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි කියයි.
පීරිස් මහතා මෙම නඩුවෙන් ඉවත් කර ඇතැයි එසැණ වාර්තා කළේය.
ඉන් පසු අද රාත්‍රී නීතිපති දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු ඔහුට දැනුම් දී ඇත්තේ නඩු කටයුතුවලට දිගටම සහභාගී වන ලෙසයි.
එක්නැලිගොඩ නඩුවෙන් දිලීප පීරිස් ඉවතට?
2016 පෙබරවාරි මස 08 21:18:35 | තරිඳු ජයවර්ධන
මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්ධ නඩුවේ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පෙනී සිටි රජයේ නීතීඥ දිලීප පීරිස් මහතා එම නඩුවෙන් ඉවත් කර ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි කියයි.
ඔහු ඉවත් කිරීමේ වෑයමක් ඇතැයි ද, එය නවත්වන්නැයි ද කියමින් පුරවැසි බලය ඇතුළු සිවිල් සංවිධාන සහ නීතීඥවරු පසුගිය දා ඉල්ලීමක් ද කළහ.
එක්නැලිගොඩ නඩුව අඟහරුවාදා (09) නැවත කැඳවීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුමුදු , නීතියේ ස්වාධිපත්‍යය නොවේ නීතියේ ආධිපත්‍ය , වෙනුවෙන් සටන දියත් කරන්න ඕන, නීතියේ ආධිපත්‍ය කියන්නේ , සරලව කියනවනම් , නීතියට ඉහලින් කිසිම කෙනෙක් නැහැ කියන එක, එ්ත් පහුගිය ආණ්ඩුව කාලේ අප්පා , බාප්පා , පුතාලා , අම්ම , මම්මා,. නැන්ද , කුඩම්ම , රෙජිමන්ට් එකේ ඔක්කොම හිටියේ නීතියට උඩින් , මම හරිද මන්ද , කීවට තරහ නැහැ නේද (බ)
සුමිත් ඒක වැරදි නිසා තමයි වෙනසක් සිදුඋනේ.නමුත් අද වෙන්නෙත් ඒ දෙයමයි නේද?අහිංසක මහජනයා සැමදාම රැවටෙනවා පමණයි. (රේ)
කලින් පුවතට ආ සතුට නිකන්ම දියවෙලා ගියා. මං හිතුවේ අපි ගොඩම ගොඩ තමයි කියලා. හෙටත් දේවාලෙට ගිහින් පොල් ගෙඩියක් ගහන්න ඕනෑ. (නි)
හරි දේ හරි විදියට කිව්වහම මොකටද සුමිත් තරහ වෙන්නේ? කිව්ව දේ අගය කරනවා මිසක්. රජීව් මහත්තයා කියනදේත් හරි වටිනවා (නි)
සමහර වන්දිබට්ටයන් ඔය උතුම් තනතුරට සුදුසු නොවන බව ක්‍රියාවෙන් ඔප්පුකර අවසානයි. යුක්තිය ඉටුකරවා ගන්න, නීතිගරුක පුරවැසියන් පාරට බසින්න සූදානම් වග මතක්කර දියයුතුයි. මිනිසුන්ගේ ඉවසීම නිවටකමක් විදියට දකින්න එපා (නි)
එයාලා එක එක දේවල් කරනවා. ඒත් අපි ඉන්නේ අතේ සතේ නැතුව (නි)
අප්පු, මම ඔබේ එඩිතර වචන අගය කරනවා. ඒත් ලංකාවාසීන් ඔබ වගේ එඩිතර ක්‍රියාවකට විශේෂයෙන් නීතියේ ස්වාධිතප්‍යය වෙනුවෙන් පෙළ ගැසේ යැයි හිතන්න අමාරුයි. විදුලි බිල වැඩිකරන්න කියලත් පාරට බැස්ස අය ඉන්න රටක්නේ. (නි)
මොකද මේ? ඉවත් කරනවා. වහාම යළි පත්කරනවා. එකම ස්ථාවරයක් නැද්ද? මේකෙන්ම තේරෙනවා මේවා සිදුකරන නිලධාරියාට තමා කරන්නේ මොනවද කියලා ආත්ම විශ්වාසයක් නැති බව. (නි)
ඔහොම යමුකෝ (නි)
වාසිදායක තත්ත්වයට නීතිරීති වෙනස්කරන්න උත්සාහ කරන්න එපා. මතකයි නේද? ජනාධිපති ඡන්දයට වසර දෙකක් තිබියදී වාසිගන්න ගිහින් වෙච්ච දේ මතකද? නීතිගරුක , යුක්තිගරුක හා විනයගරුක නොවීමෙන් රට අගාධයට පත්කරන්න එපා (නි)
යුක්තිය යනු බටහිර බලවේග සතුටු කිරීම නොවේ (නි)