පුත්තලමේ කල්පිටියේ ව්‍යාජ වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යමින් ජා-ඇල උදම්මිට යමුනා නිරංජනී සේරසිංහ මහත්මියගෙන් රුපියල් 1,838,000ක් වංචා කළැයි කියන රොහාන් සමන් රත්නායක නොහොත් ස්ටීවන් හෙල්ගසන් ලබන 9 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොට්ස්කි මහතා නියම කළේය.
පොල් හා වෙනත් වගා වැවීම සඳහා අක්කර තනක් එම කාන්තාවට විකුණා ඇත්තේ රජවේ ඉඩම රජයේ ඉඩමක් බව පසුව සොයා ගැනිණි.
නම් කිහිපයකින් පෙනී සිටිමින් ගුවන් ගමන් බලපත් කිහිපයක් ඇතිව සිටි සැකකරු කොළඹ, මාලිගාකන්ද හා පුත්තලම උසාවිවලට ද අවශ්‍ය පුද්ගලියෙකියි පොලිසිය අධිකරණයට දැන්වීය.
ඔහු ග්‍රීන් ෆීල්ඩ් ප්ලාන්ටේෂන් ඩිවලොප්මන්ඩ් ඇන්ඩ් මැනේජ්මන්ට් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ ලෙස කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර කුළුනේ කාර්යාලය පවත්වාගෙන යමින් රජයේ ඉඩම් විකුණා ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු රැවටෙන එකේ සීමාවක් නැහැ. සක්විතිගේ ඉදල ලොකු කුඩා හැමෝවම රැවැට්ටුවානේ. ලක්ෂ ගණන් වියදම් කරනකොට හොයල බලන්නේ නැතුවද කරන්නේ. මේ වගේ ඒවා ඔනතරම් තියෙනවා. තේක්ක වැවීම. පලතුරු වැවීම. මේ දවස්වල ගවුඩ් (වල්ලාපට්ටා) වැවීම කියල එකක් පත්තරවල දානව. මිනිස්සු මේ හොරාටත් අහුවේවි. ලංකාවේ මොනවා හරි නමකින් මුදල් එකතු කරන ඒවා ආරම්භ වෙනවා මිනිස්සු අහුවෙනවා.(නදී)
මේ මිනිහ තවමත් වෙබ් සයිට් එකෙන් ඉඩම් විකුනන්න දාල තියෙනවා. කවුරු හරි මේගොල්ලන්ගේ වෙබ් එක නවත්තන්න කටයුතු කෙරුවොත් හොදයි නේද? නෙත්නම් තව තව මිනිස්සු රවට්ටයි. (නදී)
මෙයාගෙන් අල්ලස් ඉල්ලපු අය තවම එළියේ.(නදී)
මේ ග්‍රීන් පීල්ඩ් ප්ලාන්ටේෂන් ආයතනයේ ව්‍යාප්ති නිලධාරිනියක් විදියට ප්‍රසිද්ධ ටෙලි නාට්‍ය නළුවෙකුත් හිටියා. ඉතාලියේ විසුරුවා හරින රූපවාහිනී නාලිකා කිහිපයකම දේශන තිබ්බා. මිනිහා දැන් ආගිය අතක් පේන්න නැහැ වගෙයි නේද? (නදී)
මෙයත් හොඳ සක්විත්තෙක්. මාවත් අල්ලන්න හැදුවේ. තවත් රැවටෙන අය ඉන්නවා. මට ඊයේ පෙරේදාත් එහෙම කෙනෙක් හම්බ වුනා.(නදී)
සුද්දෙක් කියල හිතුවට මෙයා වැද්දෙක් කියල එලි වුනේ දැන් තමා.(නදී)