IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රජයේ ඉඩම් බෙදීමේදී දූෂණ වංචා රජ වෙලා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම් බෙදීමේදී සිදුවී ඇතැයි පැවසෙන බරපතළ දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) දැඩි අප්‍රසාදය පළවිය.

මේ අතර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් අක්කර හාරලක්ෂය පිළිබ ඳව වහාම සොයා  බලා කරුණු වාර්තා කරන ලෙසට  ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට නියෝග කළ  කෝප් කමිටුවේ   සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පසුගිය වසර 20ක පමණ කාලයේදී  සිදු වූ ඉඩම් පැවරීම්  සම්බන්ධයෙන් විශේෂ විගණනයක් පවත්වන ලෙසට විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතාගෙන්  ඉල්ලීමක් කළේය.

කෝප් කමිටු සභාපතිවරයා මෙම ඉල්ලීම කළේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ කාර්ය සාධනය  පිළිබඳව සොයා බැලීම සඳහා එහි ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට පසුගිය 21 වැනිදා  සිකුරාදා කැඳවූ අවස්ථාවේදීය.

එහිදී අදහස් දැක්වූ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා පැවසුවේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් වල වටිනාකම ලෙස එහි ගිණුම් වල සටහන් වී ඇත්තේ රුපියල් හැට හත් කෝටි හැට ලක්ෂයක්  බවයි.

කොමිෂන් සභාවේ ඉඩම් අක්කර ලක්ෂ 18 ක මුළු  වටිනාකම රුපියල් හැට හත් කෝටි හැට ලක්ෂයක්  විය  නොහැකි බව පැවසූ විගණකාධිපතිවරයා ඒ ආකාරයට  ගණන් බැලූ විට අක්කරයක වටිනාකම  වන්නේ රුපියල් 373 ක් බවද  ප්‍රකාශ කළේය.

මෙය නිවැරදි විය යුතු තත්වයක් බවද ඔහු පැවසුවේය.

මෙහිදී අදහස් දැක්වූ සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ මේ ආකාරයට ඉඩම් තක්සේරු කළේ කවුදැයි ප්‍රහේලිකාවක් බවයි.

මේ ඉඩම් තක්සේරුව අනුව ඉඩම් පර්චසයක වටිනාකම වන්නේ රුපියල් දෙකක් බව  පැවසූ මන්ත්‍රීවරයා කොමිසමේ ඉඩම්වල වටිනාකම 2015 වර්ෂයේ සිට පවතින්නේ එකම අගයක  බවද ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත්  රත්නපුර රාස්සගල වත්තේ  ඉඩමක් වෙනුවට
අක්කර 24ක ඉඩමක් මහනුවර හන්තානෙන් නීති විරෝධී ආකාරයට ලබාදී ඇති බවයි.

මීට අමතරව කෑගල්ලේ අක්කර 24ක ඉඩමක්  රජයට පවරා ගෙන ඒ වෙනුවට අක්කර 22 ක ඉඩමක් හන්තාන ප්‍රදේශයෙන් ලබාදී ඇති බවත්  කෑගල්ලෙන්  මෙසේ පවරා ගෙන ඇත්තේ පර්චසය රුපියල් සියයක්වත් නොවටිනා ඉඩමක් බවත්  මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නිලන්ත විජේසිංහ මහතා පැවසුවේ ඉඩම් ප්‍රතිසංස්කරණ ප්‍රතිසංස්කරණ කොමිෂන්  සභාවේ මුළු ඉඩම් ප්‍රමාණය වශයෙන් සඳහන්වී තිබුණේ අක්කර  දහ අට ලක්ෂ නව දහස් හාර සිය අනූ පහක් බවයි.

ඉන් අක්කර එක්ලක්ෂ අසූ හතර දහස් එකසිය දාහතරක් රජයේ ආයතනවලට ලබාදී ඇති බවත්  තවත්  අක්කර එකොළොස් දහස් හය තිස් නවයක්  බදු පදනම මත ලබදී ඇති බවත්  ඔහු කීවේය.

තවත් අක්කර 7953ක් දේවාල සහ නින්දගම්වලට නිදහස් කර ඇති බව පැවසූ විජේසිංහ මහතා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතුව මේ වනවිට තිබිය යුතු ඉඩම් ප්‍රමාණය අක්කර හාර ලක්ෂ දහ තුන් දහස්  එක සිය හැත්තෑවක්  බව සඳහන් කළේය.

දැන් සොයා ගැනීමට සිදුවී ඇත්තේ එම ඉඩම් බව ඔහු වැඩිදුරටත් පැවසීය.



අදහස් (1)

රජයේ ඉඩම් බෙදීමේදී දූෂණ වංචා රජ වෙලා

Find the truth Tuesday, 25 October 2022 06:27 AM

රජයෙන් දීර්ග කාලීන බදු ඔප්පුමත රජයේ මිනින්දෝරු තැන මැන සහතික කල අහිංසක කාන්තාවකට ලබාදීමට කටයුතු කරමින් තිබු ඉඩමක් හිටි හැටියේ හිටපු නගරාධිපති ගේ සහෝදරියකට ලබාදීමට නුවර එළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් කාටයුතු සිදුකරමින් සිටිනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site