අධිකරණ අමාත්‍යංශය, පොල් පරීක්ෂණ ආයතනය ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව, සමුපාකාර තොග වෙළද සංස්ථාව, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය, සහ ස්වාධින රූපවාහිනියේ ඉහළ නිලධරයන් 13 දෙනකු ඉවත් කරන ලෙස බරපතල වංචා හා දූෂණ විමර්ශන ජනපති කොමිසම නියෝග කර ඇත.
එම ආයතනයන්හි වංචා හා දූෂණ හෙළි කර ගැනීමට ඔවුන් බාධා විය හැකි බව කොමිසම කියයි.
අධිකරණ අමාත්‍යංශ අතිරේක ලේකම්වරියක, පොල් පරීකෂණ ආයතනයේ අධ්‍යකවරයෙක්, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරි, සමුපාකාර තොග වෙළද සංස්ථාවේ නිලධාරීන් හය දෙනෙක්, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ රාජකාරි කරන මහියංගනය ප‍්‍රාදේශිය ලේකම්ව, ස්වාධින රූපවාහිනියේ තිදෙනෙක් එසේ ඉවත් කළ යුතු බව කොමිසම පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"රෝනිට" මල් මිටක්. (අ)
හැම තැනම ජරාව කන එවුන් වැහි වහලා. රටට අවංකව සේවය කරන මිනිස්සු හැමදාම හිගන්නෝ.(ම)
එතකොට මේ ගොල්ලගේ නම් ලැයිස්තුව? (ර)
පේනවා නේද රටේ දූෂණය උඩු දුවල තියෙන තරම??? (ම)
ඔය කොමිසම වෙත වාර්තා වෙන ඒවා ගැනනේ. කොමිසමටමවත් වාර්තා වෙන්න බැරි තරමටම සේවක මර්දනයන් පවතින ආයතන ගැන කව්ද එතකොට බලන්නේ? අමාත්‍යංශ යටතේ ඇති හැම රාජ්‍ය , අර්ධ රාජ්‍ය ආයතන ගැන බලන්නේ කව්ද?සංස්ථා, මණ්ඩල, අධිකාරි වල බරපතල වංචා දූෂණ තවමත් එහෙමමයි.දින 100 පත් වූ අයත් වෙනසක් කළේ නැහැ, එයාලත් කලින් විදිහටම හැඩ ගැහිලා සැප විද විද ඉන්නවා.(බ)
පස්ස දොරෙන් පාර්ලිමේන්තුවට ඇතුල්වුණ උන්නැහේලාටත් රතුඑළි දැම්මොත් හොඳයි! (බ)
ස්වාධීන රූපවාහිනියෙ විතරක් නොවෙයි ජාතික රුපවාහිනියෙත් ඉන්නවා මේ ආණ්ඩුවට පන්දම් අල්ලල ඉහළම තනතුරු අරගෙන වැඩක් නොකර ජනතා සල්ලි කාබාසිනියා කරන අය. එ අයත් පන්නා දෑමිය යුතුයි.(ම)