(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය ආයතන මහජනතාවට වගවීම තහවුරු කිරීම පිණිස අමාත්‍යාංශ වල විමර්ශන ඒකක පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මේ වන විට රාජ්‍ය සේවය සම්බන්ධයෙන් දෛනිකව විශාල පැමිණිලි සංඛ්‍යාවක් නාමිකව සහ නිර්නාමිකව ජනාධිපති කාර්යාලයට, අග්‍රාමාත්‍ය කාර්යාලයට මෙන්ම, මහජන නියෝජිතයින් වෙත ද ලැබෙමින් පවතින බව රජය කියයි. රජය කෙරෙහි පළ කළ මහජන විශ්වාසය ආරක්ෂා කර ගැනීමට මෙන්ම, විශේෂයෙන්ම රාජ්‍ය සේවය තුළ අපේක්ෂිත ධනාත්මක වෙනස්කම් සිදු කිරීම සඳහා එවැනි පැමිණිලි පිළිබඳව අපක්ෂපාතී මෙන්ම විද්‍යාත්මක කරුණු විමර්ශනයක් සිදු කළ යුතුව ඇත.
ඒ අනුව,පැවති රජයන් යටතේ රාජ්‍ය ආයතන ක්‍රියාත්මක වී ඇති ආකාරය මෙන්ම, වත්මන් රාජ්‍ය ආයතන ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් වන මහජන පැමිණිලි, කරුණු දැක්වීම් මෙන්ම විවිධ මූලාශ්‍ර වලින් වාර්තා වන තොරතුරු සම්බන්ධයෙන් කරුණු විමර්ශනයට අමාත්‍යාංශ මට්ටමින් දීප ව්‍යාප්ත සේවාවක පළමු ශ්‍රේණියේ නිලධාරියෙකුගේ හෝ විමර්ශන ක්‍රියාවලිය සම්බන්ධ අත්දැකීම් සහිත රාජ්‍ය සේවයේ පළමු ශ්‍රේණියේ විධායක නිලධාරියෙකුගේ හෝ ප්‍රධානත්වයෙන් විමර්ශන ඒකක පිහිටුවීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ඔත්තුකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
සබරගමු විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවක වදය ලබාදීම සම්බන්ධයෙන්සමනල වැව පොලිසිය වෙත ලද පැමිණිල්ලට අදාළව වැඩ බලන පොලිස්පතිවරයාගේ
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ සිසුවකුට පහර දුන් සිසුන්ගේ පන්ති තහනම් කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව ව
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තුන් දින නිල සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපොළෙන් 05/03 දින පස්වරුවේ පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු පැය 48 කාලයකට රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා ගත්බව බස්නාහිර පළාත් දකුණ දිශාව අපරාධ කොට්ඨාසය කියයි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රාජ්‍ය ආයතන ගැන පැමිණිලි විමර්ශනයට වෙනම ඒකකයක්