ගම්පහ රතුපස්වල ජලය අපවිත්‍රවීම සම්බන්ධයෙන් නිසි පියවර ගත්තාදැයි විමසීම සඳහා ලබන ජනවාරි 28 වැනි දා උසාවියේ පෙනී සිටින ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සහ අයෝජන ප්‍රවර්ධන මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයකට අද අභියාචනාධිකරණය නොතීසි නිකුත් කළේය.
පරිසර යුක්ති කේන්ද්‍රය මුල්වී පෙත්සම ඉදිරිපත් කළ බව නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා පැවසීය.
මහර ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ප්‍රමිත හෙට්ටිආරච්චි මහතා ද අධිකරණයට පැමිණ සිටියේය.
රතුපස්වල වෙනිග්‍රොස් අත්වැසුම් කම්හල වසා දමන්නැයි කියමින් පසුගිය ජූලි 27 වැනි දා සිට ගම්වාසීන් උද්ඝෝෂණය කළ අතර, උද්ඝෝෂණය කළ ගම්වාසීන් හා යුද හමුදාව අතර ගැටුමෙන් අගෝස්දු පළමු වැනි දා පාසල් සිසුහු දෙදෙනෙක් ඇතුළු තිදෙනෙක් මිය ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රතුපස්වල සිංහල ජනතාවට සාධාරනයක් ඉටු වේවා! (නි)
ඉක්මනටම ඇත්ත එළිවෙලා කර්මාන්ත ශාලාව වසා දමන්නට හැකි වේවායි මම පතමි. (නදී)
හැකි ඉක්මනින් මේ කර්මාන්ත ශාලාව වසා දමා ආයෝජන ප්‍රවර්ධන කලාපයට රැගෙන යන්නට නොහැකි නම් ලංකාවෙන් ඉවත් කරගත්තාට කම් නැති බවයි මගේ නම් අදහස වන්නේ. (නි)
මොහාන් මහතාට ආයතනය වැඩ පටන්හත්තහම ආපන ශාලාව දෙනවා කියලවත් ඇති. ඔය ආයතනයේ ආපනශාලාව පටන් ගන්න හිටියොත් මොහාන් මහත්තයට බඩ ගින්නෙම මැරෙන්න වෙයි.(නදී)
ඇත්තටම රතු පස්වල සිදුවුණ දේ සහ සිදුවෙමින් පවතින දේවල් නිවැරදි දේ මාද්‍යට කියන්න අපොහොසත් ද නැතිනම් වැරදි කරුවන්ට රටේ ජනතාවට දැනගැනීමට රජය තීන්දු නොගන්නේද (අ)
ඉක්මණට කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමට හැකි වේවායි මම පතමි (නි)