රාජපක්ෂලාට හිරගෙවල් අමුතු තැනක් නොවන බව බැසිල් රාජපක්ෂ මහතා ඇල්පිටියේ දී පැවති ජන හමුවක් අමතමින් කීවේය.

“1936 ඩි.එම්. රාජපක්ෂ මුලින්ම ඡන්දේට ගියේ වැලිකඩ හිරගෙදර ඉඳලා. ඡන්දේට රුපියල් දහදාහක් ගත්ත කියලා හිරේ දැම්මා. ඒ කාලයේ සිවිල් නඩු වලටත් හිරේ දාන්න පුළුවන්. එහෙම හිරේ ඉඳන් ඇවිත් තමයි කුරහන් පාට සාටකේ දාගෙන පාට පෙට්ටියෙන් ඉල්ලලා ඡන්දේට ගියේ. මහින්ද රාජපක්ෂ මහත්තයා මුල්කිරිගල ඡන්දෙන් පස්සේ ත්‍රිත්ව මිනීමැරුමකට කියලා හිරේ දැම්මා. අපේ මව මිය ගියෙත් ඒ කාලේ. මම විතරයි නොගිහින් හිටියේ මමත් දැන් ගියා. යෝෂිතත් ගියා. ඒ නිසා අපි ඒවට අපි බය නැහැ. මේ රටේ ජනතාව කොතනද ඉන්නේ එතන අනිවාර්යෙන්ම මහින්ද රාජපක්ෂලා ප්‍රමුඛ රාජපක්ෂලා ඉන්නවා.” යනුවෙන් ද ඔහු පැවසුවේය.