අශීලාචාරත්වයේ සිට සීලාචාරත්වය දක්වා රට මෙහෙයවමින් සිටින අවස්ථාවක ඊට අකමැති පිරිසක් ප්‍රතිවිප්ලවයක් ඔස්සේ රට නැවතත් අගාධයට ඇද දැමීමට කැසකවන බව රනිල් වික්‍රමසිංහ අගමැති පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය.
ඉන්දියාව සමග පරිපූර්ණ ආර්ථික ඒකාබද්ධ ගිවිසුමක් (සීපා) අත්සන් කිරීමට යතියි රජයේ වෛද්‍ය නිලධරයන්ගේ සංගමයද අසත්‍ය හා පදනම් විරහිත ප්‍රකාශ කරමින් මහජනයා රැවටීම හෙළා දකින බවත් වික්‍රමසිංහ මහතා කීය.
වෛරී පාලනයක සිට මෛත්‍රී පාලනයක් දක්වා රට ගමන් කරවන බවත් රජය හැංගි හොරා වැඩ නොකරන බවත් රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් කඩේ ගිය සමහර දොස්තර මහත්වරුන්ට අවශ්‍යවී ඇත්තේ රටට බොරු කියමින් අවුල් ඇති කිරීම බවද අගමැති කීවේය.
‘‘රට අගාධයට ගෙන යමින් සිටි රාජපක්‍ෂ රෙජීමයේ පාලනය වෙනස් කිරීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්‍ෂකයා ලෙස නම් කිරීමෙන් අනතුරුව විවිධ වෘත්තිකයන්, තමන්ගේ රැකියාව පමණක් නොව ජීවිතයද පරදුවට තබා අප සමග මේ සටනට එක් වුණා. ඒ අතර වෛද්‍යවරුන් බොහෝ පිරිසක්ද සිටියා. බොහෝ තරුණ වෛද්‍යවරුන් පමණක් නොව, අත්දැකීම් සපිරි විශේෂඥ වෛද්‍යවරුන්ද අපට සහය දුන්නා.
නමුත් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ඉහළ පුටු හොබවන දොස්තර පාදෙනිය ඇතුළු පිරිස ජනවාරි 08 වෙනිදා විප්ලවය වෙනුවෙන් පෙනී සිටියේ නෑ. ඔවුන් පෙනී සිටියේ රාජපක්‍ෂ රෙජීමය ආරක්‍ෂා කර ගැනීම සඳහායි. ඒ බව මුළු රටම දන්නවා.
ජනවාරි 08 වන දා විප්ලවය ජය ගැනීම සඳහා අප හා එක්වුණු වෘත්තීය කණ්ඩායම් සමග අප දීර්ඝ ලෙස සාකච්ඡා කළා. ඒ වන විට සීපා ගිවිසුම සඳහා රාජපක්‍ෂ ආණ්ඩුව එකඟ වී සිටියා. නමුත් සීපා ගිවිසුමේ යම් යම් කොන්දේසි නිසා ලාංකේය වෘත්තිකයන්ට අසාධාරණයක් වන බව අප එහිදී පෙන්වා දුන්නා. ඒ නිසා අප බලයට පත් වුණොත් සීපා ගිවිසුම අත්සන් නොකරන බවත්, ඒ වෙනුවට වෙනත් ගිවිසුමක් සකස් කරන බවත් අප ප්‍රකාශ කළා.
සීපා ගිවිසුම වෙනුවට ආර්ථික හා තාක්‍ෂණ ගිවිසුමක් අත්සන් කළ යුතු බවට අප තීරණය කළේ ඒ සාකච්ඡා වලදීයි.
ඉන්දීය අගමැති මෝදි මහතා ලංකාවට පැමිණි අවස්ථාවේදීත් අප මේ ගැන සාකච්ඡා පැවැත්වූවා. මගේ ඉන්දීය සංචාරයේදීත් අප මේ ගැන සාකච්ඡා කළා. අප එහිදී කියා සිටියේ අපේ ගිවිසුම භාණ්ඩ සහ තාක්‍ෂණ ක්ෂේත්‍ර සඳහා පමණක් විය යුතු බවයි. වෘත්තීය සේවාවන් සඳහා එය වලංගු නොවිය යුතු බව අපගේ මතය වුණා.
සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල ඒකාබද්ධ කරන්නේ නැති බව මම මේ සභාවේදී ප්‍රකාශ කළා. එමෙන්ම ඒ අරමුදල් මහබැංකුවේ භාරයෙන් ඉවත් කරන්නේ නැති බවත් ප්‍රකාශ කළා.
සත්‍යය එයයි. නමුත් ඒ අරමුදල් එක් කරන බවටත්, මහ බැංකුවෙන් ඉවත් කරන බවටත් අසත්‍ය ප්‍රකාශ කරමින් ඔවුන් වර්ජනය කළා.
රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අවලංගු කිරීමට හෝ වෙනස් කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නැහැ. සත්‍යය එයයි. නමුත් විශ්‍රාම වැටුප් අවලංගු කරන බවට අසත්‍ය ප්‍රකාශ කරමින් ඔවුන් වර්ජනය කළා.
රජයේ සේවකයන්ට සහන පදනම මත ලැබෙන වාහන බලපත්‍ර අහෝසි නොකරන බව අප මේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. සත්‍යය එයයි. නමුත් වාහන බලපත්‍ර අහෝසි කරන බවට අසත්‍ය ප්‍රකාශ කරමින් ඔවුන් වර්ජනය කළා.
දැන් සීපා ගිවිසුම සම්බන්ධයෙනුත් ඔවුන් කරන්න යන්නේ ඒ දෙයමයි. දැන් සීපා ගිවිසුමක් නැහැ. සත්‍යය එයයි. නමුත් එහෙම එකක් තියෙනවා යැයි අසත්‍ය ප්‍රකාශ කරමින් ඔවුන් රට අවුලට පත් කරන්න උත්සාහ දරනවා.
රාජපක්‍ෂ රෙජීමය රජයේ සේවකයන්ගේ වාහන බලපත්‍ර නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නවතා දැම්මා. ඒ, 2008 වසරේ මාර්තු 31 වන දා. එදා පටන් 2010 දෙසැම්බර 15 වන දා දක්වා මේ නියෝගය බල පැවැත්වුණා. හැබැයි ඒ අවස්ථාවේ නම් රජයේ වෛද්‍ය නිලධාරී සංගමය වර්ජන කරන්නට ගියේ නෑ.
රාජපක්‍ෂ රෙජීමයේ පීඩාකාරී පාලනය සහ අකාර්යක්‍ෂමතාව නිසා අපට ජීඑස්පී ප්ලස් සහනය නැති වුණා. ඒ අවස්ථාවේදීත් රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ප්‍රකාශ නිකුත් කළේ නෑ. වර්ජන කරන්නට ගියේ නෑ.
සුදු වෑන් සංස්කෘතියක් රට පුරා පැතිරුණා. මිනිස්සු අතුරුදහන් කෙරුණා. මහ මග මරා දැම්මා. හැබැයි ඒ අවස්ථාවේදීත් රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ප්‍රකාශ නිකුත් කළේ නෑ. වර්ජන කරන්නට ගියේ නෑ.
වැලිවේරියේ රතුපස්වලට වතුර ඉල්ලපු ජනතාවට වෙඩි තිබ්බා. සේවක අර්ථ සාධක අරමුදල් කොල්ලයට විරෝධය දක්වපු කටුනායක රොෂාන් චානක මරා දැම්මා. හැබැයි ඒ අවස්ථාවේදීත් රජයේ වෛද්‍ය නිලධාරී සංගමය වර්ජන කරන්නට ගියේ නෑ.
මේ ගරු සභාවට මම අවස්ථා ගණනාවකදී පෙන්වා දී තියෙන ආකාරයට අප ජනවාරි 08 වන දා ජයගත් විප්ලවය යළි පරාජය කරන්නට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ. ප්‍රතිවිප්ලවයට හිස ඔසවන්නට අප අවකාශ සලසන්නේ නෑ.
අප මේ පසු කරන්නේ සංක්‍රාන්ති සමයක්. අප මේ යන්නේ නව දේශපාලන ගමනක්. අප ක්‍රියාත්මක කරන්නේ මේ මුළු මහත් පාර්ලිමේන්තුවම ආණ්ඩු බලය සඳහා සම්බන්ධ කරගන්නා සම්මුතිවාදී ක්‍රමවේදයක්. මේ රට යළි ගොඩ නැංවිය හැක්කේ ඒ මාර්ගයෙන් පමණයි.
ඒ නිසා තම තමන්ගේ පටු අරමුණු පසෙකලා රට වෙනුවෙන් කටයුතු කිරීමට එක්වන ලෙස මම සියලු දෙනාගෙන්ම යළිත් ඉල්ලා සිටිනවා‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ජනතාව තේරුම් ගත යුතුය. (ර)
ජයවේවා අගමැතිතුමනි! (නි)
යහපාලනයේ වැරදි වැඩියි වගේ (බ)
එතකොට විරුද්ධ හැමෝම රෙජිමයේ අයද? (නි)
ජය වේවා! ඔහොම යමු (නි)
ඉතාම ප්‍රඥාගෝචර ප්‍රකාශයක්. ඔබතුමා නිතරම සත්‍ය කතා කරනවා. (නි)
අශීලාචාරත්වයේ සිට ශීලාචාරත්වය දක්වා කොච්චර හොඳට රට ගමන් කරනවාද කියලා දැන් අපි තේරුම් අරගෙන අවසානයි. (නි)
අලුත් ආණ්ඩුව ඇවිල්ලා අවුරුද්දකට කිට්ටුයි. ඒත් රාජපක්ෂ රාජපක්ෂ විතරයි මතුරන්නේ... වැඩක් කරන පාටක් නැහැ.(ම)
මම නම් මේ කතාවට එකඟයි (නි)
මන්ත්‍රීලගෙ විශ්‍රාම වැටුප් ඉවත්කළොත් හොඳ නැද්ද? (නි)
අනේ මොකට කියනවද රට යන පැත්ත නම් දැන් පැහැදිලිව පේනවා. (ම)
අයවැය කතාවේදී කියපු ගොඩක් දේවල් දැන් මෙතුමා කරන්නේ නැහැ කියනවානේ. (නි)
ඔබතුමාගේ කෙළින් කතාව අපි අගය කරනවා. කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන නායකයෙක්. ඔබතුමා විශ්වාස කරලයි අපි ඔබතුමන්ලාව බලයට ගෙනාවේ. (නි)
ඔබ නියම මහත්මයෙක්. ඔබට දිගු ගමනකට ආසිරි! (නි)
මේගොල්ලන්ට විරුද්ධව වචනයක් කතාකරන හැමෝටම බනිනවා. (නි)
රට යන අත ගැන නම් කවර කතාද? (නි)
නියම කතාවක්! (නි)
අගමැතිතුමා විසින් වෛද්‍ය සංගමය පිළබඳ කළ විවේචනය 100% ක්ම ඇත්ත. අගමැතිතුමනි,ජයවේවා! (නි)
අපි සැමදාමත් ඔබතුමා සමඟ ඉන්නවා (නි)
ඒ කියන්නේ භාණ්ඩ සහ තාක්‍ෂණ ක්ෂේත්‍රවල අයට ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනවා??(ම)
බඩගෝස්තරවාදයට වැඩිය රට ගැන හිතලා වැඩකළොත් යහපති හැමෝම. (බ)
ඔබතුමාට ජය ශ්‍රී! (නි)
නියම කතාවක් මැතිදුනි... ඔබට ජය....(ම)
දොස්තරලා කොහොමද වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් වර්ජන කරන්නේ? (නි)
කතාව නම් සහතික ඇත්ත (නි)
නමුත් මෙතුමාට මේ තැනට ඒම සඳහා නායකකම ආරක්ෂා කරදුන්නේ එතුමා නේද? (නි)
ඔබතුමා තමයි අපේ එකම විශ්වාසය (නි)
ජාතියේ පියාණන් වන අනගාරික ධර්මපාලතුමාගේ නාමයෙන් අපි එක්වෙමු. එසේ නොවුණහොත් අපේ සදාදරණීය රණවිරුවනුත්, දේශප්‍රේමීනුත්, ජාත්‍යන්තරය ඉදිරියේ අසරණවනු බලාසිටීමට සිදුවේවි. (නි)
ඔය හැම දෙකටම වඩා ලොකුයි අපේ රටේ නිදහස, අනන්‍යතාවය, ඒකීයභාවය, යුද්ධය ජය ගැනීම, කොටි පැරදීම. දැන් කොටි එළියේ. හමුදාව ඇතුළේ. ඉන්දියාවට අපේ රට පාලමකින් සම්බන්ධ කිරීමට අපි අකමැතියි. අපේ රටේ නිදහස නැතිවෙනවා. (නි)
කමල්, ඔබ නියම මහත්මයෙක්. ඔබට දිගු ගමනකට ආසිරි! (නි)
කියලා වැඩක් නැහැ මේවට උත්තර. මහින්ද ගැන විතරයි තාමත් කතාකරන්න පුළුවන්. ඉන් එහාට අඩියක්වත් තවම තියාගන්න බැහැ (නි)
සමන්, හොඳට අතීතය අධ්‍යයනය කරලා ලියන්න. සේතු සමුද්‍රම් ගිවිසුම ගැහුවේ චන්ද්‍රිකාගේ කාලයේ. අනික දකුණු ඉන්දියාවේ හින්දු ආගමිකයින් නිසා තමයි ඒ ගිවිසුම යටපත්වෙලා තියෙන්නේ. ඒ මිනිස්සු කැමති නැහැ හනුමන්ගේ පාලම විනාශ කරනවාට. මිනිසුන්ට බොරුවට මඩ ගහන්න උත්සාහ කරන්න එපා. එයින් වෙන්නේ තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනයවීමයි. (නි)
ඔය කියන සේතු සමුද්‍රම් ගිවිසුම අත්සන්කළේ රනිල් චන්ද්‍රිකාගේ කාලයේ. වාසනාවට එය ක්‍රියාත්මක නොවී තිබෙනවා.මට හිතෙන හැටියට සීපා නොවෙයි කියලා මේ ගෙනෙන්න යන්නෙත් ඒ ගිවිසුමම ටිකක් එහාට මෙහාට කරලා. (නි)
මේ අනේ! ඔය කතා මේ රටේ මිනිස්සු හොඳට දන්නවා. මේ මාස 11 ට රට යන්නේ උඩහටද, පහළටද කියන එකත් ඕනෑ කෙනෙකෙට තේරිලා ඉවරයි. (නි)
වීරයින් දුෂ්ඨයින් කර, දුෂ්ඨයින් වීරයන් කිරීමේ කලාව අපි දැන් දන්නවා (නි)
වෛද්‍ය නිලධාරීන් කරන වැඩ වර්ජන විතරයි ආණ්ඩුවට දැනෙන්නේ. (නි)
රටේ මහජන මතය දැනගන්න ඔය කතා කියන්නේ නැතුව අයවැය ගැන කතාකරන්නකෝ (නි)
මොකට කියනවද මේ පාලනය ගැන අපි? (නි)
එ්ක හරි.මොනවද කරන්න යන්නේ කියල ඉවසල බලන්න ඕන.කරන්න ඉස්සර විරුද්ධ වෙන එකෙන් වැඩක් නැහැ.මහින්ද යුද්දේ නැවැත්තුව.රටේ ආර්ථිකය හැදුවේ නැහැ,බලමු මේ අය එ්ක කරයිද කියල.එ්ක කරන්න බැරි වුනොත් මහින්දව ගෙදර යැව්වා වගේ ගෙදර යවමු.මම ඉල්ලන්නේ ජනතාවගෙන් අපිට ඕනේ නිදහස් බරක් පිටට පටවෙන් නැති ආර්ථිකයක් තියෙන රටක්. එ්ක මහින්ද කළත් එකයි රනිල් කළත් එකයි.එක එක පුද්ගලයන්ගේ පස්සේ යන නැතුව රට ගැන හිතන්න. (බ)
පාතාල චන්ඩියෙකුට වඩා කපටියෙකුහරිම භයානකයි. (බ)
නව දේශපාලන ගමනට අපෙන් සුබ පැතුම්. කවුරු නැතත් අපගේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව අපි අඟයනවා. විශ්වාස කරනවා.. නව ආණ්ඩුවට සුබ ගමනක්..(බ)
සම්පුර්ණ ඇත්ත අගමැතිතුමා. (නි)
දැන් කතා ඇති (නි)
කියන්න බලන්න මෙයාලා රටට කළ එක හොඳක්? සුදු වෑන් ගැන කතාකරන අයට 88-89 කාලේ පාරවල් වල හොල්මන් කළ වෑන් අමතක වෙලාද? අපිට මහින්ද රටට කළ හොඳ දේවල් කියන්න පුළුවන් පොතක් පිරෙන්න. (නි)
ආයෙත් තීරණයක් ගන්න කාලය හරි ... (නි)
මමත් මේ යහපාලන ආණ්ඩුව වෙනුවන් කඩේගිය කෙකෙන්. නමුත් දැන් දැන් පෙනෙන දේවල් වලින් නම් මේ අයයි ඒ අයයි අතර වැඩි වෙනසක් නැහැ වගෙයි පෙනෙන්නේ. තව නිතරම කිවුව කතාවක් තමයි වොක්ස්වැගන් කොම්පැනියක් ලංකාවට ගෙනෙනවා කියලා. කවදද ඔය කොම්පැනිය ලංකාවට එන්නේ? (නි)
තම තමන්ගේ පටු අරමුණු පසෙකලා රට වෙනුවෙන් කටයුතු කිරීමට එක්වන ලෙස අපිත් සියලු දෙනාගෙන්ම යළිත් ඉල්ලා සිටිනවා (ම)
රාජපක්ෂලාට කඩේ යන එක ගොඩාක් හොදයි වැදගත් ඩයස්පෝරාව හා බෙදුම්වාදීන් වෙනුවෙන් එළිපිට පෙනී සිටිනවාට වඩා (බ)
මේ යන විදියට ගියොත් ඉතින් ඉතුරු වෙන්න දෙයක් නම් නැහැ ..(බ)
අගමැතිතුමා විසින් වෛද්‍ය සංගමය පිළබඳ කළ විවේචනය 100% ක්ම ඇත්ත.පාට කණ්නාඩි නැතුව හිතලා බලන්න කියලා අනිත් අයට මතක් කරනවා. දොස්තරලා වගෙම එදාවේල හොයාගෙන ජීවත්වෙන මිනිහා ගැනත් ආණ්ඩුව බලන්න ඕනෑ. අගමැතිතුමනි,ජයවේවා! (නි)
ඔබ තුමා අපිට විශ්වාසයි, සමහරු බලන් ඉන්නේ ආයේ බෝම්බ පුපුරනකන්, ඒ ගොල්ලන්ට ඕනේ ඒ අය කියපු දේ ඇත්ත කියල පෙන්වන්න, (බ)
පරණ දේවල් සේරම මේ රටේ මිනිස්සු දන්නවා ඔය කතා දැන් අවුරුද්දක්ම කියෙව්වා ඇති. මේ කාලයට ජනතාව ගේ සුබ සිද්ධිය වෙනුවෙන් කරපු එක වැඩක් කියන්න පුළුවන්ද. ඇමැතිවරු එකසිය ගානක් පත් කළා. මහා බැංකුවට ගේම දුන්න. කොටි නිදහස් කළා. හයිබ්‍රිඩ් අධිකරණයට කැමැති වුණා. ලෝකෙම නැති අය වයක් ගෙනල්ල අපේ බඩට ගැහුවා. මේවා තමයි කළේ (බ)
නටගන්න බැරි මිනිහෙක් පොළව ඇදයි කිව්වලු (ම)
බටහිරයන්ගෙන් මහින්ද රට බේරාගත්තා. මොළය කළඳක් හරි තිබෙන අයට වෙන්නේ මොකක්ද කියලා තේරෙනවා (නි)
උතුරු නැගෙනහිර ද්‍රවිඩ නිජ භූමි වශයෙන් ගිවිසුම් ගැසූ රනිල් උපාසක මහත්තයද මේ බණ කියන්නේ (බ)
මහින්දගේ කාලේ මේ රට ලස්සනට දියුණුවීගෙන ආවා. කෝ දැන් ඒවා? හයිවේ එකත් කඩවතින් නවත්තලා. පාරක් තොටක් පිළිසකර කරලා නැහැ. සියලුම සංවර්ධන ව්‍යාපෘති වලට වෙන්කළ මුදල් කෝ? ඒවා නැවැත්තුවා නම් ඒ මුදල් කොහෙටද ගියේ? (නි)
ඔබතුමාට විරුද්ධ අය රාජපක්ෂලාට කඩේ යන අය නම් ඔබතුමාට කඩේ යන අයට කියන නම් මොනවද? (ස)
රටේ ඉහළම උගතුන්ට තර්ජනයක් නේද මේ කරන්නෙ? (බ)
මහින්ද සමග යටින් ඩීල් එකක් තියෙනවයි කියන්නේ ඇයි ? (බ)
ඔව් ඉතින් ඔබතුමා කවදාවත් මේ රටේ මහජන මුදල් වෙන ඇමතිලා වගේ තමන්ගේ සාක්කුවට දාගන්නේ නැති වෙයි කියලත් අපිට විස්වාසයි. මොකද ඇමරිකාවෙන් බ්‍රිතාන්‍යයෙන් ඉන්දියාවෙන් ඇති වෙන්න කොටි සල්ලි දෙනවා ඇතිනේ. එකනේ මේ කොටි නිදහස් කරන්නේ. මහින්දගේ කාලේ දෙන්න බැරිවුණ සහන දැන් දීලා, එක්සත් ජාතීන්ගේ සමුළුවෙන් කිව්ව යුධ අපරාධ මුකුත්ම දැන් නැත්තේ අපේ රට කොටින්ට නැවත ගොඩනැගෙන්න පුළුවන් විදියට ටික ටික හදන්න කැමති වුණ නිසානේ. මේ රටේ කැපුවත් කොළ කියාගත්ත අය ඉන්නකම් ඔයාට මේ වැඩේ හීනියට ගහගෙන යන්න පුළුවන්. (ස)
බලාගෙන..ඔය ජරා "සීපා "ගිවිසුම අත්සන් කළොත් ...අායේ වතාවක් එය ඒකපාර්ශවිකව අහෝසිකරන්න බැහැ. ඉන්දියාවේ ඉන්න බාබර්ලයි,බුලත්විටි කාරයොයි,කුලී කාරයොයි රුපියලට වැඩ කරන්න මෙහෙ ආවොත් ..එදාට බලාගන්න පුළුවනි වැඩ. මට තේරෙන්නේ නැති එකම දෙයක් තියෙනවා..රනිල් වික්‍රමසිංහ මහත්මයාට ඉන්දියාවත් එක්ක තියන සම්බන්ධය මොකක්ද..මේ ගිවිසුම් ගහන්නයි. පාරවල් හදන්නයි..ඒ රට එක්ක. දැන් කාලයට ඉස්සර එතුමා අගමැතිවලා හිටපු කාලේ ඉන්දියාවත් එක්ක ගිවිසුමක් අත්සන් කළා ඉන්දියාවත් ලංකාවත් අතර ඇති මුහුදේ ගැඹුර වැඩිකොට ඇල මාර්ගයක් හදන්න " සේතු සමුද්‍රම් " කියලා.එක එහෙම වුනානම් ඒ මුහුදුපතුලේ ඇති හුණුගල් තට්ටුව විනාශවෙලා අපේ රටේ විශාල ඛාදනයක් වෙනවා. (බ)
හොඳ නරක තේරෙන්නේ නැති මිනිසු හැමදේටම විරුද්ධ වෙනවා මිස කරන දෙයක් නැත. හොඳ නරක තේරුම්ගෙන එකමුතුවී වැඩකළොත් රටේ අනාගතය සපලවත්වේ (බ)
මෙයාද කියන්නේ මෙයා කරපු හැටි දැන් අමතකයි වගේ යුද්ධයක් තිබුණා කියලත් මෙයාට අමතකයි (බ)
ඉන්දියාවට අපේ රට පාලමකින් සම්බන්ධ කිරීමට අපි අකමැතියි. අපේ රටේ නිදහස නැතිවෙනවා. (නි)
විජිත්, ඔයා කියපු සේතු සමුද්‍රම් ගිවිසුම තවමත් තියෙනවා.නමුත් ඉන්දියාවේ ආගමික ප්‍රශ්නයක් නිසා එය අන්ත හින්දු වාදීන්ගේ විරෝධයට ලක්වීම නිසා යටගොස් තියෙනවා.ඒ ගිවිසුම ක්‍රියාවට නැංවුවොත් අපේ රටේ ඉන්දියාවට අසන්න කොටස් එහෙමපිටින්ම සෝදාපාලුවට ලක්වෙනවා.අර ඔයා කිව විදිහට මුහුදේ පතුලේ ඇති හුණුගල් තට්ටුවම විනාශ වෙනවා. වාසනාවකට ඒ ගිවිසුම තවම ක්‍රියාත්මක කළේ නැහැ. (බ)
රජයේ වෛද්‍ය නිලධාරී සංගමය දැන් දේශපාලනයටත් එවිල්ලද? (ම)
රට මීටවඩා පහළට අදින්න තැනක් නැහැ. පසුගිය ආණ්ඩුව කාලේ පතුලටම ඇදලයි තිබුනේ. දැන් අපේ රට ගොඩගන්නයි උවමනා. ඒක කරන්න ඔබතුමාලටත් බැරිබවයි මෙදා අයවැය දිහා බැලුවහම පෙනෙන්නේ. (නි)
අපි මැරිලා ඉපදුනේ නැහැ.අපි බලාගෙන ඉන්නේ. (නි)
මහානාම - කඳාන ඔයාගේ කතාව හරි දැන් මුළු රටම වෙනස් ලෝකයක් වෙලා යුද්ධයක් තිබුණා කියලත් මෙයාට අමතකයි (ම)
තමන්ගේ වැරදි වහගන්නේ විරුද්ධ වන අයට බොරු ලේබල් අලවලද ? (අ)
මහා බැංකුවේ බැඳුම්කර සිද්ධියට තවමත් දඬුවම් නැහැ නේද? (නි)
රාජපක්ෂ පාරට කාපට් දැම්මේ නැත්නම් අද ඔයාලා කොහෙද? දැන් චණ්ඩි වගේනේ කට්ටිය. රට කොහාටද යන්නේ කියලා අවුරුද්දක් යන්න කලින් පැහැදිලියි. (නි)
මෙතරම් ජනතාවාදී අයවැයක් ඉදිරිපත්කළ රජයට ජයවේවා! බටහිර කුමන්ත්‍රණ පරාජය වේවා! (නි)
ඉස්සරත් හිටපු ගමන් ඔය වගේ අතපසුවීම් වෙනවා. මට පෙනෙන්නේ මේ පාරත් පල්ලමයි කන්දයි මාරුවෙලා. (නි)
විජිත්, අසත්‍ය ප්‍රකාශ කරන්න එපා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කවදාවත් " සේතු සමුද්‍රම්" ව්‍යාපෘතියට ඉන්දියාව සමග ගිවිසුම් ගැහුවේ නැ . එක ඉන්දියාවේම ප්‍රතිපත්තිමය තීරණයක්. එකට බල කරන්නේ තමිල්නාඩුව. එකෙන් සිද්ධ වෙන්නේ අපේ අර නාවික ප්‍රතිලාබ නැතිව ගිහින් අපිට ආර්ථිකමය වශයෙන් විශාල පාඩුවක් වෙන එක. ඒ නිසා සියලු දේවල් තාවකාලිකව යට ගැහුවේ ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව. ඉන්දියාවේ වැදගත්කම මොකක්ද කියන කාරණය හොදින්ම දන්නා කෙනෙක් තමයි අගමැති තුමා. එහෙම නැතුව මේ ගමන , විමල් වීරවංශ කියන විදියට යන්න බැ . බොරු දේශප්‍රේමය මිනිස්සුන්ට කන්න දෙන්නේ නැ . එකට අවශ්‍ය කරන්නේ බුද්ධිමත් දේශප්‍රේමය. ජනාධිපතිතුමා කිව්වා වගේ " සියලු දේශපාලන තක්කදියන්ගේ අවසාන නවතන් පොළ තමයි මේ දේශප්‍රේමය". එක අපි පහුගිය කාලෙත් ඇත වින්දා. අතීතයේ මේ ලෝකේ සියලුම දෙනා ඇත වින්දා. (අ)
තිත්ත ඇත්තට දොස් කීම (ම)
සේවා සැපයීම සම්බන්ධයෙන් සමහර ක්ෂේත්‍රයන්හි ශ්‍රම අඩුවක් පවතින අතර තවත් සමහර ක්ෂේත්‍රයන්හි සේවා ගාස්තු ඉතා අධිකය. එම අඩුපාඩු සකස් කරගැනීමට ගිවිසුම් අත්සන් කළයුත්තේ අඩු මුදලට ප්‍රමිතියෙන් අඩු සේවා සපයන රටවල් සමඟ නොව අපේ වෘත්තිකයින් හා පුහුණු ශ්‍රමිකයින් ගේ සුදුසුකම් හා කුසලතාවන්ට සමකළ හැකි වෘත්තිකයින් සහ පුහුණු ශ්‍රමිකයින් ඇති රටවල් සමඟයි. (නි)
ඔබතුමා සමඟ අපි ඉන්නවා (නි)
දොස්තරලව බිමට දාමු . ජයවේවා! (බ)
දැන් බස් ගැමුණු සමන් රත්නප්‍රිය එහෙමත් එතකොට රෙජිමයේ අයද මෙව්වට පස්ස පැත්තෙන් හිනා වෙන්න ඕනේ (බ)
සමහරු ලිපිය කියලාවත් නැතුව පුරුද්දට කඩේ යනවා. රනිල් අගමැතිතුමා 100% හරි. ඔබට ජය! (නි)