‘අපි සටනට ලැහැස්තියි මම දන්නේ නැහැ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සටනට එනවාද පැනලා යනවද කියලා. එතුමාට අගමැති අපේක්ෂකයා වී ඡන්ද සටනට කරුණාකරලා එන්න කියලා මම ඉල්ලීමක් කරනවා. බය නම් ගෙදර ඉන්න. අපි රාජපක්ෂ රෙජිමය ගියපාර පරාජය කළා. එතුමා මේ පාර ඡන්දෙට ආවම අපි රාජපක්ෂගේ එදා රෙජීමය වළලාදාන්න කටයුතු කරනවා ආපහු එන්න ඉඩ තියන්නේ නැහැ‘ යැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ගලේවෙල ටී.බී. තෙන්නකොන් අනුස්මරණ ශාලාවේ පැවති එජප කී‍්‍රයාකාරින් හමුවකදී පැවසීය.
‘ජනවාරි 8 දා රාජපක්ෂ රෙජිමය පැරැද්දුවා ඊට පස්සේ අපි දින 100 වැඩසටහනක් කළා. ජනාධිපතිතුමයි මමයි එකතු වෙලා සිංහල දෙමළ මුස්ලිම් ජනතාව එකතු කළා. ආපහු නිදහස කියන සුළඟ මේ රටේ හමන්න පටන් ගත්තා. අපි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අප්‍රේල් මාසයේ ඉදිරිපත් කළා පළමු වතාවට සුළුතර ආණ්ඩුවක් ව්‍යවස්ථාව සම්මත කරගත්තේ ඒත් බහුතරයට ඕන වුණේ සංශෝධන දෙකක් නිසා මෙය විකෘති වුණා‘



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා බලමු මෙවරත් වාර්තාගත ලෙස පැරදෙන හැටි (නදී)
අති සාර්ථකව 21 වෙනි වතාවටත් ඉතිහාසගතවන පරාජයක් රනිල් මහතාගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂයට මෙවරත්. ඔය මුල්‍ය අපරාධ කොට්ටාසය ඔබ තුමාව හොයා ගෙන එන දවස වැඩි ඇතක නැහැ මහා බැංකු වංචාවට උදව් කිරීම සම්බන්ධව..(අ)
මෙතන කොමෙන්ට්ස් දාන වැඩි දෙනා මහින්දගේ අරලියගහ දන්සලෙන් ඒ කාලේ කාල බීල ජොලිය දාපු මාධ්‍ය මල්ලිලා බවයි පෙන්නේ (බ)
මහින්ද මැතිතුමනි පරිස්සන් වෙන්න මේ අලුගොසුවාගෙන් (අ)
කට ඇරියොත් නානවා. මේවා කියවන්න කලින් මොලේ ඇති කෙනෙකුගෙන් උපදෙස් ගත්තොත් නරකද. නැතිනම් ඩෙනිම් දීල අමුඩ ගත්ත වගේ වේවි (බ)
29 වතාවෙන් ඉවරවෙන්න තිබ්බ පැරදීමේ ලෝක වාර්තාව 30 වෙන්න තව සුළු දින ගනනි (අ)
මෙතුමා ඉතින් වලදන්න බැරි කෙනෙක්නෙ, කොච්චර පැරදුනත් අාපහු එනවනේ අවුරුදු 20 ක් තිස්සේ. (බ)
මෙයාට තියන එකම අභියෝගය මහින්ද බව ඉන් හරි පැහැදිලියි. දූෂණ චෝදනා තිසිවක් නැති පිරිසිදු මහත්මයෙකු ලෙස පෙනී හිටියට අතීතයේ කුරුණෑගල වැවිලි සමාගමේ ඉඩම් පවුලේ අයට ලබා දුන් බවට චෝදනා මාධ්‍ය මගින් හෙලිකළත් ඒවායේ ඇත්ත නැත්ත නිවැරදිව සමාජ ගත වුණේ නෑ. (බ)
මහින්ද මැතිඳුනි, නොබියව භාරගන්න අභියෝගය, එන්න සටනට, ජය නියතයි. බල්ලෙක් බිරුවට කන්දක් පාත්වේද? (බ)
රනිල් පැරදුනොත් පරදින්නේ ලංකාවේ අනාගතයයි. එ්ක ටික කලක් යනකොට ඔය කෑ ගහන හැමෝටම තේරෙයි. (බ)
සුදු වෑන් සංස්කෘතිය කුඩු දුෂණය අපිට ඕනි නැහැ රටේ වැදගත් පාලනයක් ගොඩනගන්න රනිල් සමඟ මුළු රටම එකතුවෙනවා.(ම)
ඉල්ලන් කන්න හදන්නේ කියවල. (බ)
මෝඩ චූන් (බ)
මෙයා විකාරයෙන් දොඩවනවා අභියෝග කරලා මහින්ද පරදවන්න පුලුවන්ද (බ)
බම්බුව තමයි (අ)
ප්‍රභාකරනුත් මහින්දට අභියෝග කළා (බ)
ජයවේවා ඒකට අපෙත් සහාය ලැබෙයි.(හේ)
ඉබ්බෙක් ගියය උඩක්.(හේ)
මෙන්න වසරේ අභියෝගය. (හේ)
අශාන්ට අනාගතයක් දකින්න ලංකාවක් ඉතුරු වෙලා තියෙනවට දෙවියන්ට ස්තුති කරන්න.(හේ)
බලමු ජන්දෙන් වෙන දේ.(හේ)
මහින්ද මහතාට මේවත් අභියෝගද. යුද්ධ කාලේ යුරෝපිය ජාතින්ටත් අභියෝග කළ මේවා මහින්දට කජු වගේ ඇති. මහින්ද හිනාවෙනවා ඇති නේද (බ)
බලමුකෝ මේ පාර මොකද වෙන්නේ කියලා.(හේ)
දොන් ජුවාන් ධර්මපාල ගැන කවුරු හරි දන්නවද ?(හේ)
ජෝගි නටන්න එපා ඇමරිකාවේ ඩොලර් වලින් (බ)
අනේ පව් . රනිල් මේ ගමනත් පරදින්න හදන බව කියන කතා වලින්ම පේනවා. (බ)
අගමැතිතුමෝ, ඔබගේ අභියෝගය අගය කරමි. මොකද පහුගිය කාලයේ ඔබලා නිහඩව හිටපු නිසා තමයි රට මේ තරම් අගාධයට ගියේ...එ්ත් විශ්වාස භංගයට , මහබැංකු හොරකමේ වාර්තාවට බයේ පැනල යන එජාප ආණ්ඩුවක් ගැන අපි විශ්වාසය තියන්නේ කොහොමද...?, ඔබතුමා දෙපාරක්ම ජනාධිපතිවරනේයෙනුත් පැනල ගියානේ....(බ)
රනිල් දිනුවත් නැතත් අපට ප්‍රශ්නයක් නැහැ. රාජපක්ෂ රෙජීමය නම් වල දාන්නම ඕන. (බ)
පාර දිගේ මිනී පුච්චන්නද ? (බ)
මෙහි ඇති කොමෙන්ට් වලින්ම පේනවා ජනවාරි 8 දායින් පසුව ලැබුන නිදහස. ඊට කලින් කවුද රජයට විරුද්ධව ලිව්වේ. එහෙම ලියපු අය පරලෝ ගිය නිසා. (බ)
භීතිකාව. (බ)
අනුන්ගේ පහනකින් එලිය බලල මෙයාගේ තියන සද්දේ බලන්නකෝ. වැඩිය පිම්බෙන්න එපා මහත්තයෝ පුපුරාවි (බ)
මේ අනාවැකියක්ද මහින්ද ඡන්දය ඉල්ලන බවට ? (බ)
අනේ මහත්තයෝ , ඔබ තුමාලා කරන කියන දේවල් විශ්වාස කරන්න මේ රටේ මිනිස්සු මෝඩ නෑ... දැන් ඔබට විශ්‍රාම ගන්න කාලය හරි.. තරුණ කොල්ලොන්ට ඉදිරියට එන්න දෙන්න (ම)
රනිල්ගේ ලෝක වාර්තාවට අත දෙන්න (ම)
පිවිතුරු යහපාල එක දිගට වෙන වෙන නම් වලින් ලියනවා. වෙන වැඩක් නැද්ද මන්දා (නදී)
පිනට චාන්ස් ලැබිලා ඔහොම උඩ ගියානම් බලය ලැබුණොත් පුපුරනවා (ම)
රා බීපු මීයක් පූසට ඔහොම කීවා (බ)
රටට හිතකර වාතාවරණයක් සැලසියහැකි පක්ෂ 2ක් වර්තමාන ලංකාවේ ඇත.1. ජනතා විමුක්ති පෙරමුණ 2.එක්සත් ජාතික පක්ෂය. මෛත්‍රිපාල සිරිසේන හැර වෙන කිසිවකු ධර්මිෂ්ට පාලනයක් ගෙනයා හැකි, නායකත්වයක් දියහැකි අයකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් නැත. පෙනෙන තෙක් මානයේද නැත. (බ)
අපේ රටේ ඉන්න එකම නායකයා මහින්ද මහත්මය බව දැන් මුළු රටම පිළිගෙන හමාරේ (අ)
පරදින්නේ කව්ද කියල බලාගන්න පුළුවන්.මහින්දට දෙපාරක් පරදින්න වෙනවා.අපිට සුදු වෑන් ඕන නෑ....මෝරුන්ගේ ටැංකි අපිට ඕන නෑ (බ)
බලලෝභීකමට දෙගොල්ලම මරාගනී. මිනීවළවල් කපාගනී. අන්තිමට වළ කැපෙන්නේ සිංහලයට. සිංහලයාට. බාරකාර රජයේ අගමැතිතුමනි. නිකන් දවල් හීන දකින්න එපා. එතුමා සිංහලයාට නොසැලකීම නිසා එතුමාට විරුද්ධවු අය අද ඔබතුමාගේ සහ සිංහල රට කියල තියෙන තැන සහ දෙමල ඩයස් පෝරා සැණකෙළි කරුවන්ගේ කෙරුවාව නිසා ඔබතුමාටත් විරුද්ධයි (බ)
මම මෙතන ඉන්න හැමෝගෙන්ම ඉල්ලීමක් කරනවා . රනිල් රනිල් කියන ගීතය ඉන්ටර්නෙට් එකේ බලන්න. ඒකෙන් ගොඩක් දේ කියවෙනවා (නදී)
සමීර, ඔබ හරියටම හරි. දවසේ පැය 24 රේම ඉන්නේ ලංකාදීපය සමග වෙනත් නම් 100 කින් විතර අදහස් දමමින්. මේ මනුස්සයට වෙන වැඩක් නැද්ද මන්දා. (නදී)
අපි නම් කැමතියි රනිල් අගමැති කමට තරග කරනවට. ඒ උනාට ඇයි යු එන් පි අය මහින්ද තරඟ කරනවට මේ තරම් බය? තමන්ගේ නායකයා ගැන විස්වාස නම් කවුරු තරගෙට අාවම මොකද? මහින්දට නම් රනිල්ද කව්ද කියල ප්‍රශ්නයක් නැහැ වගේ. මොකද මහින්ද කාටවත් කියල නැහැනේ එයා එක්ක තරගෙට එන්න එපා කියලා. එ්කයි නායකත්වය කියන්නේ. (නදී)
රට ගොඩගන්න පුළුවන් අපේ ලී කුවන් යුඕ ඔබතුමා තමයි රනිල් මැතිදුනි. මොලේ නැති අය ඔබ හා තරහයි (නදී)
මයිත්‍රී මහින්දට සන්දානෙන් ඉල්ලන්න අවසර දීලද? දැන් මේ ලක්ෂ 50 කල්ලිය කතා කරන්නේ මයිත්‍රී ගේ පැත්තට ද රනිල් ගේ පැත්තටද ? (නදී)
සුළුතර ආණ්ඩුවක් ව්‍යවස්ථාව සම්මත කරගත්තේ. ඒත් බහුතරයට ඕන වුණේ සංශෝධන දෙකක් නිසා මෙය විකෘති වුණා. ඒ කියන්නේ මෙයාල කරන්නේ සුලුතරයට ඕන දේ (නදී)
80 ගණන්වල වගේ කාලයක් ඕනේ නැහැ (බ)
මේ පාරත් කෑම ලෑස්තියි (බ)
අශේන්, ලංකාවේ අනාගතය පැරදුනේ ජනවාරි අටවැනිදා. ඒ වරද හදා ගන්න පුළුවන් අගෝස්තු දාහත් වෙනිදට. එදාට බැරි වුනොත් ලංකාව සදහටම පරාදයි. අනාගතයක් නැහැ. (බ)
මෙතන කොමෙන්ට්ස් දාන්නේ මහින්දා ට ලැබුණු පිරිසුදු ලක්ෂ 58 ජාතික හැගීමක් ඇති ශ්‍රී ලංකා පුරවැසියෝ සහ රනිල්ට ඡන්දෙ දුන්න ලක්ෂ 50 කල්ලියයි. අල්ලපු රටේ ලක්ෂ දොළහ මාර වෙනම තැනක ලස්සන ට දානවා .මෙතන ත් දානවා. අනේ ලක්ෂ 58 අපිට නම් මෙතන විතරයි. අපි මේවා ලිව්වම අපි ජාතිවාදියෝ කියනවා . බලන්න එපාය එයාලගේ සයිට් එකට ගිහින්. (බ)
දොඩවන්නේ නැතිව කරන දෙයක් මොලේ පාවිච්චිකරලා කළොත් හොඳයෙි නේද ? (බ)
ජනවාරි 8 වෙනකනුත් මහින්ද හිතුවේ එයා දිනනවා කියලා. නමුත් ඔහු පැරදුණා. ලක්ෂ 62ක් මහින්දට කැමති නෑ (බ)
රනිල් දිනුවත් නැතත් අපට ප්‍රශ්නයක් නැහැ. (හේ)
මිනිසුන් ඉහලට යන්න යන්න නිහතමානී වෙන්න ඕන. මේ වගේ කතා කියල තියන ගෞරවය නැති කර ගන්න එපා. කටින් නොව වැඩවලින් කරලා පෙන්වන්න. (ර)
ඔය මොනවත් නැතුව ඔබ තුමාටම තිබුනනේ. ජනපති සටනට ගිහින් දිනලා පෙන්වන්න. මේ ගමන ඔබ තුමා ලෝක වාර්තාවක් තියනවා එකටනම් මගෙන් සුබ පැතුම්. (ර)
ජනාධිපතිවරණ දෙකක්ම එතුමාට බයේ මගහැරියා ..දැන් අභියෝග කරනවා ..අනේ හැබෑටම මෙහෙමත් නාටක (ම)
මළ බෙර කීපාරක් ගැහුවද ඇහිලා නෑ වගේ (බ)
මහින්දට බයේ දෙපාරක්ම ජනාධිපතිවරණෙන් පැනල ගිහින් දැන් මහින්දට අභියෝග කරන්නේ රෙදි ඇඳගෙනද? තමන්ගේ ගෝලයා සිරිසේන කවදාවත් මහින්දට නාමයෝජනා නොදෙන බව දන්නා නිසා දැන් බොරු වීරයෙක් වෙන්න හදනවා, ඉස්සර මහින්ද නම ඇහුනත් ජනාධිපතිවරණෙ එද්දී ඇඳ යට! (බ)
බලමු මේ සටනේදී ජය ලබන්නේ කවුරුද කියා.(හේ)
රාළහාමි.අංචි අදින්නේ නැතුව දැන්වත් ඒ ජා පෙ නායකත්වය වෙන කාටවත් දුන්නොත් නරකද? (හේ)
අපිට ඕනා හොරුන් සහ තක්කඩින් ,එතනෝල්, වැලි පස් ජාවාරම් කාරයින්ගෙන් තොර ආණ්ඩුවක්. නාම යෝජනා බලලා අපි අපේ තීන්දුව දෙන්නම්. හොඳ දක්ෂ 60ත ආදී අපේක්ෂකයින් දැම්මොත් ඔබ අගමැති වෙයි.(හේ)
අශාන්ට අනාගතයක් දකින්න ලංකාවක් ඉතුරු වෙලා තියෙනවට දෙවියන්ට ස්තුති කරන්න..2002 ආපු රනිල්ව 2004 දී ගෙදර ඇරියේ නැත්නම් ඔයාට ඔය කියන අනාගතේ දකින්න වෙන්නේ ප්‍රභාකරන්ගේ ඊලම් රාජ්‍යයේ ඉදන්.දෙකට නැමිලා දන ගහගෙන ..(බ)
ජනවාරි 08 වැනිදා අපි වෙනස් කළේ රටේ ගමන් මග. රනිල් කියන්නේ ඒ වෙනස සාර්ථක කරපු , ඒ කැපවීම රට වෙනුවෙන් කරපු නායකයා. මෛත්‍රී කියන්නේ ඒ ගමනට උදව් කරපු නායකයා. පටලව ගන්න එපා. රනිල් කියන කතාව ඇත්ත. රට ගැනවත් , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැනවත් දන්නා කවුරුවත් අායෙත් මහින්ද ගැන කතා කරන්නේ නෑ. මහින්ද නිසා අපිට ලැබුණු දේවල් වලට වලට වඩා ,නැතිවුණු දේවල් වැඩියි.එයා කරපු දේ කළා. ඒ කියල හැමදාම එයා බලයේ ඉන්න ඕනේද? දැන් යන්නේ වෙන ගමනක්. ඒ කාලේ මහින්දලාගේ සද්දෙට රැවටුණු මිනිස්සු හිතා ඉන්නේ එයා තමයි ඔක්කොම කළේ කියලා. එ්ක මුලාවක්. රනිල් කියන්නේ නියම කළමනාකරුවෙක් කියල දන්නේ කීයෙන් කී දෙනාද? මහින්දට එන්න දෙන්නේ නෑ. බලාගෙන ඉන්න. (බ)
ඒකාධිපති පවුල ගොඩක් කට්ටියගේ මොළය හෝදලා. (ම)
ඉදිරියේදී සිදු වෙන දේ ගැන ඉදිරියේදී බලමු.(හේ)
පිවිතුරු යහපාල නමින් ලියන එක්කෙනා වෙන නම් වලින් කොමෙන්ට් දානවා. නම් ඉස්සරහ වැටිලා තියන වෙලාව සහ දිනය චෙක් කළොත් විනාඩි 5න් 5 හට එක එක නම් වලින් ලියල කියල හොයන්න පුළුවන්. අපි එච්චචර මෝඩ නෑ ඕව විස්වාස කරන්න. (බ)
රනිල් මහත්මය ඡන්ද ගොඩක් පැරදුනා, ජනාධිපතිවරණයෙන් දෙපාරක් හැංගුනා. දෙවතාවක් පස්ස දොරෙන් අගමැති වුනා. ලක්ෂ 62 ක ඡන්දය ලැබුනෙ සරත් පොන්සේකා, ජේ.වී.පී. හෙළ උරුමය, දෙමළ, මුස්ලිම් අයගෙන්, සහ එජාප ඡන්දවලින්. මහ මැතිවරණයටත් එම සංධානයම පවතී කියල විස්වාස කරන්න බැහැ. එතකොට 62 බෙදිල යනවා. මහින්ද ගත්ත 58 ට තවත් වැඩි වෙනවා. මෛත්‍රී මහින්දට ඉල්ලන්න නොදෙන්නේ එජාපය දිනවන්න ඕන හින්දයි. නිමල් සිරිපාල ට අගමැති වෙන්න පුලුවන් කමක් නැහැ (තමන්ගෙ ආසනෙත් පරාදයි). මහින්ද ඡන්දෙට නාවොත් මතක තියාගන්න නිමල් සිරිපාලට විපක්ෂ නායකකමත් නැතිවෙනවා. (දෙමළ සන්ධානයට ඒක දෙන්න වෙන නිසා). මහින්දට තමන්ගේම පක්ෂයේ අපේක්ෂක කම නොදී වෙනත් පක්ෂයකින් ඡන්දය ඉල්ලන්න සැලැස්වූවොත් ශ්‍රීලනිප අන්ත පරාජය වෙනවා. එතකොට මෛත්‍රීට පුලුවන් මහින්ද පක්ෂයට ද්‍රෝහි වුනා කියමින් චෝදනා කරන්න.(අ)
හිතේනම් ඇති .අනේ පව් .(ම)
මොනවා කතා කළත් වැරදී ඡන්ද ලක්ෂ 4 කින් අපි මහින්දව ගෙදෙර යැව්වා. නැවතත් ගේන්නනම් එපා.(බ)
2001 වූ දේ මේ පාරත් වෙන්නේ සහතිකයි (අ)
මෙයා උඩ ගිය තරම් (ම)
මේකේ තේරුම මිනී මැරීමට කරන තර්ජනයක් (බ)
මෙයා උඩ ගිය තරම් (බ)
මෙන්න නියම අභියෝගයක්.ජනපතිතුමා සටන හරියට මෙහෙය වන්න පක්ෂය මහින්දට දෙන්න.(ම)
එතුමා ඔබතුමාට බයේ පැනලා යනවලු. හික්... හික් .. (ම)
වෙන කෙනෙක්ට ලැබුන ජන වරමින් උඩ ගිහින් ඉන්නේ වෙන කෙනෙක් ..29 වතාවක් පැරදිලා කියවන්නේ මහින්ද එක පාරක් පැරදුන එක ගැන. ලක්ෂ 62ක් ඡන්ද හම්බුනේ මෛත්‍රී මහතාට..රනිල්ට බැරි නිසානේ එක්සත් ජාතික පක්ෂය මෛත්‍රී පිහිට ගියේ..බොරුවට උඩ පනිනවා..(බ)
අහෝ ඛේදයකි. මේ පාර කීවෙනි පාරද ? (නදී)
මහබැංකු ගේම වහන්න හැදුවට වැඩේ දෙල් වුනා නේද අගමැතිතුමෝ (බ)
ඔයාල කරපු වැඩ ගැන නම් කුමන කතාද? අපිටත් පේනවා කරපු හරිය නම්, අබියෝග කරන එකනම් හොඳයි රනිල් මහත්තයාගේ දිනපු ඉතිහාසය දිහා බලද්දී අභියෝග කරන්නේ වැරදි කෙනෙක්ට අනිවාර්යෙන් ඔයා පරදිනවා. සාමයේ හුලගක් ගැන නම් ඔබතුමා කතා නොකරන තරමට හොදයි. (බ)