හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පියාණන් වූ අභාවප්‍රප්ත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 48 වැනි ගුණ සමරුව තංගල්ල ඩී.ඒ. රාජපක්ෂ පිළිරුව අසලදී අද පැවැත්විණි. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම, ඩලස් අලහප්පෙරුම, විදුර වික්‍රමනායක, විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධය දිනූ එකට මහින්දට සහ ගෝඨාභයට මගේ ගෞරවය තිබෙනවා. එහෙත් ඔවුන් රටට කළ දේවල් ගැන මගේ හිතේ පැහැදීමක් නැහැ (නි)
අද ඔහු කොහේ හෝ සිට සතුටුවෙනවා ඇති තම පුත්‍රයා රටට කළ ඒ අසහාය මෙහෙය දැකලා. ඔහුගේ පුත්‍රයා නැත්නම් අද අපිට රටක් නැහැ (නි)
හදවතින්ම අගය කරනවා (නි)
හොඳ පුත්රුවනක් සදා රටට දායාදකළ පිනම ඇති (නි)
මෙතන ඉත්න ඔක්කොම හොරුද නැද්ද කියලා නම් අපි දන්නෙ නැහැ. හැබැයි එයාලා නියම මහජන ඡන්දයෙන් පත්වූ අය (නි)
සමහරුන්ට පුදුම ආමාරුවක්නේ තියෙන්නේ 'රාජපක්ෂ' කියන වචනය ඇහුනත් (නි)
තිලක්, ඩුබායි ඉඳගෙන බයිලා කියවන්න එපා. ලංකාවට ඇවිල්ලාම බලන්න (නි)
මෙතන ඉන්න අය හොරුද නැද්ද කියන එක නෙමෙයිනේ මේ වෙලාවේ වැදගත් වෙන්නේ (නි)
මේ සම්බන්ධයෙන් පළව ඇති සමහර අදහස් ගැන කණගාටුයි (නි)
පිටිගල මිලානෝට මමත් එකඟයි (නි)
තම දෙමාපියන් සිහිකර උපහාර දැක්වීම ඉතා වටිනා ක්‍රියාවක් (නි)
ඔබතුමා වැනි මිනිසුන් නිහඬව කළ සේවය අද කාලේ ගොඩක් දෙනෙක් දන්නෙ නැහැ (නි)
තිලක්, ඔයාගේ ඔළුවට පණටින් ඉන්න කාලෙදිම අකුණු සන්නායකයක් දාගන්න. ලංකාදීපයට විවිධ මත පළකරන පාඨකයන් ඉන්නවා. හැබැයි ඔයා තරම් වෛරයෙන් පිරුන කෙනෙක් තවත් නැහැ. (නි)
ඔහු කළ සේවයක් ගැන අමුුතුවෙන් පවසන්න අවශ්‍ය නැහැ. රටක් වටිනා පුතෙක් හැදූ එකම ඇති (නි)
කුමාර,ඔබ වැනි අය ගැන ඇත්තටම කණගාටුයි (නි)
ඩී.ඒ. රාජපක්ෂ මහතා රටට කළ දෙයක් තිබුණත් නැතත් ඔහුගේ ගුණ සැමරීම උතුම් කටයුත්තක් (නි)
මෙතන ඉන්න හැමදෙනාම ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තු ගිය උදවිය. ඔය කියන 'හොරු' කවුද කියලා ඔයාලම හිතලා බලන්න (නි)
කවුද මේ තිලක් ඩුබායි නමින් අදහස් දාන කෙනා? (නි)
රමණි, ඔයා නියම කතාවක් කියලා තියෙන්නේ. (නි)
නව යුගයක් අරඹන්න දායකත්වයක් දුන් මෙතුමා යුග පුරුෂයෙක් (නි)
ඩී ඒ රාජපක්ෂ මහතා සිටියා නම් අද හදවතින්ම සතුටුවේවි (නි)
හොඳ කටයුත්තක් (නි)
මම නම් මේවාට මොකුත්ම කියන්නේ නැහැ (නි)
රමණි මාර කතාවක් කියලා තියෙන්නේ. ඩුබායි පැත්තේ කෙනෙක් අකුණු සන්නායකයක් ඔලුවේ හයිකරගෙන ඇවිදින හැටි මැවිලා පෙනෙනවා. (ම)
ඔබ තුමාට බොහොම ස්තුති රටට හොඳ පුතුන් බිහිකලාට.නොතේරුණාට ඔබ තුමන්ලාට අපේ රටට සේවය උපරිමයෙන්ම කරන්න ශක්තිය ලැබේවා (ම)
සැබෑ විපක්ෂයට ජයවෙවා,,,,(ස)
අපි නම් දෙමව්පියන්ට ජිවත්ව ඉන්න කොට තමයි උපරිම සලකන්නේ. ප්‍රසිද්ධ මාධ්‍යයේ ගුණානුස්මරණ පවත්වන්න තියා දෙමව්පියන්ට කලින් අපිත් යන්න යාවිද කවුද දන්නේ . ඒ නිසා මේ මොහොතේ උපරිමයෙන් සලකනවා.. (ම)
ඉතිහාසයේ යුගපුරුෂයෙකුට කෙරෙන ප්‍රණාමය බෙහෙවින් අගය කළ යුතුය. (ස)
හොරු 40 නම් කොහේ ගියත් ඉන්නව....(ස)
පින්වත් දරුවන්ගේ වියදමි ඉදිකරන ලද ඩී ඒ රාජපක්ෂ ස්මාරක කල ගුණ දැක්වීම සංකේතවත් කරයි. (ස)
ඩ්.ඒ .රටට කරපු වැ ඩක් පෙන්නන්න. (ස)
මාරු කට්ටිය නේද? (ස)
සේන, දන්නේ නැතිනම්, දන්නා කෙනෙක්ගෙන් අහලා දැනගන්න,මහින්ද මහත්තයාගේ තාත්ත, ප්‍රාදේශීය නායකයෙක් විතරයි, හරියට ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක් වගේ.ඔහු මේ රටේ ජාතික නායකයෙක් නෙවෙයි . (ස)
මිනිස්සු රවටමින් ජීවන මාර්ගය හදාගන්නවා.(අ)
බන්දුල, රාජපක්ෂ පරපුර ඉදිරියට ගෙනයන්න පුළුවන් ශක්තිමත් පුතුන්ගේ පියකු වීම රටට කරපු ලොකුම සේවයක්. මේ පරපුර යුද්ධයට නියම නායකත්වය දුන්නේ නැත්නම් අපි කොටි බෝම්බයකට අසුවෙලා ඉවරයි. (ර)
කුමාර ඩී. ඒ. යනු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් එසේම ශ්‍රීලංකා නිදහස් පක්ෂය ආරම්බ කිරීමට බණ්ඩාරනායක මහතාට ලොකු ශක්තියක් උනේ ඩී. ඒ. මහත්තයා. (ර)
පිටිගල මිලානෝ, ඔබත් හරි කතා තමයි කියන්නේ. (අ)
ඔබ දන්නවද එතුමා තමයි ජාතියේ පියා. එතුමා නැත්නම් බණ්ඩාරනායක මහතාට ආණ්ඩුවක් පිහිටුවන්න ලැබෙන්නේ නෑ. අද අපේ ගරු විමල් ඇමතිතුමා කරන සේවය හා සමාන සේවයක් එදා රාජපක්ෂ මහතා කළා. (ස)
පිටිගල මිලානෝ ගේ අදහස නම් නියමයි.හොරු 40 ම නැහැ තුන් හතර දෙනෙක් පැරදිලත් ආපහු ඇතුලට ඇවිත් ඇමති කම් එහෙමත් කරනවා නේ. (අ)
සියොළඟ දුලි ගාගෙන කෙළියෙහි යෙදෙන "කුමාර" ටිකිරි පැටියෝ, යුග පුරුෂයා යන්නෙහි සැබෑ අර්ථ නිරූපණය අවබෝධ කරගන්න (අ)
මොනවා වුණත් "සුපිරිම පුත්තු" ටිකක් රටට දායාද කරලා තියෙනවා.අපේ අනාගත දරු පරම්පරා 100 ක්ම විඳවනවා.(අ)
දිනේෂ්.බයිලා කියවන්න එපා.රටේ මිනිස්සු සත්‍ය දන්නවා. (අ)
ඔය ප්‍රතිමාවට ඉහලින් විදුලි සන්හායකයක් සවි කරලා නැද්ද? (අ)
මහින්ද ගෝඨා වගේ අය බිහි කර නැත්නම් අද අපි ඔක්කොම කොටි වලේ. (ස)
රට දිනවපු අප කාල නායකයා බිහිකළ පියනනන්ට නිවන් සුව.අපි හිනකින්වත් හිතුව නැ යුද්දය දිනවී කියල .ඔබලාට සදා ජය.(ම)
ප්‍රභාකරන් කියපු කතාවක් තමඊ සිංහල මිනිස්සුන්ට ඕනි දෙයක් මතක තියෙන්නේ සති 2 ඉ කියන එක.එකනම් සහතික ඇත්ත .අද ලංකාවේ බහුතරයකට මීට අවරුදු ගානකට කලින් වෙචි දේවල් මතක නැ.(ම)
කවුරු මොනවා කිවුවත් මම නම් මේ කාර්යය ඉහළින්ම අගය කරනවා (නි)
ඩී.ඒ. රාජපක්ෂ මහතාණෙනි, ඔබට නිවන් සුව! (නි)