IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රෙජිනොල්ඩ්ගේ පත්වීමට උතුරේ සහාය

තමා බස්නාහිර මහ ඇමැති ලෙස කටයුතු කරමින් ලත් ඇත්දැකීමෙන් උතුරු සංවර්ධනය කිරීමට මහ ඇමැති විග්නේෂ්වරන්ට සහාය දෙන බව උතුරේ නව ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා කියයි.

ඔහු මේ බව කියනුයේ දෙමල වෙබ් අඩවියකට ප්‍රකාශයක් ලබා දෙමිනි.

තමන් උතුරු පළාත් ආණ්ඩුකාර ධූරයට පත් කිරීම පිළිබඳ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට හදවතින්ම ස්තූතිය පුදකරන බවද හෙතෙම කීවේය.

‘මගේ මුළු ජීවිතේ පුරාවටම කරන ලද දේශපාලනය ජාතික සමගිය සංහිදියාව වෙනුවෙන්මයි. හැම විටම ජාතිවාදය කුලවාදය ආගම්වාදයට විරුද්ධව වැඩ කරපු අයෙක් විදිහට උතුරු ආණ්ඩුකාරවරයා වශයෙන් කැප වී ජාතික සංහිදියාව ජාතික සමගිය ආගමික සංහිදියාව උදෙසාම කටයුතු කරනවා.‘

මධ්‍යම ආණ්ඩුවෙන් උතුරේ සංවර්ධනයට දුන් මුදලින්  සියයට හතලිහක් පමණ විදයම් කර ඉතිරි සියයට 60ක් පමණ නැවත හරවා එවා ඇතැයි ද ඔහු කීවේය.

තමන් ජනාධිපතිවරයාගෙත්, ආණ්ඩුවේත් උතුරු පළාත සදහා වූ නියෝජිතයා බවත්, ජනාධිපතිවරයා ආගමික සංහිදියාව ජාතික සංහිදියාව උදෙසා කටයුතු කරන අයෙකු බවත් , ඔහු බලතල විමධ්‍යගත කිරීම පිළිබද සුබදායී ආකල්පයකින් පසුවන අයකු බවත්, එනිසා තම කාර්ය හරි හැටි කරගෙන යා හැකි වනු ඇති බවත් රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය.

දෙමළ භාෂාව කතා කරමින්  යාපනය දිස්ත්‍රික්කයේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට කැපවන බව ද හෙතෙම දෙමළ බසින් කීවේය.

විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතා කීවේ නව ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතාගේ පත්වීම ගැන තමා සතුට පළ කරන බවයි. ඔහු ප්‍රගති ශීලී පුද්ගලයකු බවත්, උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් මහතා ද මෙම පත්වීමට එකඟත්වය පළ කර ඇතැයි ද සම්බන්දන් මහතා පැවසීය.

 



අදහස් (0)

රෙජිනොල්ඩ්ගේ පත්වීමට උතුරේ සහාය

කමනි Monday, 15 February 2016 04:19 AM

අනේ මන්දා කවදා මේ පටු අදහස් පුළුල් වෙයිද කියලා. ඕනෑම ජන කොට්ඨාසයක් සමග ඔවුන්ගේ මවුබසින් වචන දෙකක් හෝ කතා කළවිට ඔවුන් කෙතරම් සතුටු වෙනවාද කියා මම දන්නවා. එය උපකාර වන්නේ සහජීවනය ඇති කිරීමට මිස වෙනම රාජ්‍යයක් බිහි කිරීමට නෙමෙයි. (නි)

:       0       0

විජේ Monday, 15 February 2016 04:48 AM

බමුණුආරච්චි බමුණු මත ප්‍රකාශ කරනවා. අනේ ඔහු ගැන අනුකම්පා කරත්වා! බුදු හාමුදුරුවන්ගේ කාලෙත් මේ වගේ අය හිටියනේ. (නි)

:       0       0

සරත් Monday, 15 February 2016 04:53 AM

අජිත් රණසිංහ, ඔබ හරි (නි)

:       0       0

සුසන්ත Monday, 15 February 2016 04:55 AM

ත්‍රස්තවාදය තවම තිබෙනවා කියන එක නොතේරෙන අයත් ඉන්නවා. ඒක ලංකාවේම අවාසනාව (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 15 February 2016 04:56 AM

ඔය කවුරු කොහොම කිවුවත්, තාමත් උතුරේ මිනිස්සු ප්‍රභාකරන්ට ආදරෙයි. අපේ සිංහලයා දේශපාලනය බදාගෙන නිසා ඒක පිළිගන්න කැමති නැහැ. ඉස්සහරට බලමු. (නි)

:       0       0

දුමින්ද Monday, 15 February 2016 05:02 AM

උතුරේ මතය මුළු රටේම මතයද? (නි)

:       0       0

ඉන්දික Monday, 15 February 2016 05:16 AM

මේ රටේ මොන දේ කළත් හෙමදේම ජාතිවාදයෙන් ආගම්වාදයෙන් දකින බලපෙරේත අසහනකාරීන් පිරිසක් ඉන්නේ. ඔය ජරා දේශපාලනේ නිසා කවදා රට ගොඩගන්න පුළුවන් වේවිද මන්දා. (නි)

:       0       0

රොහාන් Monday, 15 February 2016 05:47 AM

දකුණ වේවා උතුර වේවා කොහේ වැඩ කළත් කොහේ හිටියත් අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයන් බව අමතක කරන්න එපා, මේ කියන්නේ ජාතිවාදය බදාගෙන දගලන කට්ටියට (බ)

:       0       0

මංජුල Sunday, 14 February 2016 07:38 PM

දැන් හරි. එල්.ටී.ටී ඉ යට අවශ්‍යම කෙනා ආණ්ඩුකාර විදිහට පත්කරගෙන.(රේ)

:       0       0

සේනක Monday, 15 February 2016 10:01 AM

රෙජිනෝල්ඩ් කුරේ යනු දක්ෂ ඉංග්‍රීසි ටියුෂන් සර් කෙනෙක්. මා නම් දන්නේ එපමණකි. (ර)

:       0       0

අජිත් රණසිංහ Sunday, 14 February 2016 10:28 PM

එල්.ටී.ටී.ඊ. එක කොහෙද තියෙන්නේ දැන්? මෝඩ කතා කියන්න එපා මංජුල. මොළය පාවිච්චි කරලා වැඩ කරන්න ඉගෙනගන්න (නි)

:       0       0

රාධා Monday, 15 February 2016 12:17 AM

මංජුල ,භාෂාවක් කතාකළ පමණින් එල්.ටි.ටී.ඊ කියලා කියන එක වැරදියි (නි)

:       0       0

මනෝජ් Monday, 15 February 2016 12:41 AM

ඔබ වගේ අය තව 10 ක් හිටියා නම් දේශපාලනේ මේ ප්‍රශ්න අවසානයි. ඔබ ධනාත්මකව සිතන මහත්මයෙක්. ඔබ පාවිච්චි කරන වචන පවා වැදගත්. සුබ පතමි! (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 15 February 2016 12:36 AM

අජිත් රණසිංහ, මෝඩ කතා කියන්නේ ඔබ. එල්.ටී.ටී.ඊ. එක දැන් තියෙන්නේ ඒ මිනිසුන්ගේ හිත්වල. පත්තර සිහිබුද්ධියෙන් කියවනවා නම් ඕක තේරුම් ගන්න බැරිදෙයක් නොවෙයි. (නි)

:       0       0

ලංකා Monday, 15 February 2016 12:36 AM

මංජුලගේ මොළය කොහෙද දන්නෙ නැහැ තියෙන්නේ? (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 15 February 2016 12:49 AM

ඔබ වගේ අය තමයි ඒගොල්ලන්ට ඕනෑ. අනේ සිංහලයාට ගිය කල! උතුරේ අය දකුණට ආවහම කතාකරන්නේ ඉංග්‍රීසියෙන්. (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 15 February 2016 12:53 AM

ඇත්ත තේරුම් ගන්න තරම් බුද්ධියක් සිංහලයනට නැත්නම් අපට කාගේ සරණක්ද? (නි)

:       0       0

යොහාන් Monday, 15 February 2016 12:53 AM

හැමදෙනාම සමගියෙන් සිටීම තමයි වැදගත් වෙන්නේ (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 15 February 2016 01:01 AM

මංජුල, ඔබ හරියට හරි. ඕක තේරුම් ගන්න බැරි සිංහලයෝ බොහොමයක් මෙරටේ ඉන්නවා. (නි)

:       0       0

දිනේෂ් Monday, 15 February 2016 01:27 AM

කළුතර පළාතෙන් එන කෙනෙක් හැටියට මම මෙතුමා ගැන සෑහෙන දන්නවා. ගොඩක් වෙලාවට ටීවී එකේ එහෙම තමන් ගැන කියන්නේ අමුතුම දේවල්. (නි)

:       0       0

සත්‍යපාල Monday, 15 February 2016 01:52 AM

බමුණුආරච්චි, ඔබ තවමත් ඉන්නේ බමුණු මත වල. දකුණ වගේම උතුරත් සංවර්ධනය කරන්න ඕනෑ. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය සාමය හා සන්හිඳියාවද උතුරටත් අවශ්‍යයි. මේවා දකුණේ ඉන්න සිංහලයන්ට පමණක් අයිති වරප්‍රසාද නොවෙයි. (නි)

:       0       0

මහරුෆ් Monday, 15 February 2016 08:02 AM

ඉන්දික සහ රොහාන් කියපු දෙය සහතික ඇත්ත (ම)

:       0       0

යසපාල Monday, 15 February 2016 02:45 AM

සමහරු හිතා ඉන්නේ එල්.ටි.ටි.ඊ. ය ඉවරයි කියලා. ළඟදි උතුරේ මන්ත්‍රී කෙනෙක් යොජනාවකුත් කළා නේද උතුර වෙන්කරලා දෙමළ ඊළම කියලා දාන්න. එතකොට අර තව මන්ත්‍රිනියක් එයාට ජාතික කොඩිය ඔසවන්නත් බැහැ කිවුවා. (නි)

:       0       0

උපුල් Monday, 15 February 2016 03:20 AM

බොහොම හොඳයි (නි)

:       0       0

තිස්ස Monday, 15 February 2016 03:56 AM

හොඳයි. ඔහොම යමුකෝ... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 609 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site