තමා බස්නාහිර මහ ඇමැති ලෙස කටයුතු කරමින් ලත් ඇත්දැකීමෙන් උතුරු සංවර්ධනය කිරීමට මහ ඇමැති විග්නේෂ්වරන්ට සහාය දෙන බව උතුරේ නව ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා කියයි.
ඔහු මේ බව කියනුයේ දෙමල වෙබ් අඩවියකට ප්‍රකාශයක් ලබා දෙමිනි.
තමන් උතුරු පළාත් ආණ්ඩුකාර ධූරයට පත් කිරීම පිළිබඳ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට හදවතින්ම ස්තූතිය පුදකරන බවද හෙතෙම කීවේය.
‘මගේ මුළු ජීවිතේ පුරාවටම කරන ලද දේශපාලනය ජාතික සමගිය සංහිදියාව වෙනුවෙන්මයි. හැම විටම ජාතිවාදය කුලවාදය ආගම්වාදයට විරුද්ධව වැඩ කරපු අයෙක් විදිහට උතුරු ආණ්ඩුකාරවරයා වශයෙන් කැප වී ජාතික සංහිදියාව ජාතික සමගිය ආගමික සංහිදියාව උදෙසාම කටයුතු කරනවා.‘
මධ්‍යම ආණ්ඩුවෙන් උතුරේ සංවර්ධනයට දුන් මුදලින් සියයට හතලිහක් පමණ විදයම් කර ඉතිරි සියයට 60ක් පමණ නැවත හරවා එවා ඇතැයි ද ඔහු කීවේය.
තමන් ජනාධිපතිවරයාගෙත්, ආණ්ඩුවේත් උතුරු පළාත සදහා වූ නියෝජිතයා බවත්, ජනාධිපතිවරයා ආගමික සංහිදියාව ජාතික සංහිදියාව උදෙසා කටයුතු කරන අයෙකු බවත් , ඔහු බලතල විමධ්‍යගත කිරීම පිළිබද සුබදායී ආකල්පයකින් පසුවන අයකු බවත්, එනිසා තම කාර්ය හරි හැටි කරගෙන යා හැකි වනු ඇති බවත් රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය.
දෙමළ භාෂාව කතා කරමින් යාපනය දිස්ත්‍රික්කයේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට කැපවන බව ද හෙතෙම දෙමළ බසින් කීවේය.
විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතා කීවේ නව ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතාගේ පත්වීම ගැන තමා සතුට පළ කරන බවයි. ඔහු ප්‍රගති ශීලී පුද්ගලයකු බවත්, උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් මහතා ද මෙම පත්වීමට එකඟත්වය පළ කර ඇතැයි ද සම්බන්දන් මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා කවදා මේ පටු අදහස් පුළුල් වෙයිද කියලා. ඕනෑම ජන කොට්ඨාසයක් සමග ඔවුන්ගේ මවුබසින් වචන දෙකක් හෝ කතා කළවිට ඔවුන් කෙතරම් සතුටු වෙනවාද කියා මම දන්නවා. එය උපකාර වන්නේ සහජීවනය ඇති කිරීමට මිස වෙනම රාජ්‍යයක් බිහි කිරීමට නෙමෙයි. (නි)
බමුණුආරච්චි බමුණු මත ප්‍රකාශ කරනවා. අනේ ඔහු ගැන අනුකම්පා කරත්වා! බුදු හාමුදුරුවන්ගේ කාලෙත් මේ වගේ අය හිටියනේ. (නි)
අජිත් රණසිංහ, ඔබ හරි (නි)
ත්‍රස්තවාදය තවම තිබෙනවා කියන එක නොතේරෙන අයත් ඉන්නවා. ඒක ලංකාවේම අවාසනාව (නි)
ඔය කවුරු කොහොම කිවුවත්, තාමත් උතුරේ මිනිස්සු ප්‍රභාකරන්ට ආදරෙයි. අපේ සිංහලයා දේශපාලනය බදාගෙන නිසා ඒක පිළිගන්න කැමති නැහැ. ඉස්සහරට බලමු. (නි)
උතුරේ මතය මුළු රටේම මතයද? (නි)
මේ රටේ මොන දේ කළත් හෙමදේම ජාතිවාදයෙන් ආගම්වාදයෙන් දකින බලපෙරේත අසහනකාරීන් පිරිසක් ඉන්නේ. ඔය ජරා දේශපාලනේ නිසා කවදා රට ගොඩගන්න පුළුවන් වේවිද මන්දා. (නි)
දකුණ වේවා උතුර වේවා කොහේ වැඩ කළත් කොහේ හිටියත් අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයන් බව අමතක කරන්න එපා, මේ කියන්නේ ජාතිවාදය බදාගෙන දගලන කට්ටියට (බ)
දැන් හරි. එල්.ටී.ටී ඉ යට අවශ්‍යම කෙනා ආණ්ඩුකාර විදිහට පත්කරගෙන.(රේ)
රෙජිනෝල්ඩ් කුරේ යනු දක්ෂ ඉංග්‍රීසි ටියුෂන් සර් කෙනෙක්. මා නම් දන්නේ එපමණකි. (ර)
එල්.ටී.ටී.ඊ. එක කොහෙද තියෙන්නේ දැන්? මෝඩ කතා කියන්න එපා මංජුල. මොළය පාවිච්චි කරලා වැඩ කරන්න ඉගෙනගන්න (නි)
මංජුල ,භාෂාවක් කතාකළ පමණින් එල්.ටි.ටී.ඊ කියලා කියන එක වැරදියි (නි)
ඔබ වගේ අය තව 10 ක් හිටියා නම් දේශපාලනේ මේ ප්‍රශ්න අවසානයි. ඔබ ධනාත්මකව සිතන මහත්මයෙක්. ඔබ පාවිච්චි කරන වචන පවා වැදගත්. සුබ පතමි! (නි)
අජිත් රණසිංහ, මෝඩ කතා කියන්නේ ඔබ. එල්.ටී.ටී.ඊ. එක දැන් තියෙන්නේ ඒ මිනිසුන්ගේ හිත්වල. පත්තර සිහිබුද්ධියෙන් කියවනවා නම් ඕක තේරුම් ගන්න බැරිදෙයක් නොවෙයි. (නි)
මංජුලගේ මොළය කොහෙද දන්නෙ නැහැ තියෙන්නේ? (නි)
ඔබ වගේ අය තමයි ඒගොල්ලන්ට ඕනෑ. අනේ සිංහලයාට ගිය කල! උතුරේ අය දකුණට ආවහම කතාකරන්නේ ඉංග්‍රීසියෙන්. (නි)
ඇත්ත තේරුම් ගන්න තරම් බුද්ධියක් සිංහලයනට නැත්නම් අපට කාගේ සරණක්ද? (නි)
හැමදෙනාම සමගියෙන් සිටීම තමයි වැදගත් වෙන්නේ (නි)
මංජුල, ඔබ හරියට හරි. ඕක තේරුම් ගන්න බැරි සිංහලයෝ බොහොමයක් මෙරටේ ඉන්නවා. (නි)
කළුතර පළාතෙන් එන කෙනෙක් හැටියට මම මෙතුමා ගැන සෑහෙන දන්නවා. ගොඩක් වෙලාවට ටීවී එකේ එහෙම තමන් ගැන කියන්නේ අමුතුම දේවල්. (නි)
බමුණුආරච්චි, ඔබ තවමත් ඉන්නේ බමුණු මත වල. දකුණ වගේම උතුරත් සංවර්ධනය කරන්න ඕනෑ. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය සාමය හා සන්හිඳියාවද උතුරටත් අවශ්‍යයි. මේවා දකුණේ ඉන්න සිංහලයන්ට පමණක් අයිති වරප්‍රසාද නොවෙයි. (නි)
ඉන්දික සහ රොහාන් කියපු දෙය සහතික ඇත්ත (ම)
සමහරු හිතා ඉන්නේ එල්.ටි.ටි.ඊ. ය ඉවරයි කියලා. ළඟදි උතුරේ මන්ත්‍රී කෙනෙක් යොජනාවකුත් කළා නේද උතුර වෙන්කරලා දෙමළ ඊළම කියලා දාන්න. එතකොට අර තව මන්ත්‍රිනියක් එයාට ජාතික කොඩිය ඔසවන්නත් බැහැ කිවුවා. (නි)
බොහොම හොඳයි (නි)
හොඳයි. ඔහොම යමුකෝ... (නි)