පසුගිය ආණ්ඩුව ශ්‍රී ලංකා යු.ඇන්.පී බවත් දැන් ආණ්ඩුව යු.ඇන්.පී ශ්‍රි ලංකා බවත් ඇතැම් පිරිස් මෙය විවේචනය කළත් අමුතු දෙයක් නොවන බවත් ජාතික සමගිය හා සංහිදියාව ගොඩනැංවීමට ජාති හෝ ආගම් වාදී නොවි සියලු ජාතීන්ගේ විශ්වාසය දිනු රෙජිනෝල්ඩ් කුරේ මහතා උතුරේ ආණ්ඩුකාර ධුරයට පත් කිරිම ගැන අගයන බව මල්වතු පාර්ශවයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පැවැසුහ.
උතුරේ ආණ්ඩුකාර ධුරයට පත් රෙජිනෝල්ඩ් කුරේ මහතා අද (16) පෙරවරුවේ මල්වතු මහනාහිමියන් බැහැ දුටු අවස්ථාවේ උන්වහන්සේ මේ බව පැවැසුහ.
ජනපති හා අගමැති රටේ සියලු ජාතින් සමග සුහදව සියලු ජාතින්ගේ අයිතිවාසිකම් සුරකිමින් ජාත්‍යන්තරයද දිනාගනිමින් පැහැදිලි ගමනක් යන බවද උතුරේ දෙමළ ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් ජනපති හා අගමැති ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කිරිමට රෙජිනෝල්ඩ් කුරේ මහතාට හැකිවන බවත් මල්වතු මහ නාහාමියෝ ප්‍රකාශ කළහ.
මෙහිදි අදහස් දැක්වු ආන්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා නව දේශපාලන පක්ෂ පිහිටුවිමේ රැල්ලට හසුවන්නේ පොල් කෝම්බ බවත් පිහිනිමට දක්ෂ අය හොඳින් මුහුදේ පිහිනමින් සිටින බවත් පක්ෂයේ සභාපතිත්වය මෛත්‍රිපාල ජනපති උදුරා ගත් බව මහින්ද රාඡජපක්ෂ මහතා කීවත් එයින් පැහැදිලි වන්නේ එය මහින්ද රාජපක්ෂ මහතාට ආරක්ෂා කර ගැනිමට නොහැකිවීම එය දුර්වල කමක් බවත් කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුවෝ කියන්නේ ඇත්ත (නි)
මිට වඩා හොදයි ගිහිල්ලා සාජන් නල්ල තම්බි නාට්‍යයේ සාජන්ගේ කැල්ල ඉල්ලගෙන රගපෑවනම්.අඩුම ගානේ මිනිස්සු බලලා හිනාවත් වෙයි.දැන්නම් දැක්කම ඇගේ ලේ පිච්චෙනවා. (බ)
ජනතාවගේ ඡන්දෙන් පත්වෙන අයට හෝ ජනතාව පිළිගන්න රාජ්‍ය සේවයට සුදුසු අයට තනතුරු දුන්නනම් නේද හොඳ ? (බ)
රටට හොඳක් වෙනවා නම් අපිත් කැමතියි (නි)
නාකපන වැස්සකට පන්සලකට ගොඩ වෙන්න බෞද්ධයෝ වෙන්න එපා. තමුන්ව බෞද්ධයන් හැටියට නම් කරගන්න දේශපාලකයෝ ගොඩක් අද රජකම් කරනවා, (ර)
බොහොම හොඳයි (නි)
නාකපන වැස්සකටවත් පන්සලකට ගොඩවෙලා නැති සමහර දේශපාලකයෝ බලන්න එපායැ තනතුරු නම්බුනාම ලැබුනු ගමන් ධවල සළු පිළියෙන් සුසැදී මාහිමි නායක කාරකාදීන් බැහැ දැකීමට යන උජාරුව... (නි)