උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා අද උදෑසන උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයයේ දී වැඩ බාර ගත්තේය.
ආගමික නායකයෝ ද, උතුරු මහ ඇමති සී වී විග්නේෂ්වරන්, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් ඇතුළු පිරිසක් ද, රාජ්‍ය නිලධාරීහු ද එම අවස්ථාවට එක්වූහ.
උතුරු පලාත් හිටපු ආණ්ඩුකාර චන්ද්‍රසිරි පලිහක්කාර මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු ජනපති විසින් කුරේ මහතා පත් කරනු ලැබීය. ඔහු බස්නාහිර පළාතේ හිටපු මහ ඇමැතිවරයෙකි. කැබිනට් ඇමැතිවරයකු ලෙස ද ඔහු කටයුතු කළේය.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුර පාවා දුන්නොත් පානදුරේ නම් එන්න බැරිවෙයි.(හේ)
ප්‍රශ්නේ තියන්නේ විග්නේෂ්වරන් කාරය ගෙන්. මිනිහ කාටවත් වැඩක් කරන්ඩ දෙන්නේ නැහැ. වාසුව වගේම වටක්කයෙක්. බොරුවට බුරනවා. (බ)
මම මේ ගෙන මුකුත් කියන්නේ නැහැ නිහඩතාව ගොඩක් දේවල් කියනවා (ම)