රේඛා තරංගනී ෆොන්සේකා
නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කළැයි නඩු පැවරීමට නීතිඥ සංගමය විසින් ගනු ලැබූ තීරණය මාසික සභා වාරයේදී ඒකමතිකව සම්මත වූ බව ශ්‍රි ලංකා නීතිඥ සංගමය පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නිතිඥ යු ආර් ද සිල්වා මහතා පැවසුවේ ඕනෑම ආයතනයක දුශිතයන් සිටිය හැකී නමුත් රාමනායක මහතාගේ ප්‍රකාශයේ බහුතරය ගැන සඳහන් වූ බවයි.
‘නියෝජ්‍ය අමාත්‍යවරයා කළ ප්‍රකාශයෙන් නිතීඥයන්ට, විනිසුරුවරුන්ට සහ අධිකරණයට අපහාසයක් සිදුව ඇති බව මාසික සභාවාරයට එක් වු ශ්‍රී ලංකා නිතිඥ සංගමයේ සාමාජිකයන් ඒකමතිකව පිළිගත්තා. ඒ අනුව අප සංගමයේ ලේකම් අමල් රන්දෙනිය මහතා නඩු පැවරිමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටිනවායයි‘ යැයි ද යූ ආර් ද සිල්වා මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර ඔයිට වඩා දේවල් වුණත් ගරු ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිහඬව සිටියා නේද කියලයි මම කල්පනා කලේ. කාලෙක වෙනස...
නඩු දමලා රන්ජන් හිරේ දැම්මොත්, හිරගෙය තුළදී ඔහු වීරයෙකු වී ඔහුගේ ජනප්‍රියතාවය ඉහළ ගොස් කෙටි කාලයක් තුළදී ඔහුට රටේ අගමැති හෝ ජනාධිපතිකම වැනි තනතුරක් ලැබීමට මාර්ගය සැලසේ... එහෙම වුණොත් පෙරකදෝරු සංගමයට වෙන්නේ කෙසෙල් ගසට කොටපු කොට්ටෝරුවට වුණදේ තමයි. උදේ ඉඳන් සවස් වෙනකන් අධිකරණ වල රස්තියාදු වෙන ජනතාව අතර පෙරකදෝරුවා යනු අනවශ්‍ය ලෙස නඩු කල්දමමින් ජනතාවගේ මුදල් සූරාකන කොට්ටශයකි.. යන්න පැල පදියම් වී ඇත. සාමාන්‍යයෙන් ලංකාවේ නඩුවක් ඉවරවෙන්න අවරුදු 8 ක් ගතවෙන බවට රජය කල සමීක්ෂණයකින් හෙළි වී ඇති බව පසුගිය සතියේ පුවත්පතක පලවී තිබුණා... වරද කාගේද?
එතකොට අර යෝෂිත කකුලේ අමාරුවක් කියලා අධිකරණයට දන්වල මැරතන් තරඟයකට ගියේ. ඒවා අධිකරණයට අපහාස නෙවේද? මෙතන තියෙන්නේ වෙන දෙයක්.
වන් ෂොට්, දැන්තමයි ඇඟපුම්බලා වැඩ පෙන්වන්න තියෙන්නේ..
මේක නම් හොඳ වැඩක් නෙමෙයි වගේ..
ඇත්ත කතා කළාම හිරේට දාලා සත්‍යවාදී මනුෂ්‍යයෙකුව හිරකාරයෙක් කරන්න. නිවටයෝ හීන දකින එක අපට නම් විහිළුවක්.... දේශපාලන වෛරය සංසිඳවා ගන්න දේශපාලන උන්මන්තකයින්ට නිවැරදි මිනිස්සුන්ව නඩු වලට පටලවලා හිරේ දමන්න හිතුවට, ඒ අයව නිරයට වැටෙන දවස වැඩි ඈතක නැහැ.
ද සිල්වා මාර හීනයක් දැකලා....
හොරු, කුඩු කාරයෝ, මිනී මරුවෝ වෙනුවෙන් පෙනීසිටින නීතීඥයින් නම් සල්ලි වලට නිවැරදි කරුවන් යැයි කියයි. රන්ජන් අපි ඔබ සමග ජීවිතය දෙන්න සූදානම්....
එහෙම කළාම සියයට 90ක් හොර හැතිකරේ සුදනන් වෙනවද? සල්ලි තියෙන අයගේ නඩුවල කොතනක හරි කාර්මික දෝෂ තියෙනවා. ඒ අය නිදහස් වෙනවා. රටේ ඉන්නේ ලොකුම හොරු...
සිර ගෙට ගිහින් යන්න කලින් ප්‍රවේසම් වන්න. මතකනේ ඔබතුමාගේ මාමණ්ඩිට වුණදේ? අමතක කරන්න එපා එවන් මිනීමරුවන් තවමත් නිදැල්ලේ බව...
රන්ජන් කරන සමහර වැඩවලට මම කැමති නැහැ. හැබැයි, අපිව ගසාකන හොර පෙරකදෝරුවන්ටයි, උසාවිය නිහඬ කරවන අයටයි එරෙහිව රන්ජන් කිව්වේ සම්පුර්ණ ඇත්ත. රන්ජන්ට හොඳ අවස්ථාවක්... සංගමෙන් හදලා දෙන්නේ ඔවුන්ගේම වැඩ රටට එළි කරන්න. හැබැයි ඉතින් නඩුව අහන්නෙත්, නඩුවට කතා කරන්නෙත් රන්ජන්ගේ චෝදනාවට ලක් වූ අය නිසා යුක්තිය ඉටුවීම කොහොම වෙයිද දන්නේ නැහැ.
මේ අය දැන් රටේ පිළිලයක් වෙලා ඉවරයි..
නීතීඥ සංගමයට දැන් මොනවද වෙලා තියෙන්නේ? කාගේ වුවමනාවද ඉටුකරගන්න උත්සාහ ගන්නේ? එහෙමනම් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාගේ නඩු තීන්දු ගැන ඔහුම කළ ප්‍රකාශයට නිහඬව සිටි මෙම සංගමය , දැන් හරියට වෛද්‍ය සංගමය වගේ අනුන්ගේ වුවමනාව ඉටුකරන්න දඟලනවා.
රන්ජන් වැනි කෙනෙක් අධිකරණ ඇමති ධුරයට පත් කළානම්, අද උසාවි ගානේ අවුරුදු ගණන් රස්තියාදු වෙන මහජනයාට සාධාරණයක් සිදුවෙයි. දොස්තර කල්ලියට පස්සේ රටට තිබෙන්නේ ලොකුම මාෆියාව තමා ඔය පෙරකදෝරු කල්ලිය.
පළමුව මගේ මෙම අදහස් ගරු අධිකරණයට හෝ කිසිඳු විනිසුරුවරයකුට, විනිසුරුවරියකුට හෝ කිසිඳු නීතිඥවරයකුට, නීතිඥවරියකුට අපහාස කිරීමක් නොවේ. මගේ නීතිය පිළිබඳව දැනුම ඉතාම අල්පය. (කිසිදු දැනුමක් නොමැත යන්න ඉතා සාධාරණය). රටක පුරවැසියකුට එම රටේ නීතියෙන් යම් අසාධාරණයක් හෝ අසාධාරණ තීන්දුවක් ලැබුනොත් හෝ එම තීන්දුවට පක්ෂග්‍රාහීව අදාල නීති නිලධාරීන් කටයුතු කර තිබේ නම් එම පුරවැසියාට කිසිදු ආයතනයක් හෝ එවැනි ස්ථානයක් නොමැතිද? එම අදාල නීති කටයුතුවලට සම්බන්ද නිලධාරීන්ට විරුද්ධව පැමිණිලි කිරීමට... නොහැකිද? කරුණාකර මේ පිළිබඳව දන්නා මහත්මයෙක් හෝ මහත්මියක් සිටිනම් විස්තර කරදෙන මෙන් ඉල්ලා සිටිමි.
ලංකාවේ වැරදිකරපු අය එළියේ... වැරදි නොකරපු අය ඇතුලේ. රන්ජන් කතාකලේ ඇත්ත. ඔහු සිරගත කිරීම හරි නැත. කරන්න තියෙන්නේ වැරදි හදාගන්න එකයි.
රටේ ජනතාව දුක් විඳින්නේ, දොස්තර මාෆියාව, පෙරකදෝරු මාෆියාව වැනි උගත් මාෆියාවන් සහ දේශපාලන මාෆියාවන් ඔවුන්ගේ මල්ල පුරවාගැනීමට ජනතාව ප්‍රාණ ඇපයට ගැනීම නිසාය.
කොට්ටෝරුවා හැම ගහටම කොට කොට යනවා. කෙහෙල් ගහට ඇන්නදාට හොට පැටලෙනවා....
රන්ජන්ට පෙනී ඉන්නෙත් ඔය සංගමයේම සාමාජිකයෝ වෙන නීතිඥවරුන්ම නේද? ..... එතකොට නඩුව කොහොම වේවිද.....?
පෙරකදෝරු මහත්තුරු අතාරින්න එපා ලේසියෙන්. රන්ජන් ඔයත් අතාරින්න එපා ලේසියෙන්.
රන්ජන් හරියටම කිව්වේ මේකයි. එහි කිසිම වරදක් නැත. "මම කියන්නේ නීතිඥයෝ බහුතරයක් තමයි ලංකාව විනාශ කළේ. ඒක තමයි තිත්ත ඇත්ත. මේ කලු කෝට් කාරයෝ බහුතරයක්, හැමෝම නොවෙයි. මම ගරු කරනවා බැරිස්ටර් කෙනෙක් වෙච්චි මහත්මා ගාන්ධිත් නීතිඥයෙක්. නමුත් එතුමා ජනතාවාදී නීතිඥයෙක්. ලංකාවේ බහුතරයක් ඉන්නේ කරප්ටඩ් විනිසුරුවරු, කරප්ටඩ් ලෝයර්ස්ලා. සියයට අනූ පහක් විතර වගේ. ඔවුන් සල්ලිවලට වැඩ කරන්නේ. ඔවුන් හැමදාම මිනීමරුවන්ව, දූෂිතයන්ව, කුඩු කාරයන්ව ආරක්ෂා කළා සල්ලි වලට. ඒ ඔවුන්ගේ සේවාදායකයොනේ. ඒ නිසා මං හිතන්නේ අධිකරණ ඇමැති හැටියට එන පුද්ගලයා නීතිඥයෙක් වුණාට කමක් නෑ. ඔහු ජනතාවාදී නීතිඥයෙක් වෙන්න ඕනේ. ජනතාවට කඩේ යන අයෙක් වෙන්න ඕනේ. සේවාදායකයන්ට කඩේ යන කෙනෙක් වෙන්න හොඳ නෑ කියන එකයි මගේ මතය." ...
මහජන මුදලින් ඉගෙනගත්ත මොවුන්.., අසහනයට හෝ අසාධාරණයට හෝ ලක්වන දුප්පත් මහජනතාවට සහනයක් පතා අධිකරණය ඉදිරියට ගියවිට ඔවුන්ගේ ලේ උරාබොන තවත් ලේ මාපිල්ලු ටිකක් තමයි.
රන්ජන් කොට කොට ඉදල කෙසෙල් ගහට කොටලා වගේ.
දුප්පත් මිනිහගේ ලේ උරාබොන වංචාකාරයන්ගෙන් පිරුණු පෙරකදෝරු සංගමයට වැඩිය රන්ජන්ට ජනතාව ආදරය කරති ,
වැරදි කරන්නේ නැත්නම් පෙරකදෝරු මහත්තයෝන්ට මෙච්චර රිදෙන්න ඕන නැහැ නේද? රටට වින කරන මහජන දේපල හොරකම් කරන හොරු, කුඩු ගෙන්නන එවුන්, මිනීමරුවෝ, පාතාලේ එවුන්, ස්ත්‍රී දුෂකයෝ, ගණිකා මඩම් කරන එවුන්, කාලකන්නි දේශපාලුවෝ ඔක්කොම සල්ලි වලට බේරාගන්නේ මේ අය තමයි. මේ අය සල්ලි වෙනුවෙන් ඕනෑම දෙයක් කරවී. රන්ජන් කිව්වේ ඇත්ත.
රන්ජන් ශ්‍රීලංකා වාසී ජනතාව ඔබ සමගයි
නීතිඥ මහත්තුරු ගත්ත ක්‍රියා මාර්ගය 100% නිවැරදියි
මහා බැංකු හොරු, අවන්ගාඩ් හොරු, නීති හොරු, විගණන පනත යටගහන හොරු අල්ලන්න ජිනීවා යායුතුමද? දේශප්‍රේමියෝ කියන අය නිදිද?
පුළුවන් තරම් ටියුෂන් ගිහිල්ලා තුන්සැරයක්ම උසස් පෙළ කරලා අනාගෙන බැරිම තැන කළු ලෝගුවක් කරේ දාගත්තම ලෝ කරුවන් හිතන්නේ ඒ අය මුළු ලංකාවේම ඉහලම පුරවැසියා කියලයි. කොන්දක් නැති කී දෙනෙක් පසුගිය කාලයේ නීතිය නැවූ හැටි රටම දැනගෙන හමාරයි. රන්ජන් අලුතින් මේ අය ගැන කිවයුතු නැත. ලංකාවම ඔබ සමගයි.