රේඛා තරංගනී ෆොන්සේකා

නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කළැයි  නඩු පැවරීමට නීතිඥ සංගමය විසින් ගනු ලැබූ තීරණය මාසික සභා වාරයේදී ඒකමතිකව සම්මත වූ බව ශ්‍රි ලංකා නීතිඥ සංගමය පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නිතිඥ යු ආර් ද සිල්වා මහතා  පැවසුවේ ඕනෑම ආයතනයක දුශිතයන් සිටිය හැකී නමුත් රාමනායක මහතාගේ ප්‍රකාශයේ බහුතරය ගැන සඳහන් වූ බවයි.

‘නියෝජ්‍ය අමාත්‍යවරයා කළ  ප්‍රකාශයෙන් නිතීඥයන්ට, විනිසුරුවරුන්ට සහ අධිකරණයට  අපහාසයක් සිදුව ඇති බව මාසික සභාවාරයට එක් වු ශ්‍රී ලංකා නිතිඥ සංගමයේ  සාමාජිකයන් ඒකමතිකව පිළිගත්තා. ඒ අනුව අප සංගමයේ ලේකම් අමල් රන්දෙනිය මහතා නඩු පැවරිමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින්  සිටිනවායයි‘ යැයි ද  යූ ආර් ද සිල්වා මහතා පැවසීය.