දෙරණ රූපවාහිණී නාලිකාවේ වාද පිටියේදී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අපහාස කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගෙන් ප්‍රශ්න කිරීමේදී තමන් එම සිද්ධියට සම්බන්ධ නැතැයි මිරිහාන පොලිසියේ විශේෂ විමර්ශණ ඒකකයට දෙපැයක කට උත්තරයක් දී ඇතැයි දැනගන්නට ඇත.
එහෙත් වැඩ සටහන ආරම්භ වීමට පෙර ඔහු දෙරණ නාලිකාවට කතා කළැයි තොරතුරු පොලිසියට වාර්තා වී ඇතැයිද පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් හිතන්නේ මේක සැලසුම් කල වැඩක් (දී)
මාධ්‍ය සදාචාරයක් තිබිය යුතුයි.(දී)
මෙතන නමක් සදහන් උනේ නැහැ ඇමතිතුමා ඉල්ලගෙන කෑවේ ඒ වගේම රටේ දුෂණය හොරකම් ඉව වහ ගහිල්ල මම හිතනවා ජනතාව වෙනුවෙන් ඒ කලේ හොද විග්‍රහයක් නීතියක් නැති රටේ මොන කතාද ? (දී)
පුහුල් හොරා කරෙන් දැනේ වගේ වැඩක් එතැන වුනේ. ඇදගෙන නෑව වගේ වැඩක් එතැන වුනේ. තොප්පිය පැනල දාගත්ත වගේ වැඩක් එතැන වුනේ. ඒක දැක්කම විලි ලැජ්ජාවෙ සන්තෝසෙ ඉන්න බැරිවුනා (නදී)
කෙලින්ම මෙතුමාගේ නම කියලද අහලා තියෙන්නේ ? (ර)
ගෑණු වැඩ නොකර නියම පිරිමියෙක් විදියට කතා කලානම් හරිනේ. මොකද වයස 58 ගිහිනුත් කසාද නොබැන්ද එකට සමාන වෙනවනේ (නදී)
අනේ මන්දා මොනවද කියලා මේවා! (නි)
මේ වගේ පොඩි දෙයකට නම් පොලිසිය පැනල වැඩ. සාමාන්‍ය මිනිස්සුන්ගේ දේවල් වලදී මෙයාල නිදි. (දී)
ඕකට තමා කියන්නේ එක හංගන් දෙකෙන් වඩු වැඩ කරල නිකන් යතු ගා ගන්නවා කියාලා. (ර)
ඇසිලින් නෝනා, ඔයාගේ කටට මේවා කොහින්ද ආවේ.? (ර)
සඳුනි ,ඔයාට මොබයිල් ෆෝන් එකක් තියෙනවාද? ඒක හංගලාද තියෙන්නේ කවුරුහරි කෝල් එකක් ගන්න ඉල්ලයි කියලා (නි)
මෙම වැඩ සටහන බලපු කාටත් සිතෙන දෙයක් තමයි අසන්නා විසින් අසන්නට යෙදුනේ ප්‍රශ්නවලට මුහුණ දුන්නත් ප්‍රේක්ෂකයන්ගේ අවශ්‍යතාවයක් ඉටුකිරීම ගැන ඔහුට ස්තුති කළ යුතුව ඇත. බොහෝ ඇමතිවරුන්ගේ හැසිරීම සහ බලපුළුවන් කාර ප්‍රකාශ කාටත් ප්‍රියජනක වන්නේ නැත. (නදී)
කාටත් හොඳ පාඩම්. (නදී)
රංජන් එහෙම දෙයක් කලා නම් ඒක වැරදියි. (නදී)
නමක් ගමක් සදහන් කරේ නැහැනේ. කව්රු හරි තොප්පිය දාගත්තට කතා කරපු කෙනාගේ වරදක් නම් මම දකින්නේ නැහැ. (නදී)
එප්පාවල මාධ්‍යවේදීයාට පහර දුන්නේ දුරකථන මාර්ගයෙන් නොවෙයි නේද? මාධයවේදීන් අවබෝධයක් කර ගත යුතුයි නීතිය ක්‍රියාත්මක කරවීමට නම් විපක්ෂයෙන් ගුටි කෑ යුතු බව (නදී)
නමක් ගමක් සදහන් නොකරද්දී ඇමතිතුමා කලබල වුනේ ඇයි....? (නදී)
තමන්ගේ මොබයිල් එකෙන් වෙන කෙනෙකුට කෝල් ගන්න පුලුවන්ද? ඕක පොඩි දරුවෙකුට වුනත් තේරෙනවා. එ්ත් මෙයා බබා. මෙයාගේ බොලද වැඩ නිසා සබරගමුව පළාත්සභා ඡන්දෙකදී ගුටිත් කෑවා. (නදී)
මේ කොමන්ට් දිහා බලපුවම මට නම් තේරුනේ සමහර ජනතාව කැමතියි රජයේ ඇමතිලා මහජනතාවගේ කොමිස් මුදල් හොරකම් කරලා කෝටි ප්‍රකෝටි පතියෝ වෙනවට. ඉතින් මටනම් හිතෙන්නෙ තවමත් බත් කන හරක්ගේ අඩුවක් නැහැ වගේ (නදී)
කොහොම වුණත් රන්ජන් කියන්නේ කොන්ද කෙළින් තියෙන හොඳ මනුස්සයෙක් (බ)
කාගේවත් නමක් සඳහනක් උනේ නැහැ ඒ කතාවේදී (දී)
මෙදා පාර නම් කෙහෙල් ගහකට කොටලා වගේ. (නදී)
එහෙනම් ප්ලෑන් කරලා වැඩේ දීලා තියෙන්නේ (නදී)
කවුරු හෝ ඒ කතා කළ මහත්මයා දක්ෂයෙක්. ඔහුගේ වචන කීපයකින් ඇමතිතුමාට තමාම ඇද ඇද මඩ නාන්න සැලැස්සුවා.(බ)
ඇත්තටම රජය කරන මේ වැඩ ගැන හරිම ලජ්ජැයි . තමන් ගේ කුණු තමන්ම අවුස්සාගෙන.. !!! (දී)
දීපිකාගේ කතාවට මම 100% එකඟයි (නදී)
දුෂණය නමැති චණ්ඩ මාරුතය හමා යනකොට මහා ගස් ඇසුරින් ජීවත් වෙන වෙනත් ගසුත් ඇද වැටෙනවා. මුළු රාජ්‍යය තන්ත්‍රයම වෙලා ගත් පිළිකාව පොලිසියද වෙලා ගෙන තියෙනවා. එසේ වී ඇත්තේ පොලිසිය එය වැළඳ ගන්න උත්සහ කළ නිසා නොව පොලිසිය ඒ දුෂිත පාලනය යටතේ එන ආයතනයක් වීම නිසයි. අද අප ජීවත් වන්නේ හොරුන් සුදනන් කරන, සුදනන් හොරුන් කරන "චින්තන සමාජයකයි" (බ)
රංජන් මහත්තය හැමදාම විපක්ෂයේ හින්ද ඉතින් කවදාවත් හොරා කියල අහන්න වෙන්නේ නැහැ. ඒ හින්ද හැමදාම අනුන්ට හොරා කිය කිය ඉන්න පුළුවන්. (නදී)
ඇත්ත කියනවාට කියන්නේ අපහාස කිරීම කියා නම්, අපහාස කිරීමට කිව යුත්තේ ඇත්ත කියනවා කියයි. හොරකම් කරන්නත් ගෞරව ලබන්නත් පින් කර ඇත්තේ ආණ්ඩුවේ ලොකු ඇත්තන් පමණි කියල හිතා ගන්න හොඳ උදාහරණයක්. (බ)
කව්රු කෝල් කරත් ඇත්තනේ කියල තියෙන්නේ, ඕකට ඉතින් ප්‍රශ්න කරන්ට දෙයක් තියෙනවද. (බ)
පෞද්ගලික ප්‍රශ්න මෙවැනි වැඩසටහන්වල කතා කිරීම සදාචාර සම්පන්න නොවන බවයි මගේ නම් අදහස. (බ)
පුද්ගලිග ප්‍රශ්න වෙන්නේ කොහොමද, (දී)
මොකද රන්ජන් අය්යා මේ පාර අනාගත්ත නේද? ඔයාට නං ගානක් නැතුව ඇති මොකද අවුරුදු ගානක් රඟපාපු එකනේ කරේ. මෝඩ වැඩ කරන්නේ නැතුව බොරුවට මිනිස්සුන්ට දැනෙන දෙයක් කරන්න. (අ)
කෝල් කරලා අසුබ වචන පාවිච්චි කරන්න හොදයි අහන්න බැහැ. එඩිතර කමක් තියෙනවනම් කියන්න බැරිය ඔව් මම කිව්වා කියල රන්ජන් මහත්තය හිතන්න අැති ෆිල්ම් එකක් රගපානව කියල අනේ අම්මප (බ)
මෙහි පසුබිම හොඳින් තේරුම් ගන්න පුළුවන් මේ වැකියෙන්...''වැඩ සටහන ආරම්භ වීමට පෙර ඔහු දෙරණ නාලිකාවට කතා කළැයි තොරතුරු පොලිසියට වාර්තා වී ඇතැයිද පැවසේ.'' (දී)
රන්ජන් ඔබ සැබෑම වීරයෙක් .මේවගේ වැඩ ඉදිරියේදීත් කිරීමට ශක්තිය ලැබේව .(දී)
අනේ මන්ද? මමත් ඔය වැඩ සටහන බැලුවා. (ර)