සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට සැත්කමක් කළ යුතු යැයි සිංගප්පූරුවේ මවුන්ට් එළිසබත් රෝහල නියම කැර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි කියයි.
හෙට පෙරවරුවේ සැත්කම සිදුකිරීමට නියමිත බවත් එය හදිසි සැත්කමක් නොවන බවත් රුධිර නාලයක සාමාන්‍ය අවහිරතාවයක් හේතුවෙන් එය සිදුකිරීමට නියමිත බවත් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිමලරත්න, ඕවා ගැන කතා කරන්න ගියොත් අර කොහෙන්ද මන්ද හිනා යනවා. සමහර රුධිර නාලිකාවලට ලංකාවේ ඉස්පිරිතාල හරියන්නේ නැතිව ඇති නේද ජයරත්න? (බ)
සිංගප්පුරු ගියත් සැත්කම කරන්නේ ලංකාවේ වෛද්‍යවරයෙක්. (බ)
රටේ වෙද්දුන් රටට අගය නැහැ (බ) .
මෙහෙ දොස්තරලා විශ්වාස නැතිව වගේ. අැයි අර මාලබේ පවුද්ගලික රෝහලේ නවතින්න තිබුනනේ.(බ)
අැත්ත කියන්න බය අැයි? ලේකම් (බ)
රාජිත නොවේ ඕනෑම ඇමති කෙනෙකුට ඕනෑම රටකට යන්න පුළුවන් තම පුද්ගලික මුදල් වලින්. පොඩ්ඩක් හොයා බලන්න සාමාන්‍ය මිනිසෙකුට බයිපාස් එකකට ලක්ෂයක් ගන්න ජනාධිපති අරමුදලෙන් කොච්චර කල් යනවද? කොච්චර මහන්සි වෙන්න ඕනෑද? ආධාර ගත් උදවිය දන්නවා. (නි)
ඉක්මන් සුවය පතමි. (නි)
සල්ලි තියෙනවානම් ඕන කෙනෙක්ට තමන්ගේ කැමැත්තක් කරන්න පුළුවන්නේ. ඒත් සෞඛ්‍ය ඇමති රටේ සෞඛ්‍ය සේවයට විශ්වාස භංගයක් ගෙන්නනවා නේද.(බ)
ජයරත්න ."එතුමාට අයිතියක් තියෙනවනේ එතුමා කැමති රටකට ගිහින් ප්‍රතිකාර ගන්න".අපිටත් තිබෙනවා අපිට හැදෙන ලෙඩකට කැමති රටකින් බෙහෙත් ගන්න.අපිට මුදල් වියදම් කරන්නේ පොලිසියෙන්ද? (බ)
රටේ සෞඛ්‍ය ඇමැති රුධිර නාලයක සාමාන්‍ය අවහිරතාවයක් ඉවත් කිරීමට රුපියල් කෝටි ගානක් වියදම් කරලා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබත් රෝහලින් සැත්කමක් කරනවා .දුප්පත් අපිට දෙවියන්ගේම පිහිට තමයි.(බ)
විදේශ රටකට ගිහින් ප්‍රතිකාර ගන්නේ වෙන මොනම හේතුවක් නිසා නොවේ..ආදරණීය පාක්ෂිකයන් හිතවත් පුද්ගලයන් සහ ඇමති මණ්ඩලය වල නොකැඩී රෝහල වෙත එන්න පටන්ගත්තට පස්සේ කොහෙද නිදහසක්....කොහොමද ප්‍රතිකාරයක් ගන්නේ ..කට්ටිය ඇවිත් අඬන්න ගත්තට පස්සේ ...පුතාගේ උපන්දිනෙත් එහෙදි චාමෙට ගත්නිසා වැඩි කරදරෙකුත් තිබුනේ නෑ....එත් ඉතින් තමන්ගේ ඇමතිතුමාගේ සුළු අසනීපයකට ප්‍රතිකාරවලට සුදුසු දොස්තර මහත්වරු ලංකාවේ නැත්ද කියලා හිතෙන විට නම් ..එයාලට පොඩි දුකක් දැනෙනවා ඇති...එත් ඉතින් ඉක්මනින් සුව වෙලා අවට පස්සේ ඔය බෙහෙත් මාත්‍රාව දෙන්න විතරක් එයාලගෙන් උපදෙසක් ගන්න බැරියා ...(හේ)
කෝ මේ ඩුබායි තිලක්? මේකටත් මොනවාහරි කියන්නකෝ (නි)
රාජිත මහත්තයෝ දැන්වත් පරිස්සම් වෙන්න.(හේ)
ආරක්ෂාව ගෙන හිතලා වෙන්න ඇති සිංගප්පුරුවට යන්න ඇත්තේ.(හේ)
ඇමැතිතුමාට ඉක්මනින් සුව වෙයි.(හේ)
ඇමතිතුමාට තම අමාත්‍යංශයේ වැඩ ශුවර් නෑ වගේ. ජනතාවට?(හේ)
මම හිතන හැටියට ඇමැතිතුමාත් දොස්තර කෙනෙක් නේද ? මම වැරදි නම් කියන්න. දොස්තර කෙනෙක්, සෞඛ්‍ය ඇමැති කෙනෙක් හැටියට මෙතුමා කරලා තියෙන මේ වැඩේ එයාගේ තත්වයට වටින්නේ නැහැ.....(බ)
සාධාරණ සමාජයක් - යහපාලනයක්! හැබැයි ඇමති යන්නේ සිංගප්පුරුවට, සාමාන්‍ය ජනයට රජයේ රෝහල්වල පෝලිම්වල බඩගාන්න ඕන. (බ)
ඉක්මන් සුවය පතමි. (නි)
මගේ අම්මට අවුරුදු 72 දී වකුගඩු අකර්මන්‍ය වුනා. රජයේ රෝහලින් කරාපිටිය කිව්වා රක්ත කඳු පෙරනය කරන්නේ වකුගඩු දානවනම් පමණයි කියලා. අම්මා තිරණය කළා මැරෙන්න අරින්න. අපි යන්තම්ම් සල්ලි දීලා සතියකට රුපියල් 20000 ගානේ ගෙවලා පුද්ගලික අංශයෙන් බෙහෙත් කළා. අම්මා මාස දහඅටක් එ් විදිහට හොදින් ජීවත් වුනා. මුන් දසලක්ෂ සිය ගානක් ගෙවලා පොඩි අමාරුවටත් ගුවන්යානා ගෙන්නවගෙන රට යනවා. මම නඩු දානවා මටත් මගේ පවුලටත් ඔය විදිහටම සලකන්න කියලා. (බ)
යහපාලකයන්ගේ කාලේ එච්චර හොඳ නෑ වගේ (හේ)
ඉන්දියාවෙන් එන එක හොඳයිනේ එක අතකට. සිරි ලංකාවේ සාමාන්‍ය සැත්කමක්වත් කරගන්න බැහැනේ. අනේ අපේ සල්ලි. (නි)
මොකද බැරි ගෙවන්නේ අපිනේ . (කෞ)
කුමාර එහෙමම කියනත් එපා (කෞ)
සල්ලි තියනවා නම් කොහේ යන්න බැරිද. (නි)
අපේ දොස්තරලට බැරි නිසා නෙවෙයි. රාජිත දන්නවා එයා සෞඛ්‍ය සේවය සඳහා ගෙන්වන බෙහෙත් සිංගප්පූරුවෙ බෙහෙත වලට වඩා බාල බව. ඉතිං එයා ඒවයෙන් ප්‍රතිකාර ගන්න බය ඇති. (බ)
සෞඛ්‍ය ඇමැතිටත් විශ්වාස නැත්නම් ලංකාවේ දොස්තරලා, අනිත් අය ගැන මොන කතාද? මේ ශල්‍යකර්මය කරන්නෙත් ලංකාවේම දොස්තර කෙනෙක්ලු නේද? ඒකෙන්ම තේරෙනවා නේද මෙයාලා ලංකාවේ සේවය ලබාගන්න අකමැතියි කියලා. කාගේ සල්ලිද මේ? (නි)
ඔයාලට අමතකද තවත් මන්ත්‍රීතුමෙකුත් ලොකු කාලයක් ඔහොම හිටියා කියලා. ඒවටත් රජයේ මුදල් තමයි වියදම් වුණේ (නි)
මහජනයාගේ මුදල් නේද මේ වියදම් කරන්නේ.(හේ)
කර්ම විපාකයෙන් කාටවත් ගැළවෙන්න බැහැ (නි)
අපේ මතවාද මොනවා වුණත් ඔබතුමාට නිදුක් නිරෝගී සුවය පතනවා. (නි)
ඔපරේෂන් එකන් පස්සේ විවේකය සඳහා මාලඹේ මගේ රෝහලට එන්න.(හේ)
අපි මොනවා කියලා කියන්නද? (නි)
දොස්තරලට බැනලා ලංකාවේ දොස්තරලා ළඟට යන්න බය ඇති. (නි)
දුෂණයට එරෙහිව හඬ නඟන්නට සිටින මෙවැනි යෝධ, නිර්භය මිනිසෙකු ලෝකයේ කොතැනක හෝ ඇති හොදම රෝහලකට යවා ප්‍රතිකාර කරවීම අපේ යුතුකමකි. (නි)
අනේ අපේ බදු මුදල්! (නි)
සිරි ලංකාවේ යහ පාලන සෞඛ්‍ය ඇමැතිතුමා රුධිර නාලයක සාමාන්‍ය අවහිරතාවයක් ඉවත් කිරීමට ලක්ෂ ගණනක මුදල් වියදම් කර සිංගප්පුරුවේ. මේ සිරි ලංකාවේ වෛද්‍ය විශේෂඥයන්ට මෙය ඉවත් කිරීමට බැරිද?(ම)
සුළු සැත්කමට මුදල් කෝටි ගණනින් වියදම් කරන්නේ මොනවටද? (නි)
ලංකාවෙදි කරන්න පුළුවන් සැත්කමක් මහජන මුදලින් සිංගප්පූරුවේදී කිරීම වරදක් නෙමෙයිද? (නි)
සාමාන්‍ය අවහිරතාවයක් මවුන්ට් එළිසබත් යන්න ඕනද ? අපේ රටේ වෛද්‍ය සේවය එතරම්ම අකාර්යක්ෂමතද? (ම)
ඔබට ඉක්මන් සුව ලැබේවා! (නි)
ලංකාවේ දොස්තරලා ගැන බය ඇති ඒකයි (බ)
ඔය ලෙඩේට ලංකාවේ ප්‍රතිකාර, බෙහෙත් ඇත්තෙම නැද්ද..? ලංකාවේ සුපිරි වෙදදුරන්ට අපහාස කරනවා මේ සෞඛ්‍ය ඇමති, මුදල් කෝටිගණන් වියදම් කරමින්. ඉස්සර කොහොම හිටපු කෙනෙක්ද..? අනේකාලේ වනේ වාසේ...! (නි)
අනේ මන්ද, එතකොට ඔය ඉතා හොඳ සෞඛ්‍ය තත්වයෙන් ඉන්නවය කියල කිව්වේ අර ලේකම් ද කවුද. (බ)
ඕකට තමා නිමලරත්න යහ පාලනය කියල කියන්නේ (බ)
අනේ ද කියන්නේ.....? ලොක්කොන්ට ලොකුවට ඕන පව් දුප්පත් අහිංසක මිනිස්සු ...(බ)
ලොකුම විහිළුව තමයි රටේ සෞඛ්‍ය ඇමැති රුධිර නාලයක සාමාන්‍ය අවහිරතාවයකට සැත්කමක් කරගන්න වෙන රටක ඉස්පිරිතාලෙකට යන එක. රටේ සෞඛ්‍ය ගැන මුළු ලෝකෙටම එතනින් හිතාගන්න පුළුවන්. මේකෙන් විනිවිද පෙනෙන එක කරුණක් තමයි රටේ සෞඛ්‍ය ඇමැතිට තමන්ගේ රටේ දොස්තරලා, ඉස්පිරිතාල, බේත් හේත්, සේවකයෝ සාමාන්‍ය සැත්කමකටවත් සුදුසු නැති බව ලෝකෙටම කියන එක (නි)
ශ්‍රී ලංකා සෞඛ්‍ය ඇමතිට රටේ දොස්තරලා විශ්වාස නැත්නම් ජනතාවට අබ සරණ තමා! (නි)
අපේ රටේ පහසුකම් අපිට හිතාගන්න පුළුවන් (ම)
අපේ රටේ දොස්තර අපේ ඇමැතිට විශ්වාස නැහැ. කොහොමද රටේ දරුවන්ගේ අනාගතය.(ම)
අපිට හරිම කණගාටුයි (නි)
මතවාදීව බලුවොත්නම් ඒ තුමා වෙන රටකට ගිහින් ප්‍රතිකාර ගැනිම ටිකක් විතර අවුල් තමයි , ආරක්ෂාව පැත්තෙන් බැලුවොත් මේක හොඳ තීරණයක් , අනික ඉතින් එතුමාට අයිතියක් තියෙනවනේ එතුමා කැමති රටකට ගිහින් ප්‍රතිකාර ගන්න (හේ)
කාලෝචිත අදහසක් නිමලරතන මහතාගෙන් !(හේ)
මොකක්ද රාජිත මහතාට වෙලා තියෙන්නේ.(හේ)
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.(හේ)
නිමලරත්න කියන දේ හරි පොඩි සෑත්කමකටත් සිංගප්පුරුවට යන්න මහජයාගේ බදු මුදල් පලිද? (හේ)
අපේ සැත්කමක් සදහා සිංගප්පුරු යන ආකාරය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනගන්න ආකාරය කවුරුවත් දන්නවද.(හේ)
නිමලරත්න, එහෙම තමයි ළමයෝ අපි. අපිට අපේ දොස්තරලා විස්වාස නැහැනේ. අනෙක අපි ඉතින් මේ රටේ ඉන්න ලොකුම අයනේ. අපි බෙහෙත් ගන්නේ ලොකු අයගෙන් ව්ත්රයි හොඳේ (හේ)
ඒ මනුස්සයට කියන කතා? අසනීප කාටත් හැදෙනවා (නි)
ඔබ තුමාගේ සැත්කම සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරමි.(හේ)
ඉක්මන් සුව පතමි (නි)
හදිසි නැත්නම් හෙමිහිට කරන්නකෝ (නි)
එයාගේ සල්ලි නම්, විදේශ විනිමය වුනත් මේකට වියදම් කරන්නේ ඒක ඉතින් කමක් නැහැ කියමුකෝ. හැබැයි සෝබිත හිමිට වැය කළ මිලියන 15 වගේ මේකටත් ආණ්ඩුවෙන් සල්ලි ඉල්ලුවොත් නම් වැඩේ කැතයි. (බ)