ඩයනා උදයංගනී
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව ගෙනෙන විශ්වාසභංගය සඳහා ජනතා විමුක්ති පෙරමුණ සහය ලබාදෙන බව එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රාජිත සේනාරත්න මහතා තමන්ට හිමි අමාත්‍යධූරයේ කාර්ය නිසි පරිදි ඉටු නොකරන බව ජනතා විමුක්ති පෙරමුණේ ද අදහස බව කී අනුර කුමාර දිසානායක මහතා ඒ වගේම ඔහුට ඇති නොයෙකුත් චෝදනා නිසා අමාත්‍ය ධුරයට නුසුදුසු බවද සඳහන් කළේය.
පළාත් පාලන පනත සම්මත වී ඇති බැවින් තවත් බොරු තර්ක ඉදිරිපත් නොකර මෙම වසර අවසන් වීමට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට රජය කටයුතු කළ යුතුයැයි ද අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයගොල්ලෝ සහාය දුන්නත්, නැතත් ප්‍රතිඵලයේ වෙනසක් වෙන එකක් නැහැ.
දැන් ඔන්න හොඳ ගෙඩි තියන ගහක් හොල්ලලා තියෙන්නේ.... පක්ෂ විපක්ෂ කාගේත් කල්ල මරේ...
හත්වලාමයි.., දියවන්නා ඔය රෝහලේ ඉන්න උගතුන් ටිකදෙනාගෙන් සියල්ල දත් උන්නැහේට නේද රතු මල්ලිලා පුස් පාර්ට් දාන්න යන්නේ? බලාගෙන හක්කේ දත්ටික ඔක්කොම ගලවයි කතා කරන ගමන්ම හොඳේ රතු මල්ලි. මේ උන්නැහේ නේද අවුරුදු 5, 6 වෙනකොට ලෝකේ තියන ඔක්කොම උපාධි සමත්වෙලා තියෙන්නේ? මේ හාදයගේ පුතත් එහෙම කෙනෙක් නේද?
හිතවත් අනුර මහතාණනි, මොනවද ඔබලා කරන නාඩගම්? ජනාධිපති, අගමැතිවරුන්ට, ඇමැතිවරුන්ට අතීතය පුරා දෝෂාභියෝග විස්වාස භංග, දේවල් කර කර ජනතා විමක්ති පෙරමුණ කොපමණ අපේ වටිනා කාලය නාස්ති කළාද? කරුණාකර ඔබගේ පක්ෂයේ අනාගත සැලසුම් රටට ජනතාවට ප්‍රතිපත්ති සැලසුමක් ලබාදෙන්න. අහිංසක තරුණ පරපුර විනාශ කරන්න එපා. නැතිනම් 2020 ඔබ සැවොම දේශපාලන කුණු කූඩයට යාම අපට නැවතීමට නොහැක...
ඇත්තට? රාජිතට දැන්නම් නින්ද යන එකක් නැහැ.
රාජිතට එරෙහි පාර්ලිමේන්තු දෝෂාභියෝගයෙන් ඔහු බේරුනත්, ජනතා දෝෂාභියෝගයෙන් නම් බේරුමක් නැහැ.
අනේ ඉතින් ඕක කියන්න ඕනි නැහැනේ. මොලේ කළදක් තියෙන ඕනෑම පක්ෂ විපක්ෂ කෙනෙකුට තේරෙනවා මේක දෙගොල්ලම හොදට සාකච්චා කරලා කල දෙයක් කියල.
රතු මල්ලිලා මහින්ද මහත්තයට බැන බැන, ඔහුගේ න්‍යාය පත්‍රයට වැඩකරන ජී.එම්.ඒ.ඕ. එකේ සෙට් එකත් එක්ක සයිටම් එකට විරුද්ධව අහිංසක විශ්‍යවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කරනවා.
ඔබල විතරක් චන්දෙ දීල බැහැ අනිත් අයත් මෙයට අභිප්‍රරණය කරන්න. UNP පොදුපෙරමුණ දෙකම ඉන්නවා රාජිතට විරුද්ද ය ඔවුන් සොයා පොලබවන්න ,,,රාජිත දෙසපලනයේ නොසිටියයුතු අයෙක්
මේ රටේ තරුණ පරපුරේ ජීවිත විනාශ කල පක්ෂය එදා සිටම කලේ දූෂිත දේශපාලකයින්ව බලයට ගේන්නේ පාර කපලා අවසානයේ ඔවුන්වම විවේචනය කරමින් තමන් පමණක් පොරවල් බව සමාජයට පෙන්වීමයි. මේ අය අනුන්ගේ වැරදි පෙන්වීම හැර වෙන මොනවද රට වෙනුවෙන් කළේ?