ඩයනා උදයංගනී
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව ගෙනෙන විශ්වාසභංගය සඳහා ජනතා විමුක්ති පෙරමුණ සහය ලබාදෙන බව එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රාජිත සේනාරත්න මහතා තමන්ට හිමි අමාත්‍යධූරයේ කාර්ය නිසි පරිදි ඉටු නොකරන බව ජනතා විමුක්ති පෙරමුණේ ද අදහස බව කී අනුර කුමාර දිසානායක මහතා ඒ වගේම ඔහුට ඇති නොයෙකුත් චෝදනා නිසා අමාත්‍ය ධුරයට නුසුදුසු බවද සඳහන් කළේය.
පළාත් පාලන පනත සම්මත වී ඇති බැවින් තවත් බොරු තර්ක ඉදිරිපත් නොකර මෙම වසර අවසන් වීමට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට රජය කටයුතු කළ යුතුයැයි ද අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.