ප්‍රෝටීන් සපිරි මාළු සුප් කැටයක් සෑදීමට ධීවර අමාත්‍යංශයේ අධික්ෂණය යටතේ කාර්මික තාක්ෂණ ආයතය පරීක්ෂණයක් අරඹා ඇති බව ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ප්‍රෝටීන් සපිරි මාළු සුප් කැටයක් සෑදීමට ධීවර අමාත්‍යංශයේ අධික්ෂණය යටතේ කාර්මික තාක්ෂණ ආයතය පරීක්ෂණයක් අරඹා ඇති බව ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම හරි කමක් නැහැ ඇගට ප්‍රෝටීන් ටිකක් වැටෙනවානම්.මොකද මාළු වල ගණන් ඇහැව්වහම ඇගේ තියෙන ප්‍රෝටීන් ටිකත් දිය වෙනවා.(දිල්)
ඉතාමත් හොඳ වැඩක්.(දිල්)
මාළු ලේ වලින් හදන ඒවා කොහෙද විකුණන්නේ? අපේ වෙළඳපොලේ තියෙන්නේ එළවලු වලින් හදන ඉන්දියන් ඒවා. (නි)
රට තුළ මෙවැනි තාක්ෂණික නව නිර්මාණ වීම අගය කළ යුතුයි. හැමදාම තේ කොළ, ඇගලුම් රට යවලම හරියන්නේ නැහැ. සක්‍රිය කාබන්, ආහාර පළතුරු, මෘදුකාංග, විශේෂඥ දැනුම හා පුහුණු ශ්‍රමය අපි විකුනන්න ඕනේ. (ස)
ලංකාවේ වැවෙන බොහෝ දේවල් පිටරට ගිහිල්ල අපිටම ආයෙත් නිමි භාණ්ඩ හැටියට ආනයනය කර අධික මුදලක් ගෙවා ගන්ට වෙනවා. කාර්මික ඥානය තියෙන දක්ෂ තරුණයෝ, වැඩිහිටියෝ, උපදේශකයෝ අපිට ඕන තරම් ඉන්දෙද්දී මට හිතාගන්ට බැහැ ඇයි මේවා නිෂ්පාදනය කරන්ට අපේ දියවන්න ඔයේ අනෙත් උදවියත් හිතන්නේ නැත්තේ කියලා. (ස)
මාලු මිළටත් වැඩිය සුප් කැටයේ ගණන වැඩි වේවිද දන්නේ නැහැ. (නි)
කොහොමත් මේ කාලෙට අලුත් සොයාගැනීම් වැඩියිනේ... (නි)
ඒක හොඳයි. මාළු මිළ අහද්දී ඇඟේ මාළු නටන බව කවුරුත් දන්නවනේ. මාළු කෑල්ලක් කන්න මුදල් නැති ඇත්තන්ට සුප් කැටයක්වත් බොන්න පුළුවන්නේ. මාලදිවයින වාගේ මාළු බහුල රටවල මාළු ලේ වලින් මාමයිට් එකක් හදනවා.හරිම ගුණදායකයි.ඒ ගැනත් හිත යොමු කරන්න ඇමතිතුමනි. (නි)
අදහස හොදයි සුබ පතනවා . නිශාර්ඩ් කියනදේ ගැනත් කවුරු කවුරුත් හිතනවානම් ඉතාම හොදයි.(නදී)
අළුත් සොයාගැනීමට සුභ පැතුම්! (නි)
මාළු ගන්න මුදල් නැති අපිට මේක ලොකු දෙයක්. (නි)
මේ ඇමතිතුමාට අනාගතය පෙනිලා තියනවා. ඒ මොකද දැන් තියන මාළුවල ගණන්වල හැටියට අනාගතයේදී මාළු කන්න ලැබෙන්නේ නැහැ. සුප් කැටයකින් හරි දුප්පත් ජනතාවට මාළුවල රස බලාගන්න පුළුවන්. මේ වගේ දෙයක් හඳුන්වල දුන්නට ඔබ තුමාට ගොඩක් ස්තුතියි. (ස) .
අර හදපු "ලින්න" (සැමන්) ටින්මාළු වලට මොකද උනේ. අපි පොඩිකාලේදී නම් "සැමන්" හා "සාඩින් " කාල තියෙනවා. දැන් තියෙන්නේ "මැකරල්" ජැක් මැකරල් " පිල්චාඩ් " මාලුටින් නේ.(නදී)