IMG-LOGO

රාජිතගෙන් මාළු සුප් කැටයක්

ප්‍රෝටීන් සපිරි මාළු  සුප් කැටයක්  සෑදීමට ධීවර  අමාත්‍යංශයේ අධික්ෂණය යටතේ  කාර්මික තාක්ෂණ ආයතය පරීක්ෂණයක්  අරඹා ඇති බව ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.  



අදහස් (0)

රාජිතගෙන් මාළු සුප් කැටයක්

රණතුංග Wednesday, 26 March 2014 03:13 PM

එහෙම හරි කමක් නැහැ ඇගට ප්‍රෝටීන් ටිකක් වැටෙනවානම්.මොකද මාළු වල ගණන් ඇහැව්වහම ඇගේ තියෙන ප්‍රෝටීන් ටිකත් දිය වෙනවා.(දිල්)

:       0       0

රංජිත් සිල්වා Wednesday, 26 March 2014 03:27 PM

ඉතාමත් හොඳ වැඩක්.(දිල්)

:       0       0

සමන්ති Thursday, 27 March 2014 06:23 AM

මාළු ලේ වලින් හදන ඒවා කොහෙද විකුණන්නේ? අපේ වෙළඳපොලේ තියෙන්නේ එළවලු වලින් හදන ඉන්දියන් ඒවා. (නි)

:       0       0

චාමික Wednesday, 26 March 2014 04:17 PM

රට තුළ මෙවැනි තාක්ෂණික නව නිර්මාණ වීම අගය කළ යුතුයි. හැමදාම තේ කොළ, ඇගලුම් රට යවලම හරියන්නේ නැහැ. සක්‍රිය කාබන්, ආහාර පළතුරු, මෘදුකාංග, විශේෂඥ දැනුම හා පුහුණු ශ්‍රමය අපි විකුනන්න ඕනේ. (ස)

:       0       0

නිශාර්ඩ් Wednesday, 26 March 2014 04:38 PM

ලංකාවේ වැවෙන බොහෝ දේවල් පිටරට ගිහිල්ල අපිටම ආයෙත් නිමි භාණ්ඩ හැටියට ආනයනය කර අධික මුදලක් ගෙවා ගන්ට වෙනවා. කාර්මික ඥානය තියෙන දක්ෂ තරුණයෝ, වැඩිහිටියෝ, උපදේශකයෝ අපිට ඕන තරම් ඉන්දෙද්දී මට හිතාගන්ට බැහැ ඇයි මේවා නිෂ්පාදනය කරන්ට අපේ දියවන්න ඔයේ අනෙත් උදවියත් හිතන්නේ නැත්තේ කියලා. (ස)

:       0       0

නිමල් පෙරේරා Thursday, 27 March 2014 08:33 AM

මාලු මිළටත් වැඩිය සුප් කැටයේ ගණන වැඩි වේවිද දන්නේ නැහැ. (නි)

:       0       0

කුමාර Wednesday, 26 March 2014 05:25 PM

කොහොමත් මේ කාලෙට අලුත් සොයාගැනීම් වැඩියිනේ... (නි)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Wednesday, 26 March 2014 06:11 PM

ඒක හොඳයි. මාළු මිළ අහද්දී ඇඟේ මාළු නටන බව කවුරුත් දන්නවනේ. මාළු කෑල්ලක් කන්න මුදල් නැති ඇත්තන්ට සුප් කැටයක්වත් බොන්න පුළුවන්නේ. මාලදිවයින වාගේ මාළු බහුල රටවල මාළු ලේ වලින් මාමයිට් එකක් හදනවා.හරිම ගුණදායකයි.ඒ ගැනත් හිත යොමු කරන්න ඇමතිතුමනි. (නි)

:       0       0

ටෙනිසන් Thursday, 27 March 2014 10:35 AM

අදහස හොදයි සුබ පතනවා . නිශාර්ඩ් කියනදේ ගැනත් කවුරු කවුරුත් හිතනවානම් ඉතාම හොදයි.(නදී)

:       0       0

සාලි Wednesday, 26 March 2014 07:23 PM

අළුත් සොයාගැනීමට සුභ පැතුම්! (නි)

:       0       0

සාලි Wednesday, 26 March 2014 07:24 PM

මාළු ගන්න මුදල් නැති අපිට මේක ලොකු දෙයක්. (නි)

:       0       0

බන්දුල රත්නායක Thursday, 27 March 2014 12:19 PM

මේ ඇමතිතුමාට අනාගතය පෙනිලා තියනවා. ඒ මොකද දැන් තියන මාළුවල ගණන්වල හැටියට අනාගතයේදී මාළු කන්න ලැබෙන්නේ නැහැ. සුප් කැටයකින් හරි දුප්පත් ජනතාවට මාළුවල රස බලාගන්න පුළුවන්. මේ වගේ දෙයක් හඳුන්වල දුන්නට ඔබ තුමාට ගොඩක් ස්තුතියි. (ස) .

:       0       0

සමන්ති Wednesday, 26 March 2014 08:12 PM

අර හදපු "ලින්න" (සැමන්) ටින්මාළු වලට මොකද උනේ. අපි පොඩිකාලේදී නම් "සැමන්" හා "සාඩින් " කාල තියෙනවා. දැන් තියෙන්නේ "මැකරල්" ජැක් මැකරල් " පිල්චාඩ් " මාලුටින් නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 731 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 374 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 510 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site