උතුරේ ක්‍රියාත්මක වන බව කියන ආවා කල්ලිය තමන් හෝ හමුදා බුද්ධි අංශ මගින් ආරම්භ නොකළ බවත්, රාජිත සේනාරත්න ඇමැතිවරයා කළ චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි.
ඊපීඩීපී හා ප්ලොට් වැනි සන්නද්ධ කණ්ඩායම් නිරායුධ කළේ ගිය රජය බවත්, රාජිත ඇමැතිගේ හමුදාවට එල්ල කළ බරපතල චෝදනාවක් බවත්, ඊට පිළිතුරු දිය යුත්තේ තමා නොවන ජනාධිපති, ආරක්ෂක ලේකම් හා යුද හමුදාපති බවත් රාජපක්ෂ මහතා පවසයි.
ආවා කල්ලිය පිටුපස සිටියේ හිටපු ආරක්ෂක ලේකම් හා යුද හමුදා ප්‍රධානියකු බව රාජිත සේනාරත්න මහතා දෙවැනි වරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදාවත් රට පාවාදෙන්න එපා මහත්තයෝ අපි සිංහල පහන් කියනදේ හරි (අ)
කානු කටක් තිබුන පලියට රජයක මාධ්‍ය ප්‍රකාශක තනතුරට කොතෙක් ගැලපෙවිද යන්න ජනපති තුමා තීරණය කරාවි.(අ)
වර්තමාන ජනාධිපතිත්, වර්තමාන සෞඛ්‍යය ඇමැතිත් ඔය කියන වකවානුවල රාජපක්ෂ පාලනයෙන් පල නෙලා ගත් අය බව ජනතාවට අමතක වුණත් ඉතිහාසයේ ලියවිලා ඉවරයි. අශ්වයා පැනගියාට පසු ඉස්තාලය වහන දේශපාලන න්‍යාය පත්වලට අනුව තමයි ඔය කොයි කොයි රාළත් වැඩ කරන්නේ. ජනතාවට තියෙන්නේ "දෙන දෙයක් කාළ වෙන දෙයක් බලා ගෙන ඉන්න" එකයි. (අ)
හැබැයි අර ඉස්සර තිබුන අනිත් කල්ලිය නම් හැදුවෙ ගෝඨා නොවෙයි. (නි)
කොටි ඩයස්පෝරාවෙ සල්ලි වලින් බලයට ආපු අයට ඕන වෙලා තියෙන්නෙ හමුදාව හෑල්ලු කරල උතුරෙන් එලවන්න (අ)
ඇමතිතුමා ඇයි දැනගෙන හිටියා නම් මේවා 2014 ඡන්දෙ කාලේ හෙළි නොකළේ. තාමත් හරි තුරුම්බුව ගහගන්න බැරිවලා වගේ. (අ)
පුද්ගලික තරහට රට ගැන නිකමටවත් හිතන මෙහෙම අයගේ කටවල් කපන්න ඕනේ වාචාල කමක තරම (අ)
මෙතනදීත් මේ කතා ගණන් නොගෙන ඉන්නයි තියෙන්නේ. ඔය තැනැත්තාගේ කතා හැමදාම ඔහොම තමයි. (නි)
මෙහෙම එකිනෙකාට චෝදනා කරගන්න එකේ ඇති වැඩේ මොකක්ද? (නි)
මේ වගේ අයට ඇමරිකාව වගේ රටක් නම් දෙන්නේ අර විකිලීස් වෙබ් අඩවියට දුන් දඬුවම වගේ එකක්. වෙනත් කිසිම රටක නොකරන වැඩ මේ. රට බේරාගත් රාජපක්ෂ පවුලෙන් පළිගත්තා මදිවට මුළු ජාතියෙන්ම පළිගන්න හදනවා. බලන්න රටේ එදා තිබුණු දියුණුවයි අද කඩාවැටිලා තිබෙන හැටියි (නි)
කට කපන්න ඕනේ ඩොලර්වලට කහිනවා (අ)
රාජිත කියනවද ප්‍රා කල්ලිය බළල් කල්ලි කාගේද කියල? විශ්ව විද්‍යාල ශිෂයෝ මැරුවේ කවුද කියල? කළුතර පැත්තේ වදකාගාර කීයක් තිබුනද කියල.(අ)
ජනතාවනි පුදුම නොවන්න..ඔය වැසිකිලි කටින්ම තව ටික දවසකින් කියාවී කොටින්ට නායකත්වය දුන්නෙත් රාජපක්ෂලා කියලා. (අ)
තම තමන්ගේ තෘෂ්ණාවන් වනුවෙන්, යුද්ධය දිනවල දුන්නු අභීත වීරයන්ට පිටුපාල ඔයවගේ මෝඩ චූන් කතා කියන්න එපා. රටගැන වගකීමක් නැති අය රටට කරන්නෙම නස්පැත්තියක්. දැන් කරන්න තියන්නේ ආයෙත් යුද්ධයක් නොඑන්න වැඩ කරන එක මිසක් ඔයවගේ කතා කියල හමුදාවට ලෙඩ දන එක නොවෙයි (අ)
තමන්ගේම රටේ හමුදාව ඒකට නායකත්වය දුන්න මිනිස්සු මේ තරම් හෑල්ලුවට ලක් වුණ කාලයක් කවදාවත් තිබිල නෑ. (ම)
කාගෙන්වත් අහන්න ඕනේ නෑ. මුළු රටම දන්නවා.(හේ)
මේ පොඩි කල්ලියක් මර්ධනය කරගන්න බැරුව ඔය කියවන කියවිල්ලේ තේරුමක් තියනවද රාජිත මහත්තයෝ. (හේ)
කොහොමද ඔප්පු කරන්නේ.(හේ)
ඔව් හෆීල් රටටම දන්නවා ඉස්සරහට මොකද්ද සිදු කල යුත්තේ කියලාත්.(හේ)