සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රතිකාර සඳහා අද සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.
ඔහු සමග පස් දෙනකු ගිය බව ගුවන්තොටුපොළ ආරංචි කියයි.
ඇමැතිවරයා පෙර දින කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්වී ප්‍රතිකාර ලබමින් සිටියේය.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඇතුළු පිරිසක් සේනාරත්න මහතා බැලීමට එම රෝහලට ආහ.
ඇමැතිවරයාගේ මාධ්‍ය ලේකම් නිපුන් ඒකනායක මහතා කීවේ ඔහුට තද බල අසනීපයක් නැති බවයි.
සාමාන්‍ය පරීක්ෂණයක් සඳහා පෞද්ගලික රෝහලකට ගිය අබවත්, නහරයක සුළු ගැටළුවක් ඇතැයි එහිදී හඳුනාගෙන තිබුණු බවත්, පවුලේ උදවියගේ උපදෙස් මත එනිසා රෝහලේම රැඳී සිටි බවත්, ඔහුට බරපතල අසනීපයක් ඇතැයි පැතිරයන කතාවල සත්‍යතාවක් නැති බවත් ඒකනායක මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ දේශපාලකයන්ට ලෙඩක් හැදුනහම, ඒ රෝගය සොයා ගැනීමට බෙහෙත් කිරීමට දක්ෂ දොස්තරලා ලංකාවේ නැහැ (නි)
එහෙනම් මොකටද සිංගප්පුරුවට ගියේ? ආසාවටද? රටේ සෞඛ්‍ය ඇමති බෙහෙත් ගන්න යන්නේ පිටරට (නි)
කළ කළ දේ, පළ පළ දේ (නි)
හදවතින්ම ඉක්මන් සුව පතනවා (නි)
අනේ හැබෑට මෙහෙමත් දේවල්! (නි)
රටේ සෞඛ්‍ය ඇමති සුළු අසනීපයටත් කෙලින්ම සිංගප්පුරුවේ සුපිරි රෝහලකට ප්‍රතිකාර සදහා යයි. ඒ අතර රටේ පොදු ජනතාවට ලබාදී ඇති සෞඛ්‍ය පහසුකම් ගැන වහසිබස් දොඩයි. මෙයයි යහපාලනය. (නි)
ඇමති පඩියෙන් පුලුවන්ද මේවට වියදම් කරන්න? පවු අනේ! (නි)
ඉක්මන් සුවය පතමු (නි)
ඔබට ඉක්මන් සුව! (නි)
තදබල අසනීපයක් නැත්නම් සිංගප්පූරු යන්නේ උණ, හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්නද? අපේ රටේ සෞඛ්‍ය ඇමතිට රජයේ රෝහලකින් බෙහෙත් ගන්න බැරිද? (නි)
අපි බලමුකෝ... (නි)
ඈත මෑත ලාංකීය දේශපාලන පොරපිටියේ බිහි වූ අංක එකේ මම අකමැතිම චරිතය (නි)
තදබල අමාරුවක් නැත්නම් ඇයි සිංගප්පුරු යන්නෙ? (නි)
සුළු අසනීපයටත් බෙහෙත් ගැනීමට පිරිවර සමඟින් පිටරට යන සෞඛ්‍ය ඇමති ඊට කලින් රටේ සෞඛ්‍ය සේවයේ ගුණ කියමින් ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වයි. රටේ ජනයාට අබ සරණයි! (නි)
ඉතාම සාමාන්‍ය පරීක්ෂණයක් සඳහා සිංගප්පුරුවට දුවන ඇමතිවරු ඉන්න රටේ, ඉතාම අත්‍යවශ්‍ය සහ වැදගත් පරීක්ෂණයකටවත් පහසුකම් නැහැ රජයේ රෝහලක. අපි පොරොත්තු ලේඛනයේ දින ගැන ගැන බලාඉන්න ඕනෑ. මේ කියන්නේ බොරුවක් නම්, සෞඛ්‍ය ඇමැතිතුමා අඩු තරමේ ආදර්ශයෙන් පෙන්වන්න ඕනෑ ලංකාවේ රෝහල්වල පහසුකම් ඉතා හොඳ මට්ටමක තිබෙනවා කියලා (නි)
ඉක්මනින් ?
ඉක්මණින් නැවත එන්න (නි)
ඉක්මන් සුව! (නි)
සෞඛ්‍ය ඇමති ප්‍රතිකාර සඳහා පිටරට යයි. මේවට තමා කියන්නේ කුණුහරුප කියලා. අනේ ඉතින් ලංකාවේ අයට දෙවියන්ගේම පිහිටයි. (නි)
මොකටද විශේෂ ගුවන් යානයකින් ගෙනියන්නේ (හේ)
ඔබ තුමාට ඉක්මන් සුවය ලැබේවා.(හේ)
මෙන්න මේකයි ඇත්ත.(හේ)
ඔබතුමාට ඉක්මන් සුවය පතමි.(හේ)
අනේ මන්දා පරිස්සමෙන්. පහු ගිය කාලේ සිංගප්පුරු ගිය ගොඩක් ලොකු උදවියට හරි ගියේ නැහැ.(හේ)
අපේ රටේ සෞඛ්‍ය ඇමැතිතුමාත් වෛද්‍ය ප්‍රතිකාර ගන්න පිටරට යන එක කොච්චර ආඩම්බරයක්ද ??(හේ)
ලංකාවේ සෞඛ්‍ය සේවයක් ඇත්තෙම නෑ වගේ, මැති ඇමති ඔක්කොම දුවන්නේ සිංගපුර් වලට, අනේ රටට ගිය කලක් (හේ)
රටේ සෞඛ්‍ය ඇමැතිත් ප්‍රතිකාර ගන්නේ පෞද්ගලික රෝහල් වලින් සහ පිටරට රෝහල්වලින් නම් ලංකවේ රාජ්‍ය සෞඛ්‍ය සේවාව මහජනත්වට පමණද ගැලපෙන්නේ.(හේ)
සිංගප්පූරුවේ සිට ඉක්මණින් ලංකාවට එන්න ලැබේවා! (නි)
අනේ මන්දා මොනවා සිද්ධවෙනවද කියලා (නි)
බය වෙන්න එපා මුකුත් ඔබ තුමාට වෙන්නේ නෑ.(හේ)
ඔබට ඉක්මන් සුවය පතමි. කෙසේවෙතත් මේ යන වියදම කාගෙන්ද? ආණ්ඩුවෙන්ද පෞද්ගලික සල්ලිද? (බ)
තුන්වෙනි රොටියත් කරවෙයිද ? ජනතා පැතුම ඉටු වෙයිද ? (බ)
මොකටද එහෙනම් සිංගප්පූරුවේ ගියේ.. නිවාඩුවක් ගත කරන්න වෙන්න ඇති නේද (බ)
ජාතික රෝහල රටේ හොඳම රෝහලයි, ෆොන්සේකා යොමු කර ඇත්තේ එතැනටයි (බ)
ලංකාවේ සෞඛ්‍ය ඇමැති සිංගප්පූරු බෙහෙත් ගන්න එක නරක පූර්වාදර්ශයක්. හරි නැහැ. එතුමා දඹානේ පෞද්ගලික රෝහලකට ඇතුළත්වී ප්‍රතිකාර ගත යුතුයි. දැන් ඔක්කොම ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව බලා පිටත්ව යනවා. (බ)
එතකොට ආණ්ඩුවේ ඉස්පිරිතාල හොඳ නැති නිසාද සිංගප්පුරුවට ගිහින් තියෙන්නේ . මෙතුමා නේද සෞඛ්‍ය ඇමති (අ)
දැන් අපේ කට්ටිය සුළු සුළු අසනීප වලටත් සිංගප්පුරු යනවද??? සෞක්‍ය ඇමැතිටත් සුළු අසනීප වලට අපේ රෝහල් විශ්වාස නැතිනම්, අපේ ලෙඩ්ඩුන්ට යහ පාලනයේම පිහිටයි.(අ)
සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රතිකාර සඳහා අද අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගියේය. මේකෙන් අපිට තේරෙන්නේ ලංකාවේ සෞඛ්‍ය තත්වය (අ)
එතුම ලංකාවේ රෝහල් සුවර් නැතිව , කොහොමද අපි සුවර් කරන් යන්නේ කොහොම වුණත් එතුමාට ඉක්මන් සුවය පතනවා. (අ)
ලංකාවේ දොස්තරලා සුවර් නැද්ද ? සුළු දෙයටත් පිටරට දොස්තරලා ගාවට යනවා. එතුමාගේ දෙපාර්තුමේන්තුව වෙලත් හරි හෙල්ත් මිනිස්ට්‍රියක් නැති බව පේනවා .... දුප්පත් අපිට බුදු සරණයි , දෙවි පිහිටයි (අ)
ඇයි මේ රාජිත පුරසාරම් දොඩන ඉස්පිරිතාලවල මේක කොරගන්න බැරිද. දුමින්ද , වාස්, රනිල් ,තිස්ස මේ ඔක්කොම කියන්නේ ලංකාවේ ඉස්පිරිතාල හොඳ මදි කියල. ඒවා කොහොමද අපි මහජනයාට හොඳ වෙන්නේ. (අ)
ඊළඟ රොටියත් කර වෙයි වගේ. (අ)
නහරයක සුළු ගැටළුවකට සිංගප්පූරුවට යා යුතුද (අ)
කළ වැඩ ගැන බයවෙලා(අ)
එතුමා සමග ගිය අනිත් පස්දෙනා නීතිඥයෝ වෙන්න ඇති . (අ)
අපේ සෞඛ්‍ය සේවයම සිංගප්පුරුවට දුන්නා නම් හොඳයි. පහු ගිය කාලයේ ලොක්කෝ ටික ඔක්කොම එහෙ දුවන්නේ අපේ අමාත්‍යාංශය හරි නැති නිසානේ. ඇමැතිකමත් එහෙටම දෙන්න, (අ)
ඇමතිතුමනි ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. (ර)
දැන් මේ අයගේ ගමන්වලට, වෙනමම ගුවන් යානා අරගෙන යන්න , යන්න එහෙනම් අවසර දීලා. (ර)
සිංගප්පූරුවට නෙමෙයි යවන්න තියෙන්නේ ...... (නි)
සෞඛ්‍ය ඇමැතිතුමාටත් තමන්ගේ රෝහල් ගැන විස්වාසයක් නැතිව, අපි කොහොමද විස්වාස කරලා ඒවාට යන්නේ . (ර)
සීනිගම ගහපු පොල් වතුරේ ගිහිල්ලා නෑ වගේ.(හේ)
දේශපාලුවන් අතරේ තරමක් හෝ මහත්මා දේශපාලනයක් කරන රාජිත මැතිදුනී, " ඔබට ඉක්මන් සුව ".,(හේ)
රටේ සෞඛ්‍ය ඇමතිට තමන්ගේ රටේ සේවය විස්වාස නැහැ. ඉතින් කොහොමද අනිත් අයට ආදර්ශයක් වෙන්නේ? (හේ)
මේ වගේ ඇමතිවරුන්ට කෙලින්ම සිංගපූරු ප්‍රතිකාරත් රටේ සාමාන්‍ය මිනිසාට ලංකාවේ රෝහලුත් මොකද?කවුද මේවට සල්ලි දෙන්නේ? (හේ)
ඔබ තුමාට ඉක්මන් සුවය ලැබේවා.(හේ)
පොල් ගහපු ඒවා වැඩ කරනවද ,අනේ ඇහෙම නොවේවා (හේ)
මේ අපේ සෞඛය ඇමති නේද ? ඔහු නේද අපේ රෝහල් භාරව ඉන්නේ? නමුත් ඔහු ඇතුලත් වෙන්නේ පෞද්ගලික රෝහලට වැඩිදුර ප්‍රතිකාර සිංගප්පුරුවෙන් මොකක්ද මේ විහිළුව මේ වගේ අයගෙන් අපේ සෞඛය ක්ෂේත්‍රය හදන්න පුළුවන් කියලා බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?(හේ)
දැන් ඉතින් මෙච්චර ලොකු බිලක් කොහොම ඔය පඩියෙන් ගෙවන්නද.? (ර)
අපිටනම් ලංකාවේ දොස්තරලා , ලංකාවේ රජයේ රෝහල් හොදටම විවාසයි. (ර)
හැම මිනිහාගේම විවිධ දුර්වලකම් තිබිය හැකිය. එහෙත් රාජිත සේනාරත්න යනු වර්තමාන දේශපාලනයේ සුවිශේෂ භූමිකාවකි. හතුරෙකු වුවත් රෝගිවු විට සුවපත් වේවා කියන්න බැරිකම මිනිස්කම පිළිබඳ ප්‍රශ්නයකි. සියල්ල දේශපාලනය නොවේ. මේ චින්තනය කුමක්ද? (නි)
ඉක්මන් සුව පතමි.! (ර)
ඔබ තුමාට ඉක්මන් සුවය ලැබේවා.! (ර)
කියන්න වචන නැහැ (නි)
ඇයි මෙහෙ රෝහල් වලට මොකද වෙලා තියෙන්නේ? (නි)
තදබල අසනීපයක් නැතුව තිබියදීත් සිංගප්පූරු ගිහින් ප්‍රතිකාර ගන්නේ ලංකාවේ සෞඛ්‍ය ඇමතිට ලංකාවේ රෝහල් ගැන විශ්වාසයක් නැති හින්දද? (නි)
අපි බලමු මොකක්ද තත්ත්වය කියලා (නි)
කලක ඉඳලා තිබුන අසනීපයක් ඔය මම හිතන්නේ. කරපු කියපු දේවල් වල හැටියට. (නි)
බරපතල අසනීපයක් නැත්නම් මොන එහෙකට සිංගප්පූරුවට යනවද? (නි)
හොරු අල්ලන ක්‍රමය කියලා විනාඩි පහයි ගියේ. මාලුවා නහින්නෙත් කට හින්දලු. මන්තරයක් වගේ රටේ ජනතාව සෑම විනාඩියක් ගානෙම කරන මැතිරිල්ලේ විපාක. (නි)
ලංකාවෙ සෞඛ්‍ය සේවය ගැන සෞඛ්‍ය අමතිතුමාටවත් විශ්වාස නැද්ද? (නි)
සුනිල්, ඔබගේ අදහසට මමත් එකඟයි. රූපවාහිනී නාලිකාවකින් සඳහන් වුයේ සිංගප්පුරුවේ සිට වෛද්‍යවරුන් සමඟ පැමිණි විශේෂ ගුවන් යානයකින් රැගෙන ගිය බව. මේවාට වියදම් කරන්නේ කාගේ මුදලද? (නි)
අනේ පවු නේද?
සමහර අදහස් ගැන දුකයි (නි)
ඉක්මනින් සුවවෙන්න ඕනෑ (නි)
මොනවා වෙයිද මන්දා? (නි)
අපි ඉවසලා බලමුකෝ (නි)
අයියෝ සල්ලි! (නි)
එහෙනම් මොකටද සිංගප්පූරු ගෙනිච්චේ? ලංකාවේ සෞඛ්‍ය අංශය එච්චරටම සවුත්තුද? සාමාන්‍ය අසනීපයකටත් සෞඛ්‍ය ඇමති සිංගප්පූරුවේ. (නි)
මෙයාලට මොන දේ වුණත් සිංගප්පූර් අමෙරිකා යන්න පුළුවන්. එනිසා මෙයාලාට නිදහස් සෞඛ්‍ය ඕනෑ නැහැ. (නි)
මේ රට බුදුන් වැඩිය රට. ප්‍රවේශම් වෙන්න (නි)
අයියෝ සල්ලි! (නි)