අසනීපයක් හේතුවෙන් සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබන සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ සැප දුක් බැලීම සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(27) පෙරවරුවේ සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.
අද කටුනායක ගුවන්තොටුපළ ප්‍රභූ පර්යන්තයෙන් සිංගප්පූරුව බලා යාමට පැමිණි ජනපතිවරයා මීට සුළු මොහොතකට පෙර සාමාන්‍ය මගී ගුවන් යානයකින් එහි යාමට පිටත්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් මේ රෝහලේ ඉඳලා මිලියන 6ක් පුජාකරලා ඇමරිකාවට ආවේ (නි)
සිල්වා-බර්ලින්, මොන ගුවන් යානයටත් මුදල් ගෙවිය යුතු නිසා යහපාලන ක්‍රමයට නම් පිහිනාගෙන යාම තමා වඩාත් සුදුසු. (නි)
ලංකාවේ සෞඛ්‍ය ඇමැති බෙහෙත් ගන්නේ පිටරට ගිහින්. සෞඛ්‍ය ඇමැතිට ලංකාවේ බෙහෙත් සහ දොස්තරවරු විශ්වාස නැත්නම් අප ගැන කවර කතාද?මේවට මොකුත් කියලත් බැහැ. නොකියත් බැහැ (නි)
මොන පක්ෂයක වුණත් අසනීප වුණාම වැරදි කියන්න හොඳ නැහැ (නි)
සිල්වා-බර්ලින්, ඉස්සර ජනාධිපතිතුමා වෙනම යානයකින් සිය සංචාරයන් යන්නට ඇත්තේ, ආරක්ෂක හේතුන් මත වියහැකියි. ඔහු සාමාන්‍ය ගුවන් සේවයකින් ගියේ නම් ඔහුගේ මෙන්ම සෙසු මගීන්ගේද ආරක්ෂාව, ඇතැම්විට අනතුරේ වන්නටද පිළිවන. සරල බවටද ප්‍රමිතියක් තිබිය යුතුව ඇත. (නි)
දැන් මේ තියෙන්නේ යහපාලනය. ඉතින් ටිකක් වැඩියෙන් මහජන මුදල් ටිකක් වියදම් කළාට ඒක කරන්නේ යහපාලන විදියටනේ. අනෙක ඉතින් එතුමා ලොකු කාර්යභාරයක් කරනවනේ රට වෙනුවෙන්. (නි)
ඔබගේ ගමන සාර්ථක වේවා! (නි)
සිල්වා, මහින්ද ගියේ නිලධාරීන් ව්‍යාපාරිකයන් පුරවාගෙන නිල සංචාරවල. ගිය හැම රටකින්ම රටට ආධාර සහ ආයෝජන ලැබුනා. (නි)
පරණ කුණු නොසොයා ඉස්සර ආණ්ඩු රටට යමක් කළා වගේ මොනවාහරි ජනතාවට දැනෙන යමක් කළා නම් නේද හොඳ? (නි)
සැප දුක් අසා දැනගන්න ස්කයිප්, වයිබර් වගේ පහසුකම් තියෙද්දී ජනාධිපති කෙනෙක් මහජන මුදල් නිරපරාදේ වියදම් කිරීම යෝග්‍ය නැත. නිතරම ආදර්ශවත් වියයුතුයි නේද? බලාගෙන යනකොට ඔක්කොම එක වගෙයි. (නි)
මේ ගොල්ලෝ මේ දෙපැත්තට වෙලා දේශපාලන වාද කතා දානවා. ඊට කලින් හිතන්නකෝ ලංකාවේ රජයේ රෝහල් මෙච්චර තියෙද්දී සෞඛ්‍ය ඇමති බෙහෙත් ගන්න සිංගප්පුරු ගියේ ඇයි කියලා. තමන්ගේ අමාත්‍යංශයවත් හරියට දියුණු කර ගන්න බැරි කෙනෙක් නමට මොකටද? (නි)
ලංකාවේ ජනාධිපති සාමාන්‍ය මගී ගුවන්යානයක නැගලා සිංගප්පුරුවට ගිහින් රෝගිවෙලා ඉන්න තම ඇමති මණ්ඩල සාමාජිකයෙක් සහ මිත්‍රයෙක්ගේ දුක සැප බලලා එන එක වැරදිද? මහින්ද රාජපක්ෂ සහ පිරිවර විදේශ සංචාර සඳහා නාස්තිකළ ජාතික ධනය ගැන නොදන්නේ කවුද? (නි)
රට යන එකේ ඉවරයක් නැහැනේ. (නි)
ලොකු ගානක් ගියත් පොඩි ගානක් ගියත් යන්නේ මහජනතාවගේ සල්ලි. ලෙඩ්ඩු බලනවා වගේ පුද්ගලික ගමන් යනවා නම් අතින් සල්ලි දීලා ගියා නම් තමා යහපාලනේ වෙන්නේ. අනික මහින්ද කළා කියලා දැන් අයත් වැරදි කරනවා නම් ඒවා සාධාරණීකරනය කරන්න බැහැ (නි)
සිංගප්පුරුවට ගිහින් එන්න නම් රුපියල් 50000ක්වත් වැයවෙන්නෙත් නැහැනෙ (නි)
අපේ දේශපාලකයෝ හෙම්බිරිස්සාවටත් පිටරට යනවා වෙදකම් කරගන්න. මේක අපේ රටේ දොස්තරවරුන්ට කරන අපහාසයක්. (නි)
ජනාධිපතිතුමාට සිංගප්පුරු ගමනට මගේ දායකත්වය නොමසුරුව ලබාදෙමි. (නි)
දුරකථන ඇමතුම් දීලා දුකසැප දැනගන්නේ මොකටද පිටරට යන්න ලැබෙනවා නම්. (නි)
මහින්ද මහත්තයා අපේ උපදින පරම්පරා ගණනක් බිලියන ගණනකට ණය කරලා සොච්චමක් උපයන ආයෝජන තබා ගියා. සමහරුන්ට මේවා වැටහෙන්නේ නැහැ. ආයෝජනයට ගත් ණය තමා සියයට 70 ක් කොමිස් ගහලා සාක්කු වලට ගත්තේ (නි)
බොහොම හොඳයි (නි)
නොගිහිල්ලා කොහොමද? කෘතගුණ නොදන්නා හෙළයා කවුරුන්ද? පළමු විදෙස් නිල සංචාරය! යහපාලනය යෙහෙන් වැජඹේවා! (නි)
මෛත්‍රී මහතා තමන්ගේ සල්ලි වලින් තමා ගිහිල්ලා තියෙන්නේ. ඒකත් ඒ වෙලාවේ තිබුණ සාමාන්‍ය යානයකින්. අන්න යහපාලනය. ජයවේවා! හොරුත් අල්ලන්න. ඔබට ජය ! රාජිතට සුව පතමි. (නි)
දැන් මේ සල්ලි ගෙවන්නේ කව්ද? (නි)
ඉක්මණින් සුවපත් වී අපේ ජනපති සමඟම පැමිණීමට හැකිවේවා! (නි)
තමාගේ මුදලින් ගියා නම් තමයි යහපාලනයට හරියන්නේ (නි)
එතකොට මේකේ බරපැන දරන්නේ කව්ද? (නි)
අපෙත් පැතුම ඉක්මනින් සුවවේවා කියායි (නි)
මේ යන හැටියට එෆ් සී අයි ඩී කතාව ඔහොමම යටයයි වගේ (නි)
බලනකොට දෙගොල්ලොම එකයිනේ. කාගේ සල්ලි වලින්ද දන්නේ නැහැ මෙයාලගේ බිල ගෙවන්නේෙ? (නි)
ලෙඩෙක් බලන්න යන එක අපේ පරම්පරාවල අයගේ හොඳ දෙයක්. තෑගි බෝග එහෙම අරන් ගියාද දන්නේ නැහැ නේද? මෙච්චර දුරබැහැර ගෙවා අසනීපයෙන් ඉන්න කෙනෙක් බලන්න යනවා කියන එකෙන් එයාගේ තත්වයේ බරපතලකම හොඳින් තේරුම් ගිහින් තියෙනවා. (නි)
කාටත් අමතක වෙලා වාගේ මහින්දගේ කාලේ එයාගේ ඕනෑම ගමනක් යන්න ශ්‍රී ලංකා ගුවන් යානයක් ඔහු වෙනුවෙන්ම වෙන්වුණා කියා. මුළු යානයම පිරෙන්න හිතවතුන් පිරිවරා, ඉහළම හෝටල් වල නැවතී, කාලා බීලා, උදව්වට එන තානාපතිවරුන්ටත් ගුටි නෙලා, රටේ මහජන සල්ලි අපේ බදු මුදල් කාපු සැටි අමතකයි කොටසකට (නි)
කලින් ජනපතිතුමා මුදල් නාස්ති කළ නිසානේ වෙනසක් සිදුකළේ. ඉතින් යහපාලනෙත් ඒකමනේ කරන්නේ. (නි)
අඩු කරනවා කී කලින් ආණ්ඩුවේ වැරදි ඔක්කොම වගේ කිසිම අඩුපාඩුවක් නැතුව දිගටම කරගෙන යනවා. (නි)
කෝ ඉතින් යහපාලනය? (නි)
කමක් නැහැ. වියදම් වෙන්නේ, කරන්නේ මහජන මුදලනේ. නියම යහ පාලනය. කව්රුත් එකය. හිටපු ජනපතිගෙන් වැරදි සිදුවුවත් මේ රටේ සිටි මහා මිනිසා වත් විනාශ කළා.(බ)
එහෙනම් කිවුවේ දැන් සනීපයි, බයවෙන්න දෙයක් නැහැ කියලා. සනීප වුණා නම් ලංකාවට ආවාම බලන්න තිබුනනේ. සල්ලි වියදම් කරගෙන පිටරටකට ගිහිල්ලා සනීපවුණ අය බලන්නේ ඇයි? (නි)
කරදරයක් වුණාම මෙහෙම බලන්න යන්න ඕනෑ (නි)
මෙහි අදහස් දක්වා ඇති බොහෝ දෙනෙක් හරිහැටි අවබෝධයකින් තොරව අදහස් දක්වා ඇත. එතුමා ගොස් ඇත්තේ තමාගේ වියදමින් වන්නට ඇත. මේවා රටටත් රටේ අනාගතයටත් මහඟු ආදර්ශ වේ (නි)
බොහොම හොඳයි (නි)
සෞඛ්‍ය ඇමති ප්‍රතිකාර ගන්න රට යනවා. මහජනයාට අබ සරණයි! (නි)
මට තේරෙන්නෙත් නැහැ යාලුවෙක් බලන්න යන එකේ වැරැද්ද මොකක්ද කියලා. අපිත් යාලුවො ලෙඩවුණාම බලන්න යන්නෙ. ප්ලෙන් එකේ යනවා කියන්නෙත් බස් එකේ යනවා වගේ තමයිනෙ. අනික ගිහින් යාලුවා බැලුවා. අනිත් පැත්තට ප්ලේන් එකට නැග්ගා. කොහෙවත් නවතින්නෙ නැහැ. කන්නෙ බොන්නෙ නැහැ. අනික සිංගප්පුරුව කියන්නෙත් ලංකාව වගේම තමයි. (නි)
සෞඛ්‍ය ඇමති ප්‍රතිකාර ගන්නෙත් සිංගප්පුරුවෙන්. රාජිතගේ බිල කීයද සහ නෑදෑයින්ගේ ගමන් ගාස්තු හා ෂොපින් වියදම්? ඒ මදිවට ජනපතිත් යනවා. රටේ ප්‍රශ්න ඔක්කොම වගේ දැන් විසඳිලා නිසා අගමැතිතුමාත් නොගියොත් හොඳ නැහැ නේද? (නි)
උදවු කරපු අය බලන්න ගිය එකනම් හොදයි. හුගක් අමාරු ඇති එ්කයි. (බ)
සිල්වා බර්ලින්, ඉස්සර කතා එපා. දැන් වෙන්නේ මොනවද බලන්න (නි)
එයාගේ ඒ නාස්තිකාර වියදම් ඔක්කොම නැතිවෙලා දැන් අවුරුද්දකට වඩා වැඩීනේ. දැන් මිසාබ් හොඳට සැප විඳිනවා ඇති නේද? බජට් එකෙනුත් බඩු ලාබ කරලා දුන්නනේ. ඉක්ටා එක ආවහම මිසාබ්ට තිබෙන්නේ පැත්තකට වෙලා බලාගෙන ඉන්න. සැප මාරයි නේද? (නි)
එතුමාගෙ ගමන් බිමන් එතුමාට අවශ්‍ය හැටියට යයි. ඇයි අපි කලබල වෙන්නේ? (නි)
පෞද්ගලික ලේකම් තුමා කිව්වේ පොඩි වෛද්‍ය පරීක්ෂණයකට ගියා කියල. තාම පරීක්ෂණ වාර්තාව ලැබිලා නැහැ වගේ. (බ)
ඉස්සර මහින්ද ජනාධිපති රටගියේ ශ්‍රී ලන්කන් ගුවන්යානයක් සම්පුර්ණයෙන්ම වෙන් කරගෙන තමාගේ අතවැසියන් සහ නෑ හිතමිතුරන් සියල්ල ඇතුළු හත්මුතු පරම්පරාවම එකේ පටවාගෙන , ඔවුන්ගේ හෝටල් බිල් , සහ වෙනත් වියදම් සහ ගුවන් යානයට වියදම් දරනු ලැබුවේ රටේ බදු ගෙවන ජනතාව , දැන් මේ මනුස්සය සාමාන්‍ය මගී ගුවන් යානයකින් පිට රට ගියත් සමහරු අහනවා කවුද බිල ගෙවන්නේ කියල ? (බ)
සිංගප්පූරුවට යන්න මහ ලොකු ගානක් යන්නෙ නෑ. රු. 30,000 ක් විතර යන්නෙ. ඕනෙ කෙනෙකුට යන්න පුලුවන්. සාමාන්‍ය ජනතාව හොඳට ඉගෙන ගෙන හොඳ රස්සාවක් කළානම් මොකටද කෑ ගහන්නෙ. තමන්ට වැඩ බැරි වුනාට අනිත් අයට බැන බැන ඉන්න එපා. තමන් හොඳට ඉගෙන ගත්තොත් හොඳ රස්සාවක් නිකම්ම හම්බවෙනවා. ඊට පස්සේ සල්ලි ඉතුරු කරගෙන සිංගප්පූරු නෙමේ ඇමරිකාවට වුනත් ගියහැකි. අපේ රටේ මිනිස්සුන්ගෙ තියෙන එකම ප්‍රශ්නෙ ඕක තමයි. හොඳට ඉගෙන ගන්නෙ නැතුව, හොඳ රස්සාවක් නැති වුනහම අනුන්ගෙ වැරදි හොය හොය කෑ ගගහ ඉන්නවා. (බ)
වර්තමාන සෞඛ්‍ය ඇමති සිංගප්පූරු යනවා බෙහෙත් ගන්න. හිටපු සෞඛ්‍ය ඇමති යනවා බලන්න. මෙයාලට ලැජ්ජා නැහැනේ. ලංකාවේ ඉස්පිරිතාල ටික හදන්න තමා සල්ලි නැත්තේ. මහජන සල්ලි වලින් මෙයාලා හොඳට විනෝද වෙනවා. (නි)
සාමාන්‍ය යානයෙන් ගියත් ගියේ අසාමාන්‍ය ගමනක් . රාජිත ජනපතිගේ අප්පා මුත්තද (බ)
ලෙඩෙක් බලන්නනේ ගියේ. ගිහින් එන්න වැඩිම වුනොත් ලක්ෂ 5ක් යයි. ගියා ආවා. ඕක මොකක්ද. (බ)
සිල්වා මහත්මයා. මහින්ද ලෙඩ්ඩු බලන්න පරම්පරාවම පටවාගෙන ගියේ කවද්ද?නොදන්නා කෙහෙල්මල් වලට ඇත දාල පුච්ච ගන්න එපා. පෞද්ගලික කෝන්තර පිරිමහ ගන්න මේ කාලේ සද්ද නැතුව ඉන්න. (බ)
රජයේ සල්ලි කන්න එපා (බ)
සිල්වා බර්ලින් ඔයාගේ කතාව ඇත්ත.(බ)
ලංකාවේ සිංහල ජාතියත් , බුද්ධ ශාසනයත් රකින්න දෙවිවරු වගේම යක්ෂයොත් කැප වෙලා ඉන්නවා. මේක පවා දෙන්න හදන හැම කෙනාම ඒක දැන ගත්තොත් හොදයි. (බ)
එහෙම තමයි හොඳ යාළුවෝ (නි)
අනවශ්‍ය ගමනක්නේ. ඇමතුමක් දීලා කතා කරන්න තිබුනනේ (නි)
ඇයි අපි කලබල වෙන්නේ කියලා අහන්නේ, ටිකිරි, ඒ අපේ සල්ලි (නි)
කවුද ඊළඟ? (බ)
බලන්න මොනතරම් සරල මනුස්සයෙක්ද කියලා සාමාන්‍ය මගී ගුවන් යානයකින් යන්න තරම් (නි)
මේවට බිල ගෙවන්නේ කව්ද දන්නේ නෑ නේද?මන් දන්නේ නැති නිසා ඇහුවේ (බ)
"මැදමූලන මහින්ද රාජපක්ෂ ඔහුගේ සුපිරි භාවිතාව සඳහා ඩොලර් මිලියන 4 ක් හෙවත් රුපියල් කෝටි 58 ක් පමණ වටිනා සුපිරි ඇඳක්, සුපිරි නාන කාමර කට්ටලයක් ඇතුළු සුපිරි අංගෝපාංග රැසක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානයකට සවි කිරීමට ඇනවුම් කර තිබූ බවත් වත්මන් මෛත්‍රීපාල සිරිසේන මහතා එය අවලංගු කළද ගිවිසුම් අනුව ලංකාවට එම මුදල ගෙවීමට සිදුව ඇතැයි සමාජසේවා සුභසාධන නියෝජ්‍ය අමාත්‍ය ගරු රංජන් රාමනායක මහතා අද හෙලි කෙළේය".මේ ගැන මොනවද කියන්නේ? (බ)
හිටපු සෞඛ්‍ය ඇමති සමාව ගතයුතුමයි, දේශපාලනය කර කර හිටියා මිසක් බයිපාස් එකක්වත් කරගන්න සුදුසු එකම රෝහලක්වත් ලංකාවේ හැදුවේ නැති එකට (නි)
අනේ කොහොම හරි හොඳ කරවලා එක්කගෙන එන්න, රට ආරක්ෂා කරන මුර දේවතාවෙක් වගේ එතුමා..(බ)
මේ බර්ලින් සිල්වා , මේ රටේ මිනිස්සු මහින්දව ගෙදර යැව්වේ ඔය කියන දේවල් නිසානේ . මේ ගොල්ලෝ ආවේ මහින්දගේ වැරදි විකුණලා හංසයෝ වගේ වැඩ කරන්න පොරොන්දු වෙලානේ. මොකේ ගියත් සල්ලි ගෙවල යන එකයි ඇත්තේ (බ)
සිල්වා, මොන ගුවන් යානයෙන් ගියත් යන්නේ අපේ මුදලින්තමයි. මහින්ද ගියේ ලෙඩ්ඩු බලන්ඩ නෙවෙයි . ගියේ සමුළු වලට. කව්රු කළත් වැරැද්ද වැරැද්දමයි. දෙන්නම වැරදි. හැබැයි රාජිත මහත්තයානම් නටන නාඩගම අපිට තේරෙනවා දැන්. කාට වුනත් බොරු කරන්ඩ පුළුවන් ටික කලයි. මටනම් දැන් හිතෙන්නේ තිබිච්ච අාන්ඩුවයි දැන් අාන්ඩුවයි දෙගොල්ලොම වැරදි. එ්ත් දැන් ආණ්ඩුව කලින් ආණ්ඩුව තරම්වත් වැඩක් කරන්නෙත් නැහැ. වැඩක් වෙනෙත් නැහැ. (බ)
සිල්වා - බර්ලින් ඉස්සර වැඩ වැරදි හින්දනේ අලුත් අයව පත් කළේ ආයේ ඒ වැරදි කරනේ නෑ කියල තමයි මේගොල්ල අාවේ (බ)
සෞඛ්‍ය ඇමැතිටත් ලංකාවේ සෞඛ්‍ය සේවය ගැන විශ්වාසයක් නැතිද (බ)
රාජිතය කරපු හොරකමේ හොයන්නේ නැද්ද ..... සමාවෙන්න ජාතිවාදේ අැවිස්සෙයි නේ (බ)
මෙයාල පැරදුනාම මොනවා වෙයිද (බ)
සමරහර කුහක මිනිසුන්ගේ අදහස් කියෙවුවහම, හරියට කළකිරෙනවා. මෙවැනි කුහක මිනිසුන් අතරේ යළි නොඉපදේවා! (නි)
එකට ආප්ප කාපු අයනේ.බලන්න යන්නම වෙනවා.(බ)
අපි බලා ඉඳිමු (නි)
ඉක්මනින් ගිහින් එන්න (නි)
මේක බොහොම සුළු දෙයක්. මමත් අවුරුදු 2 කට වතාවක් සිංගප්පූරු යනවා. (නි)
බර්ලින් සිල්වා හා සම්පත් හිමංසාගේ අදහස් හරියට හරි. අවුරුදු 20 කට වැඩිය ඇමතිවරයෙක්ව සිටි ජනාධිපතිතුමාට සිංගපුරු යන්න රජයේ මුදල් අවශ්‍ය නැහැ (නි)
ඉක්මන් සුව ලැබී නැවත අපිට සේවය කරන්න පැමිණේවා! (නි)
මේ කට්ටිය ඔක්කොම දන්නවා වගේ සල්ලි ආණ්ඩුවෙන් ගෙවලා ජනපතිට ටිකට් එක්කක් අරන්දීලා කියලා. නොදන්නා දේවල් කතා නොකර, අගමැතිගෙන් අහන්න කවුද ටිකට් එකට සල්ලි දුන්නේ කියලා (නි)
එතකොට ඡන්දෙට කලින් ගියේ කාගේ සල්ලි වලින්ද? (නි)
යහපාලන ආණ්ඩුවේ කාලය වැයකරන ප්‍රමුඛ ප්‍රශ්න මේවා තමයි (නි)
ඉතින් සිංගප්පූරුවට බස් එකෙන් යන්න බැහැනෙ. ලෙඩෙක් බලන්න යන එක අලුත් දෙයක් නෙමෙයි. බර්ලින් සිල්වා කියපු දෙය සහතික ඇත්ත (නි)
මම හිතන්නේ පොළොන්නරුවේ කුඹුරු වල අදායමෙන් වෙන්න ඇති ඕකට වියදම් කරන්නේ (නි)
ශ්‍රී ලංකා සෞඛ්‍ය ඇමතිතුමා ප්‍රතිකාර ගන්න විදේශගත වුණා. අපේ සෞඛ්‍ය සේවය දුප්පත් අපිට. ස්තුතියි. (නි)
අපි ටවුමේ ඩිස්පැන්සරියට යනවා වගේ මේගොල්ලෝ සිංගප්පුරු යන්නේ. (නි)
රටට මහා සේවයක් කරපු සහ කරන කෙනෙක් සඳහාද මේ දේවල් කරන්නේ? (නි)
මහජනතාට පෙන්වන සිහිනය! (නි)
අනේ අපේ සල්ලි! (නි)
ලොකුම ප්‍රශ්නේ රටේ සෞඛ්‍ය ඇමති බෙහෙත් ගන්ඩ පිටරට යන එක. ඒක අනුමත කරමින් ජනාධිපති ඔහුව බලන්න යන එකත් ලොකු වැරද්දක්. ඔය සියලු මුදල් ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කරන්ඩ යොදවන්න තිබ්බා. (බ)
අමිත් හරියටම හරි (බ)
බලාගෙන ගියාම දෙගොල්ලම එකයි. මේ ගොල්ලන්ට ඡන්දය දෙන අපි තමයි මෝඩයෝ (බ)
මගෙ දරුවාට සිංගප්පූරුවෙන් බෙහෙතක් ගෙන්නා ගන්න මම දැන් මාස කීපයක සිට දරන උත්සහය මට මෙහිදී මතක්වෙලා දුක හිතෙනවා (නි)
ජනපති කොහේ ගියාම මොකද? අනෙක් අයට ඇයි මෙච්චර අමාරුවක්? (නි)
ඉක්මනින් සුවපත් වේවා! (නි)
මමනම් ස්කයිප් කියල දෙයක් ගැන අහල තියෙනවා. පිටරට ඉන්න තමාගේ හිතවතුන්ට ගෙදෙර හිටිය වගේ කතා කරන්න පුළුවන්ලු. (බ)
පව් ගෙවන හැටි බලාගෙනත් එක්ක ගිය එක හොඳයි ඒවා දැකලවත් හැදුණොත් ලොකු දෙයක් (බ)
ජනාධිපතිතුමා ගියේ සාමාන්‍ය ගුවන් යානයකියන් වුණත් රාජිත ඇමතිතුමා ගිය විශේෂ ගුවන් ගිලන් රථයකින්. (නි)
සිල්වා, මහින්ද එහෙම ගියේ ආරක්ෂක උපදෙස් පිට තර්ජන නිසා. (නි)
සිල්වා, මහින්ද ඕවා කළේ අවුරුදු 10 කට පස්සේ. යුද්ධය ඉවර කරලා. මේගොල්ලෝ බැලුවොත් රට. (නි)
සිල්වා - බර්ලින්, බිල් ගෙවන්න හරි රටක් ඉතුරු කළේ කවුද? (නි)
මෙතන අදහස් ලියන අය නම් පුදුමම පුදුම මිනිස්සු කොටසක්. එක් කෙනෙකුටවත් මතක නැහැ මහින්ද මහත්තයා රට යනකොට ගියේ කොහොමද කියලා. ඇමෙරිකාවට ගමක්ම අරගෙන ගිය හැටි මතක නැද්ද? එයාගේ ඒ නාස්තිකාර වියදම් නිසා තමයි අපිට තවමත් දුක් විඳින්න වෙලා තියෙන්නේ. (නි)
සෞඛ්‍ය ඇමති සාමාන්‍ය ලෙඩකට සිංගප්පූරුවේ රෝහලක? (නි)
නියමයිනේ! (නි)
කවුරු කොහොම කිවුවත් රාජිත මහත්තයා හොඳ කෙනෙක්. (නි)
මේකේ අදහස් දැක්කහම පෙනෙනවා එක එක්කෙනාට කඩේ යන අය වැඩියි කියලා. දැන් කවුද දන්නේ ජනපති ගියේ එතුමාගේ පුද්ගලික වියදමෙන්ද නැද්ද කියලා (නි)
සාමාන්‍ය ගුවන් යානානේ ඉතින් කොහොමත් තියන්නේ. (නි)
අනේ පවු අපේ ඇමතිතුමා (නි)
ධීවර ඇමති කාලේ චෝදනා ගැන පරීක්ෂණ දැන් අනවශ්‍යද? (නි)
මහින්ද කොහෙද ලෙඩ්ඩු බලන්න රට ගියේ? මහින්ද ගියේ රාජතාන්ත්‍රික ගමන්. තාමත් ඉවරයක් නැද්ද ඒ මනුස්සයට කරන බැනිල්ල? (නි)
මහින්ද රාජපක්ෂ මෙහෙම ගමනක් ගියා නම් යන්නේ ශ්‍රී ලන්කන් ගුවන් යානයක් වෙනම අරගෙන ඒක පිරෙන්න කට්ටිය අරගෙන. එතකොට පාඩුවක් නැහැ. රෝගියාත් සන්තෝෂයි ගොඩාක් කට්ටිය එයාව බලන්න ආවට (නි)
වැඩි අමාරුවකුත් නැති සාමාන්‍ය පරීක්ෂණයක් කියලයි කිව්වේ නම්. සිංගප්පුරුත් යවලා රටේ ජනාධිපති කෙනෙකුත් ගිහිල්ලා සුවදුක් බලන්න. එතරම් දෙයක් සිද්ධවෙලාද? (නි)
මිසාබ්, මහින්ද මහත්තයාගේ නාස්තිකාර වියදම් නිසාද තාම දුක් විඳින්නේ? පව් නේද? සැප විඳින්න ලබාගත් වෙනස සැප නැද්ද? අමතක කරන්න එපා නාස්තිකාර වියදම් තිබුනා වගේම පරිස්සමින් ගන්න පුළුවන් අනාගතයට ආදායම් ඇති ආයෝජනත් ඇතිකරලා ගිය වග. (නි)
අපි කොහොමද දන්නේ එතුමාගේ පුද්ගලික සල්ලි වලින් ගියාද කියලා. අනික සිංගප්පුරු යන්න කෝටි ගණන් ඕනෑද. (නි)
සිල්වා,මොහොමඩ්, කලින් වැරදි නිසා වෙනසකට ඡන්දෙ දුන්නේ. දැන් ලෝකය වටේ යනවා. කාගේ මුදල්ද? (නි)
බර්ලින් සිල්වාගේ කතාව ඇත්ත. (නි)
ඉක්මන් සුව පතනවා. (නි)
සිල්වා බර්ලින් නම් බර කරට අරගෙනම කඩේ යනවා වගෙයි (නි)
මම මේ කල්පනා කරන්නේ දැන් ඡන්දදායකයා මඩු වලිගයෙන් තලන්න ඕනෑ කාටද කියලයි. (නි)
කාටවත් මතක නැහැ මහින්ද නැත්නම් මෙතන අදහස් දාලා තියෙන කීදෙනෙකුට අදහස් දාන්න ජීවත්වෙලා ඉන්න පුළුවන් වෙයිද කියන එක (නි)
අප්පුහාමි දන්නා හරිය.... ජනාධිපතිතුමාටත්, යන ගමන් බිමන් සඳහා වෙන වියදම් ගැනත්, එතුමා කරන රාජ්‍යතාන්ත්‍රික සංග්‍රහ වලටත් එක එක දේ සඳහා යන මුදල් ප්‍රතිපාදන වෙන් කරලා ඇති. (නි)
මේ කාගේ සල්ලිද? (නි)
කව්ද මේ සම්පත් හිමංස කියන්නේ. කාටහරි කියලා දෙන්න පුලුවන්ද එයා කියන්නේ මොකක්ද කියලා. (නි)
මහජන සල්ලි නෙමෙයිද මේවට යන්නේ? (නි)
මෙන්න බොලේ යහපාලනය වැඩ අරඹුලා දැන් (නි)