නහර දෙකක තිබූ අවහිරතාව සැත්කමකින් ඉවත් කිරීමෙන් පසු සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව පවුලේ ආරංචි කියයි.
ඒ මහතා බැලීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා රජයේ විශේෂ නියෝජියකු ලෙස සහභාගී වූ අතර මෛත්‍රීපාල සිරිසේන ජනපතිද සිංගප්පූරුවට ගියේය.
කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්ව සිටි සේනාරත්න මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා පසුගිය සතියේ විදේශ ගත විය.
ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්නගේ උපන්දිනය සැමරුවේ ද එම රෝහලේදීම ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංගපුරු ගියේ උපන්දිනේටද?අසනීපෙටද? (අ)
රාජපක්ෂ ආණ්ඩුව විවේචනය කරපු මේ අය නටන නාඩගම කාටත් පාඩමක් වේවා
යපලනෙට සිංගපුරු ගෙවන වාට්ටු , රට බෙරගත් රණවිරුවන්ට බන්ධනාගාර වාට්ටු .(අ)
කෙනෙක් ට ලෙඩක් දුකක් වුනහම ඉස්සරනම් අනේ අපොයි කියනවා.. මෙතන කොම්මෙන්ට් දැක්කහම හිතෙනවා මිනිස්කම කොහෙද තියෙන්නේ කියල .. කතාව නම් අපි සිංහල බෞද්ධ රටේ ඉන්නේ... අවුරුදු 2500 ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන රටක් කියනවා.. (බ)
තව පොල් ගහමු. ඉතුරු ටිකටත් සිංගප්පුරු යන්න.(බ)
පොල්වල බලේ තියෙනවා දැන් කට්ටිය බය වෙලා පෝලිමේ යාවි සිංගප්පුරු (අ)
මේ වියදම් කරන්නේ තම පුද්ගලික බුදලයද, නැත්නම් මහජන මුදල්ද? මේ එදා හිටපු වීරෝධාර යුද සෙනෙවියාමද? (නි)
පුතාගේ උපන්දින සැමරුම? අනේ මගේ කට! (නි)
අපිට උත්තර දෙන්න බැහැ මේවාට (නි)
ඉක්මන් සුව පතමු! (නි)
වී ගොවීන්ට, සුළු තේ වතු හිමියන්ට වහබොන්න වෙලා තියෙත්දී සමහරු මහජන මුදල් වලින් පිස්සු නටනවා (නි)
ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට. කාලය සහ බලය මැවූ වෙනසක අරුමය (නි)