සෞඛ්ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ඇතුළු කරනු ලැබූ බව ඔහුගේ සමීපතමයෝ පවසති.
අද සවස ඔහු විශේෂ පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිතය.
එම පරීක්ෂණයෙන් පසු ඔහුට වැඩිදුර ප්‍රතිකාර කරනවාද යන්න තීරණය කරනු ඇතැයි දැගන්නට තිබේ.
සේනාරත්න මහතාගේ මාධ්‍ය ලේකම් නිපුන් ඒකනායක මහතා පැවසුවේ ඇමැතිවරයාගේ තත්ත්වය අසාධ්‍ය බවට පැතිර යන කතාවල කිසිදු සත්‍යතාවක් නැති බවයි.
ඇමැතිවරයා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් කිසිදු ගැටළුවක් නැතිව සිටින බව ද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇසල දෙසපලකයන් ඉදිරියේ නැමෙන්න වෙලා තිබෙන්නේ අපේ ඡන්දදායකයාගේ වරදින්මයි. නුසුදුසු පුද්ගලයන්ට ඡන්දය දී බලයට පත්කිරීම නිසා තමයි නැමෙන්න වෙන්නේ. (ර)
සෞඛ්ය ඇමති ලංකාවේ බෙහෙත් නොගෙන පිටරට යන්න හේතුවක් තියෙනවා. ලංකාවේ දොස්තරලාට බයේ. ඊයේ රෑ මගේ යාලුවෙක්ගේ අම්මව කොළඹ ජාතික රෝහලට ගෙනියලා ලේ වමනය යන නිසා එතන දොස්තර කෙනෙක් කිසි හේතුවක් නැතුව මහා සයිස් දාලා අන්තිමට එයා අම්මාව ආසිරි ගෙනිහින් එතනදී තමයි හරි බෙහෙතක් දීලා තියෙන්නේ. කියලා තියෙන්නේ ඇඳුමෙන් උගත් පාට වුණට නුගත් විදිහ නේද පෙන්නන්න හදන්නේ කියලා. ඒ කතාව කියපු දොස්තර නෙමෙයි ලෙඩාගේ ෆයිල් බලලා තියෙන්නෙත්. අහකින් ඇවිත් පැනපු එකෙක්. ඉතින් සෞඛ්‍ය ඇමැතිත් බය ඇති ලංකාවේ ආණ්ඩුවේ ඉස්පිරිතාලේ යන්න. (අ)
සතුටුදායක ආරංචියක් අහන්න ලැබේවා.! (ර)
රටේ සාමාන්‍ය මිනිස්සු උදේ සිට හවස් වෙනතුරු පෝලිම් වල ඉඳලා, නොම්මර අරගෙන, බඩට කෑමක් නැතුව වතුර බෝතලේ කිහිල්ලෙ ගහගෙන ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ බංකුව උඩ දුක් විඳිනවා, ලෙඩට දුකට බෙහෙත් ගන්න. ඒ හිටියත් "අර පෙත්ත තියෙනවා මේ පෙත්ත පිටින් ගන්න. මේ බෙහෙත නම් දැන් එන්නෙ නෑ, වෙන එකක් ලියාගෙන එන්න" කියලා දවසකට ලෙඩ්ඩු කී දෙනෙකුට කියනවද?" එහෙව් රටේ මේ තරම් දුක් කන්දරාවක් විඳගෙන ජීවිතේ ගැටගහගන්න මහජනයාගෙම කතිරෙන් සෞඛ‍්‍ය ඇමති වුණ කෙනා ලෙඩට බෙහෙත් ගන්න සිංගප්පූරු යනවා. (නි)
අනේ මන්දා, මොනවද වෙන්නේ? (නි)
කේන්දරය බැලුවොත් නරකද? (නි)
මම හිතන්නේ මේ දවස් වල සමහරුන්ට අපලයි වගේ (නි)
කිසිදු ගැටළුවක් නැතුව හොඳ සෞඛ්‍ය තත්වයෙන් සිටිනවා නම් මොකටද සිංගප්පූරු ගියේ? (නි)
ඔබට ඉක්මන් සුවය ලැබේවා! ඔබට දෙවියන්ගේ පිහිටයි. (නි)
සෞඛ්ය ඇමතිතුමා ලෙඩවුණාම සිංගප්පුරුවට යන්නේ ලංකාවේ ඉස්පිරිතාල හොඳ මදි හින්දද? (නි)
රටේ සෞඛ්‍ය ඇමති සාමාන්‍ය පරීක්ෂණ වලටත් පිරිවර සමඟ පිටරට සුපිරි රෝහලවලට. රටේ සාමාන්‍ය ජනයාට? යන්න කලිනුත් රටේ සෞඛ්‍ය සේවය ගැන පම්පෝරිය. ඇයි රටේ සාමාන්‍ය ජනයාට තිබෙන රජයේ රෝහලකින් සෞඛ්‍ය ඇමතිට ප්‍රතිකාර ගන්න බැරි? කොහෙන්ද මේවට සල්ලි? පිරිවර සමඟ යන්නේ ඇමති පඩියෙන්ද? මෙවන් ඇමතියන් වෙනුවෙන් රටේ ජනය දෙපිල බෙදිලා මරාගන්නවා. ඇමතිලා සැප විඳිනවා ජනයාගේ වියදමෙන් (නි)
සතුරාටත් මෛත්‍රී කරන්න කියා දුන් ලොවුතුරු බුදුන්ගේ දර්ශනයේ ගමන් කරන බෞද්ධයන්ගේ හිත දේශපාලනිකරන වීම නිසා පිරිහෙන සමාජය අනාගතයේදී දරුවන්ට පිරිනමන්න සුදානම් වන අපි සදාචාරය ගැන කතා කිරීම විහිළුවකි. බෞද්ධ සංස්කෘතියත් සමග බැදුණු මෙරට පවතින සෑම ආගමක්ම ජාතියක්ම එක්ව ගොඩ නැගුන සදාචාරාත්මක සමාජයේ හැදී වැඩුණු මිනිසුන් තව එකෙකුගේ විනාශය බලාපොරොත්තුවෙන් සිටීමට තරම් පහතට වැටුනේ මෙරට පාලකයන්ගේ වරදින් නොව පිල් බෙදී සිටින මිනිසුන්ගේ වරදිනි. (ර)
දැන් සියළු දේ අනිත්‍යයි කියලා සිතෙනවා ඇති (නි)
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි...! (නි)
හොඳ සෞඛ්‍ය තත්වයෙන් ගැටළුවක් නැතිව ඉන්නවා නම් මොකටද සිංගප්පූරු ගෙනිච්චේ? (නි)
හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඇයි මවුන්එළිසබෙත් රෝහලට ගියේ? (නි)
රජකම් කළත් කළකම් පලදේ (නි)
ඔබට ඉක්මන් සුවය ලැබේවා! (නි)
අසාධ්‍ය නැතිනම් මවුන් එළිසබෙත් ගෙනියන්නේ නැතුව මෙහේ රෝහලකට ඇතුළු කරන්න තිබුණානේ! (නි)
බලමු මොකද වෙන්නේ කියලා (නි)
දැන් කට්ටිය එනවා ඇති බලන්න පෝළිමට (නි)
මේවට යන වියදම් දරන්නේ කවුද? මහජන මුදල් නම් හරි අසාධාරනයි. (නි)
විශේෂ යානයකින් සිංගප්පුරුවට ගියේ මහජනතාවගේ සල්ලි වලට ගහන්නද එහෙනම්? (නි)
සුළු අසනීපයකට මොකටද සිංගප්පුරු ගියේ? ඇයි ලංකාවේ බෙහෙත් නැද්ද සුළු අසනීප වලට? ඒ කියන්නේ සෞඛ්‍ය ඇමතිතුමාට ෂුවර් නැහැ ලංකාවේ රෝහල් හා ප්‍රතිකාර ගැන. හතුරෙක් වුණත් ලෙඩ වුණ කෙනෙකුට වෛර කරන එක සිංහල අපේ ගතිය නොවේ. (නි)
ලංකාවේ සෞඛ්‍ය ඇමති ප්‍රතිකාර ගන්නේ සිංගප්පුරුවේ? ලංකාවේ සෞඛ්‍ය සේවය එතරම්ම සවුත්තුද? (නි)
ලංකාවේ සෞඛ්‍ය ඇමැති සිංගප්පූරුවේ මවුන්එළිසබෙත් රෝහලට ඇතුළු කරනු ලැබූ බව යන බවෙන් පෙනෙන්නේ, ලංකාවේ රෝහල් ගැන ලංකාවේ සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතාගේ විශ්වාසයන් නැති බැව් නේද? මම හරිද? (නි)
මෙම කරුණු වලින් තේරුම් යන්නේ හොඳ සෞඛ්‍ය තත්වයෙන් සිටින ඇමතිවරයා රෝහල්ගත කර සිටින බව නොවේද? (නි)
හොඳයි අපි බලමුකෝ (නි)
මේ දේශපාලකයෝ පිටරට රෝහල් වලට සුළුදේටත් දුවන එක නවත්තන්න වෙනවා (නි)
මෙතන කවුද ඇත්ත කියන්නේ? "'හොඳ සෞඛ්‍ය තත්වයෙන් කිසිදු ගැටළුවක් නැතිව සිටින" කෙනෙකුට අතිවිශාල මුදලක් වියදම් කරලා ප්‍රතිකාර සඳහා පිටරටකට ගෙනයන්නේ ඇයි? මේක හැදුන ලෙඩක්ද? එහෙම නැත්නම් වැටුන ලෙඩක්ද? (නි)
මෙසේ වන්නේ මෙයාලගේ ආහාර ගැනීමේ හෝ ශරීරයේ වෙනත් දුර්වලකමක්ද, නොඑසේ නම් තම හැසිරීම නිසා ලේ කෝප වී සිදුවෙනවාද හෝ ජනතාවගේ ලේ කෝපවීම මොවුන්ට බලපානවද සොයාබැලීම සැමට යහපත්ය. (නි)
දේශපාලකයිනි, කරුණාකර මේවායේ වියදම් ලැජ්ජාවකින් තොරව ඉස්පිරිතාලවල බිම වැටී ඉන්න අම්මලා තාත්තලගේ, බස්වල දරුවන් ඔපරේෂන් කරන්න සල්ලි එකතු කරන මිනිසුන්ගේ සහ අවුරුදු ගණන් රජයේ රෝහල් වල ඔපරේෂන් ලිස්ට් වල ඉන්න අහිංසක මිනිසුන්ගේ දුප්පත් සාක්කු වලින් ගත් බදු වලින් නම් ගෙවන්න එපා. කවදා හෝ නුඹලාට නැවත ඒවා ගෙවන්න වෙයි. (නි)
මෙතුමාගේ ශරීරයේ කොතනද ආබාධය තිබෙන්නේ? (නි)
බලමුකෝ ඉස්සරහට! (නි)
කරන කලට පවු මීරිය මීසේ, විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ !(නි)
දහස් ගණන් අහිංසක දුප්පත් රෝගීන් සුළු ශල්‍යකර්මයක් කරගන්න පවා අවුරුදු ගණන් පොරොත්තු ලේඛනයේ. දිනය ළංවෙනකොට බාගයක් මැරිලා ඒ රෝගයෙන්ම. ඒ දුප්පත් ජනතාවගේ ඡන්දෙන් පත්වුණ දේශපාලුවෝ රටම වනසනවා. මේ ක්‍රමය නවත්වන්න පුළුවන් වෙන්නේ කවදාද. ඡන්දෙට පෙර දෙකට නැමිලා වැඳගෙන විත් කතිරේ ගහලා මට රස්සාව දෙන්න කියලා ඉල්ලලා රස්සාව දුන්නහම අපි දෙකට නැමෙනවා ඔවුන්ට කන්න ටික හොයාගන්න තැන ඉඳලා හැමදෙයකටම. (නි)
සෞඛ්ය ඇමති සිංගප්පුරු යැව්වේ ලංකාවේ ඉස්පිරිතාල විශ්වාස නැති නිසානේ (නි)
හොඳින් සනීපවෙලා එන්න.. (නි)
අපේ රටේ රජයේ රෝහල් ඔය කියන සිංගප්පූරුවේ මවුන්එළිසබෙත් රෝහල වගේ දියුණු කරන්න බලපෑමක් කළොත් නරකද? (නි)
අපිට සියළු විස්තර දන්වන්න (නි)